මාව දැකලා නැහැ කියලා කියනවා නම් ඒක ඒ අයගේ ගැටලුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-746

 

සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය වූ නයෝමි තක්ෂිලා

මේ දිනවල ‘%සිරස’ නාලිකාවේ විකාශය වන "‘නීල පබළු", "තෝඩු" සහ "නෝ පාර්කින්" ටෙලිනාට්‍යයේ ඔස්සේ ඔබ හමුවට එන නයෝමි තක්ෂිලා, පසුගියදා සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය හිමි කර ගත්තාය. ඒ පිළිබඳව සහ ඇයගේ කලා නිර්මාණ පිළිබඳව කතාබහ කිරීමට ඇය මෙලෙස එක් වූවාය.

 

සම්මානනීය රංගන ශිල්පිනියක් නේද දැන්?

මට මීට කලින් වේදිකාව නාට්‍ය ඔස්සේ සම්මාන සඳහා පාත්‍ර වෙලා තියෙනවා. සිනමාව සහ ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් මේක මගේ පළවෙනි සම්මානයයි. ඇත්තටම ගොඩක් සතුටුයි. වේදිකාවේ රඟපෑවට මම කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම පුංචි තිරයට ඇවිල්ලා සම්මානයක් සඳහා පාත්‍ර වෙයි කියලා. මම මේ ක්ෂේත්‍රයට එද්ද බලාපොරොත්තුවෙන් ආවෙත් හොඳම නිළිය කියන සම්මානය. නමුත් වාසනාවට %ජනප්‍රිය^ කියන වාසනාව මට ආවා. සතුටුයි ඒ ගැන.2019-09-19-ent-744

 

ජනප්‍රිය නිළිය වීම ගැන දැනෙන්නේ කොහොමද?

දක්ෂකම කියන එක දවසින් දවස වර්ධන වෙන දෙයක්. නමුත් ජනප්‍රියත්වය කියන දෙය වෙනස් වෙන්න පුළුවන්. මේ පාර මට ලැබුණට ලබන පාර මම වෙන්නේ නැති වෙයි. මම කියන්නේ නැහැ ලබන අවුරුද්දෙත් ජනප්‍රිය නිළිය මම වෙන්න ඕනා කියන එක. ජනප්‍රිය නිළිය වෙන්න හේතුව වුණේ මගේ ටෙලි නාට්‍යය හයක් විතර විකාශය වුණා. ඒ නිසා ඒ කාලය තුළ මම ජනප්‍රිය වෙලා හිටියා. ඉතින් ඒ ජනප්‍රියත්වය දිගටම තියෙයි කියලා හිතන්නත් අමාරුයි.

 

සම්මාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන මතු වුණා නේද?

ඵල ඇති රුකට ගල් ගහනවා වගේ එහෙම දේවල් වෙනවා. විවාදයක් වෙන්න ඕනේ සහ හොඳ නරක දෙකම එන්න ඕනේ. ඒ කාලේ ඇතුළත මගේ නාට්‍ය හයක් විකාශය වුණා වගේම වෙළෙඳ දැන්වීම් තිබුණා. මියුසික් වීඩියෝ තිබුණා. එහෙම ගිහිල්ලත් මාව දැකලා නැහැ කියලා කියනවා නම් ඒක ඒ අයගේ ගැටලුවක්.

 

වේදිකාව ඔස්සේ වෙන වැඩකටයුතු මොනවාද?

මේ දවස්වල "හිනාවෙලා මිනිත්තුවක්" වේදිකා නාට්‍යයේ දර්ශන වාර ගණනාවක් තිබුණා. අලුතෙන් තාම වැඩක් පටන් ගත්තේ නැහැ. පිටපත් දෙකක් තුනක් ලැබිලා තියෙනවා. කාල වේලාව අනුව තෝරා බේරා ගෙන වැඩ කටයුතු කරනවා. කොහොමත් වේදිකාව අත අරින්නේ නැහැ. කාල වේලාව අනුව එකක් හරි කරගෙන යනවා. මොකද ඒක අභ්‍යාසයටත් හොඳයිනේ.

