මාව රිදී තිරයේ දකිනවා කියන එක මම පුංචි කාලේ ඉඳන් දැක්ක හීනයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1039

නිවේදිකාවක ලෙසින් වැඩසටහන් ගණනාවකින්ම අප හමුවට පැමිණි ඇය මේ වන විට රංගනයට ද ඇය වරම් ලැබ ඇත්තේය. ඉකුත් රයිගම් සම්මාන උලෙළේදී හොඳම සම්ප්‍රවේශක ලෙස ඇය සම්මානයට පාත්‍ර වූ ඇය, චානු දිසානායකය. %යූ ටර්න්^ හි ප්‍රධාන චරිතය ඔස්සේ සිනමාවට පිවිසි ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට මෙලෙස අප සමග එක්විය.

2019-12-18-ent-1041

"U Turn" ගැන මුලින්ම කිව්වොත්?

"යූ ටර්න්" කියන්නේ වෙනස්ම විදිහේ චිත්‍රපටයක්. මෑත කාලයේ එළිදැක්වූ චිත්‍රපට සමග වෙනස් මුහුණුවරක් ගන්නවා. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් වගේම ත්‍රාස්‍ය,කුතුහලය තියෙන චිත්‍රපටයක මෙන්ම හොඳ ප්‍රමිතියකින් නිර්මාණය වුණු චිත්‍රපටයක් විදිහට "යූ ටර්න්" හඳුන්වන්න පුළුවන්.

ගොඩක් අය මේ චිත්‍රපට වෙනුවෙන් කරන දෝෂාරෝපණයක් තමයි මේක රීමේක් එකක්, කොපියක් කියන එක. මැක්සිම් ගෝර්කි %අම්මා^ කියන කෘතිය රුසියානු භාෂාවෙන් ලියැවෙන්නේ. ඒක සිංහලෙන් ලියැවුණේ නැතිනම් අපිට %අම්මා^ කියන ග්‍රන්ථය අපිට රසවිඳින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපිට හොඳ කතා සංදර්භයක් තියෙනවා නම් ඒක මොන රටක නිර්මාණයක් වුණත් ඒක අපේ රටේ අයට රසවිඳින්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. %යූ ටර්න්^කියන්නේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගේ කුළුඳුල් නිර්මාණය. ඔහු වසර 30ක අත්දැකීම් එකතු කරගෙන ප්‍රවීණ කණ්ඩායමත් එක්ක නිර්මාණය වුණු චිත්‍රපටයක්. හොඳ රංගන ශිල්පීන් මේ චිත්‍රපටයට ඉන්නවා. ලෝකේ හැම භාෂාවකින් නිර්මාණය වන චිත්‍රපට බලනවා. චිත්‍රපටයක තියෙන ප්‍රමිතිය මොකක්ද කියන එක මිනිස්සු දැන් අඳුරනවා. ඉතින් ගෝලීය චිත්‍රපට නරඹන අයට ප්‍රමිතිගත චිත්‍රපටයක් බලන්න ඕනේ නම් %යූ ටර්න්^ තමයි ඒකට හොඳම උදාහරණය කියන එක ඉතාම හොඳින් කියන්න පුළුවන්.

 

"යූ ටර්න්" එකට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?

මේක එම්.එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. මේකේ මගේ චරිතය වෙන්නේ මාධ්‍යවේදිනියක්ගේ චරිතයක්. ඇත්තම මාධ්‍යවේදිනියක් මේක කළොත් ප්‍රේක්ෂකයන්ගේ කොහොම ප්‍රතිචාරයක් ලැබෙයිද කියන දේ තුළ වෙනසක් කරලා බලන්න එම්. එන්ටර්ටේන්මන්ට් ආයතනයට අවශ්‍යතාවයක් තිබුණා. මහරාජා ආයතනයේ සභාපතිතුමන් සහ එම්. එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් මට මේ අවස්ථාව ලබා දුන්නා.

 

පළමු රංගනයේදීම මෙවැනි විශාල නිර්මාණයක් සඳහා දායක වීමට හැකියාව ලැබීම ගැන අදහස?

ඒක නම් ලොකුම දෙයක්. මාව රිදී තිරයේ දකිනවා කියන එක මම පුංචි කාලේ ඉඳන් දැක්ක හීනයක්. පළමු චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතයක් සහ ලංකාවේ අනිවාර්යෙන්ම ජනප්‍රිය වෙන චිත්‍රපටයක්. ඒ හින්දා එවැනි චිත්‍රපටයක, ප්‍රවීණ කණ්ඩායමක් එක්ක සහ ප්‍රවීණ රංගන ශීල්පීන් එක්ක මට ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබිච්ච එක මම ජීවිතේ කරපු ලොකු වාසනාවක්. ඒ ලැබුණු අවස්ථාව වෙනුවෙන් මම කැප වුණා. නවක නිළියක් ලෙස මගේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඒවා හදාගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.

 

රංගනය කියන දේ හීනය වුණේ කොහොමද?

