මැණික් කියන්නෙ ආදරේට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2018-04-09-ent-59

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට කාන්තා රංගන ශිල්පීන්ගේ පමණක් රංගනයෙන් දායක වූ චිත‍්‍රපටයක් මේ දිනවල තිරගත කෙරෙනවා. කල්‍යාණ චන්ද්‍රසේකරගේ තිර පිටපත හා අධ්‍යක්‍ෂණයට ඒ පාරිස්ට සහ තරංග අතුරලිය නිෂ්පාදනය කළ ‘‘සේයා’ එම චිත‍්‍රපටයයි. ප‍්‍රවීණ රංගවේදිනියන් වන මානෙල් වානගුරු, දිල්හානි අශෝකමාලා, දීපානි සිල්වා, විශාඛා සිරිවර්ධන, මානෙල් චන්ද්‍රලතා ඇතුළු අලූත් පරපුරේ ශිල්පිනියන් සහ ජනප‍්‍රිය ශිල්පිනියන් වන ගයාත‍්‍රි ඩයස්, උදාරි පෙරේරා, සෙනිති අකිලා, නිරෝෂා මෛත‍්‍රි මැණික් විජේවර්ධන, තුෂාරි වේහැල්ල හෙලන් රෙනෝල්ඩා, ඉසුරි කාංචනා එලෙසින් රංගනයෙන් දායක වු පිරිසයි. ඒ අතරින් ‘මැණික්’ විජේවර්ධන දෙරණ කලා ගමේ අවුරුදු උත්සවයට සහභාගි වෙමින් සිටියදී සඳැල්ල කතාබහකට එක්වුණේ මේ විදියටයි.

 

මැණික් නම වගේම හරි ගණන්ලූ නේද?2018-04-09-ent-60

මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

 

ඒ වුණාට ඔයාගේ සැබෑ නම මැණික් නෙවෙයි නේද?

අපේ තාත්තා ගෙදරට මට ආදරේට කිව්වෙ මැණිකේ කියලයි. ඒ නම හැමෝම කියන්න පටන් ගත්තා. ඒත් උප්පැන්නයේ මගේ නම සඳහන් වන්නෙ තිලකා විජේවර්ධන කියලයි.

 

මැණික් කැමති මැණික් වර්ගය මොකක්ද?

බ්ලූ සැෆායර්.

 

මැණික්ටත් මැණික් හම්බ වෙලා තියෙනවද?

මට හමුවෙච්ච ලොකුම මැණික මමයි.

ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියලත් ආරචියි.

ඉස්සරහට ඒ විස්තර කියන්නම්.

 

අලූත් අවුරුද්දට මොනවද කරන්නෙ?

මේ පාර සිංහල අවුරුද්දට පිටරට සංචාරයක යෙදෙනවා.

 

විශේෂ හේතුව?

ඇත්තටම මෙතෙක් මම තාත්තිගෙ මැණික් බිස්නස් එකට තමයි උදව් කළේ. මටත් මගේම ස්වාධීන ගමනක් යන්න ඕනෑ. ඉතින් ළඟදීම අලූත් ව්‍යාපාරයක් අරඹන්න සූදානමින් සිටින්නෙ. ඒ ගැන දැනුවත් වෙන්න සහ විවේකයක් මට අවශ්‍ය වුණා.

 

කාලයකට පසුව නේද මැණික් චිත‍්‍රපටයකට දායකව සිටින්න?

කොහොමටත් මම හරි අඩුවෙන් තමයි නිර්මාණවලට එක්වන්නෙ. ඒත් දිගට රඟපාන්න කැමැති නැහැ. හේතුව ඒකයි.

 

‘සේයා’ චිත‍්‍රපටයේ ඔබ රඟපාන චරිතය ගැන කතා කරමු’

මිනීමැරුමක් සිද්ධ වෙනවා. ඒ මිනීමැරුම ගැන හොල්මන් වෙසින් ඇවිත් හෙලිදරව් කරන චරිතයක්. ඒක ඇත්තටම වෙනස්ම චරිතයක්. චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක සහ නිෂ්පාදකවරුන්ට මගේ ස්තුතිය පුදකරන්නට ඕනෑ.

 

සැබෑ ජීවිතයේ දී හොල්මන් දැකලා තියෙනවද?

නැහැ.

සේයා චිත‍්‍රපටයේ රඟපෑමට ගොස් සිටියදී වෙච්ච දේ ගැන මතක් කළොත්.

රූගත කිරීම් තිබුණෙ රිවර්ස්ටන්වල. මම හිතන්නෙ මම වෙන්න ඇති වැඩියෙන්ම කන්ද උඩට සහ පහළට ආවේ. කේබල් දාලා තිබුණා. ඒත් ඕක හරි ත‍්‍රාසජනක අත්දැකීමක් වුණා. අනෙක මේ චිත‍්‍රපටයේ ඔක්කෝම කාන්තා රංගන ශිල්පිනියන් වීම නිසා ඒකත් හරි අපූරු අත්දැකිමක් වුණා.

 

කාන්තාවෝ ටික වැඩ කළ විදිය කොහොමද?

හරිම සුහදශීලිව කටයුතු කළා. රිවර්ස්ටන් පළාතට සිග්නල් නැහැ. හරි අඩුයි. ඉතින් සතියක විතර කාලයක් දුරකතන ඇමතුම් නැතුව ගත කිරීමත් මනසට හරිම සැහැල්ලූවක් ගෙන දුන්නෙ.

 

සේයා රූගත කළ ඉසව්වෙ ඇත්තටම හොල්මන් තිබුණාය කියන කතාවේ ඇත්ත මොකක්ද?

අපි නවාතැන් ගෙන හිටපු බංගලාවේ එහෙම දේ සිද්ධ වෙන බව අහලා තිබුණා. කාමරවල අමුතු සද්ද එහෙම ඇහුණා. ඒත් අපි කට්ටිය එකට හිටපු නිසා බය වුණේ නැහැ.

 

සේයා’ නරඹන පේ‍්‍රක්‍ෂිකාවක ලෙස ඔබට එය දැනෙන්නෙ කොහොමද?

ඇත්තම කිව්වොත් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ. මෙය කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත‍්‍රපටයක් තනිකරම වෙනස් හැඩයක් ගන්න. වෙනස් චිත‍්‍රපටයක්.

 

මැණික්ට අවුරුදු මතකයන් එහෙම තියෙනවද?

අපේ ළමා කාලයේ දී හරිම අපූරු සුන්දර මතකයන් තිබෙන්නෙ. අලූත් අවුරුදු කාලයේදී හරිම සුන්දරව ගත කළා. නමුත් අද කාලයේ දරුවන්ට ඒ සුන්දරත්වය අත් විඳින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. අපි විඳි දේ ඔවුනට ලැබෙනවා අඩුයි.

 

මැණික්ගෙ ජීවිතය මේ දිනවල ගෙවන විදිය ගැනත් කිව්වොත්?

පසුගියදා යාළුවකුගෙ පිරිත් ගෙදර ගිහින් එද්දි අනතුරකට ලක් වුණා. මගේ අත උළුක් වුණා. දැන් එකට ප‍්‍රතිකාර ගනිමින් සිිටිනවා. ඒ නිසා වැඩ මොනවත් බාර ගන්නෙ නැහැ.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2018-04-09-ent-58