 

වේදිකාව ඔස්සේ ලැබුණ සම්මාන ගැන කිව්වොත්?

වේදිකාවට මම සම්බන්ධ වුණේ 2013 අවුරුද්දේ. 2015දී තමයි යෞවන සම්මාන දිගු නාට්‍ය හොඳම නිළිය සම්මානය ලැබුණේ. 2016දි දිගු නාට්‍යය හොඳම නිළිය සම්මානය සඳහා යෝජනා වුණා. ඊට පස්සේ ටෙලිනාට්‍යය සඳහා දායක වුණු නිසා වේදිකාව මග හැරුණා.

 

රංගනයට හොඳ පන්නරයක් ලැබෙන්නේ කොතැනින්ද?

මට දෙකේම අත්දැකීම තියෙන නිසා මම කියන්නේ වේදිකා නාට්‍යයක රඟපෑවා කියලා පුංචි තිරයේ රඟපාන්න බැහැ කියලයි. වේදිකාවේ අපි මාස ගාණක් පුරුදු පුහුණුවීම් වෙනවා. ඒක මාස ගාණක් අපිට කටපාඩම්. තමන්ගේ දෙබස හරියටම දන්නවා. ඒත් පුංචි තිරයේ රඟපාද්දී අපිට පොඩි හිඩසයි දෙන්නේ. එවෙලේ අපිට දෙබස් ටික ලැබෙන්නේ. ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. සමහර අය කියනවා වේදිකාවේ ආව නිසා එයාට රඟපාන්න පුළුවන් කියලා. ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. හොඳ පන්නරයක් ලැබෙන්නේ වේදිකාව කියල නම් කියන්න පුළුවන්. අභ්‍යාස කිරීමේදී අපි සාමූහිකව තමයි වැඩ කරන්නේ. එහෙම කරන්න ශක්තියක් ලැබෙනවා. එතන සාමූහිකව කටයුතු කරලා පුංචි තිරයට ආපුවාම මේ අයත් එක්ක වැඩ කරගන්න ලේසියි. ඒක ලොකු අභ්‍යාසයක් වෙනවා.

 

චිත්‍රපට සඳහා දායක වෙන්නේ අවම වශයෙන්ද?

%නිදහසේ පියා^ චිත්‍රපටයේ චරිතයක් කළා. ඊට අමතරව තව චිත්‍රපටයක් සඳහා දායක වෙලා තියෙනවා. ඒක ලබන අවුරුද්දේ තිරගත වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඔබ එක රාමුවකට කොටු වුණ කෙනෙක්ද?

ඇත්තටම නැහැ. සමහර අය වේදිකා නාට්‍ය කළොත් වේදිකා නාට්‍ය විතරයි. සමහර අය කොටස් 30ට කොටු වෙනවා. එහෙම එකක් නැහැ මගේ. මට ගැලපෙනවා නම් මට හොඳයි කියලා හිතනවා නම් මම කරනවා. ලැබෙන හැම එකක්ම කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. හොඳයි නම් මට සාධාරණයක් ඉෂ්ට කර පුළුවන් නම් ඒක බාර ගන්නවා.

 

මේ දිනවල විකාශය වෙන නිර්මාණ මොනවාද?

මේ දවස්වල සිරස නාලිකාවේ "නීල පබළු", ITN නාලිකාවේ "තෝඩු" සහ ස්වර්ණවාහිනියේ "නෝ පාර්කින්" විකාශය වෙනවා.

 

නිර්මාණ සඳහා රසිකයන්ගේ ආදරය කොහොමද?

වෙනදා ලැබුණු ආදරය ඒ විදිහමයි. ඒ ආදරයට මම හැමදාම ගරු කරනවා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරියේදී හොඳ නිර්මාණ සඳහා සම්බන්ධ වෙලා හොඳ දේවල් තුලින් ප්‍රේක්ෂයන් අතරට යන්න තමයි බලාපොරොත්තුව.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2019-09-19-ent-741 2019-09-19-ent-742 2019-09-19-ent-743  2019-09-19-ent-745