පුංචි කාලේ ඉඳන්ම මට රංගනය ගැන හීනයක් තිබුණා. මම රංගනය ඉගෙන ගත්තා. පාසල් කාලයේදී මම වේදිකා නාට්‍යය කළා. පසුකාලීනව මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මහචාර්ය මංගල සේනානායක මහත්මයාගේ වේදිකා නාට්‍ය කණ්ඩායමට එකතු වුණා. දැනටත් එහි සාමාජිකාවක් විදිහට කටයුතු කරනවා. වේදිකාවත් එක්ක ඉන්න කෙනෙක් මම. මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ රංගන පාඨමාලාව හදාරලා තියෙනවා. ඒ වගේම මම රංගන කටයුතු කළා. විශ්වවිද්‍යාලයෙත් වේදිකා නාට්‍ය තරගවලට සහභාගී වුණා. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයේ %ප්‍රතිභා^ රාජ්‍ය නාට්‍ය තරගාවලියේදී 2013 වසරේ හොඳම නිළිය (ගෲෂා ආයෙමත් ඇවිදින්) සම්මානය මම අරගෙන තියෙනවා. ඒ වගේ රංගන කටයුතු එක්ක ඉඳපු කෙනෙක් විදිහට මට රංගනය ගැනත් සිහිනයක් තිබුණා.

 

රංගනය වෙනුවෙන් සම්මාන හිමි කරගෙනත්, ටෙලි නිර්මාණ සහ චිත්‍රපට සඳහා දායක නොවුණේ ඇයි?

මට ටෙලිනාට්‍යය කිහිපයකට කතා කරලා තිබුණා. නමුත් මම කරන රැකියාව එක්ක මට වෙනත් නිර්මාණයකට සහභාගී වෙන්න අවස්ථාව තිබුණේ නැහැ. මම කැප වුණේ වැඩිපුරම මගේ වෘත්තීය වෙනුවෙන්. ඒ හින්දා කලාවට එන්න අමාරුයි කියලා හිතුණා. හැබැයි හොඳ අවස්ථාවක් තමයි මට මේ ලැබුණේ.

 

නිර්මාණය වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

නරඹපු ගොඩක් ප්‍රේක්ෂකයින් හොඳයි කියන තැන තමයි හිටියේ. ගොඩක් අය දෙවතාවක් බලන්න ඕනේ කියන තැන හිටියා. ඉන්දියානු චිත්‍රපටයක් හා සමානව හොඳ ප්‍රමිතියකින් නිර්මාණය කරලා තියෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඒ ගැන අගය කළා. මගේ රංගනය ගැන කිව්වොත් නවක නිළියක් ලෙස මම මේ සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන්න උත්සහ කරලා තියෙන කාරණාව ඔවුන් පේන බව තමයි ඔවුන් කිව්වේ. මට බැලුවම මට තේරුණේ හදාගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එක. නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතා හොඳයි.

 

රංගනය ගැන ඉදිරි අදහක් තියෙනවාද?

මම දැනට වැඩ කරන්නේ "A F Jones Exporters" ආයතනයෙන්. මේක තේ අපනයනය කරන ආයතනයක්. ඒ වැඩ කටයුතු එක්ක කලා කටයුතු සමබරව කර ගන්න පුළුවන් කියලා හිතුණොත් මම කරන්න කැමැත්තෙන් ඉන්නවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් දායක වෙන්න බලාගෙන ඉන්නවා.

 

එතකොට වෘත්තීමය මාධ්‍යවේදිනියක් වුණේ කොහොමද?

මම විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ ඉන්න කොට තමයි ස්ක්‍රීන් ටෙස්ට් එකට යන්නේ. Pentathlon කියන වැඩසටහනට ඔවුන් නිවේදිකාවක් හොයමින් හිටියේ. මම සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ගියා. ඒවලින් තේරිලා තේරිලා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. කිංස්ලි රත්නායක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා එක්ක තමයි මට පළවෙනි වැඩසටහන හිමිවුණේ. ඊට පසුව තමයි මම %News First^ කණ්ඩායමට බැඳෙන්නේ. එහිදී ප්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් සහ ප්‍රවෘත්ති වාර්තාකාරනියක් ලෙස මට වැඩ කරන්න ලැබෙනවා.

 

ජීවිතේ ලොකු බලාපොරොත්තු නැද්ද?

ලොකු බලාපොරොත්තු තියෙනවා. පෞද්ගලික ජීවිතයෙත් බලාපොරොත්තු තියෙනවා. වෘත්තීමය පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් වඩා මනුස්සයෙක් විදිහට හොඳින් සතුටින් විනෝදෙන් ඉන්න තමයි මම කැමති.

 

අද රංගන ශිල්පිනියක් ලෙස ඔබව දකිද්දී දෙමාපියන්ගේ ප්‍රතිචාර කොහොමද?

අම්මයි තාත්තයි මගේ පුංචි කාලේ ඉඳන්ම හැමදේටම මට උදව් කළා. ඉතිං අදටත් එහෙමයි. පවුලේ එකම දරුවා මම විතරයි. කිසිම දෙයකට මට එපා කියන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ ආශිර්වාදය සහ උදව්ව මට හැමදාම තියෙනවා. අම්මත් ගුරුවරියක් නිසා දරුවෙක්ගේ දක්ෂතාවයේ වැදගත්කම අම්මට තේරෙනවා ඇති කියලා හිතනවා. ඒ ආදරය රැකවරණය සහ උපදේශනය ඒ අය හැමදාම ලබා දෙනවා.

 

 2019-12-18-ent-1040