මාව අපේ ගෙදරින් එළියට දැම්මා....
නිරූපණ කේෂ්ත්‍රයට සම්බන්ධ නිසාම මගේ ඡායාරූප හැමතැනම ගියා. ඒ නිසා චන්න සර්ගේ පන්තියෙන් අයින් වෙන්න මට සිද්ධ වුණා. චන්න සර්ගේ පන්තියෙන් අයින් වෙච්ච දවසේ මම ගෙදර ආවේ හොඳටම අඬාගෙනයි
නිලූෂා අපිට ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්න...?
මගේ නම නිලූෂා ප්‍රනාන්දු... මම පදිංචි වෙලා ඉන්නේ පැලවත්තේ. මගේ පවුලේ ඉන්නේ මායි, අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි විතරයි. ඒ කියන්නේ මම පවුලේ බාලයා.
පුංචි කාලේ හීන දැක්කේ කවුරැ වෙන්නද...?
මට තේරෙන කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණ ලොකුම හීනය තමයි නිරූපණ ශිල්පිනියක් වෙනඑක. අනේ මන්දා මම දන්නේ නැහැ කොහොමද එහෙම ආසාවක් මට ඇති වුණේ කියලා. ඉස්කෝලේ යාළුවෝ ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, වෙන්න හීන දකිද්දී මගේ එකම ආසාව වුණේ නිරූපණ ශිල්පිණියක් වෙනඑක විතරයි. ඒකම තමයි මගේ එකම ඉලක්කය වුණේ. ලස්සනට අඳින්න මට හරි ආසයි. පත්තරවල, පොත්වල, ලස්සනට ඇඳුම් ඇඳපු නිරූපණ ශිල්පිනියන්ගේ පින්තූර කවුරැ හරි ලස්සනට ඇඳලා ගියොත් මම ඒ ඇඳුම් දිහා ඒ කාලේ හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මම හැමවෙලේම තනියම නිරූපණ ශිල්පිනියක් වගේ ඇවිද්දා. ගේ ඇතුළේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා එහෙම ඇවිදිද්දී හිතින් මම නිරූපණ ශිල්පිනියක් වුණා.
නිලූෂා ඉගෙන ගත්තේ මොන පාසලේද...?
මම පාසල් හතරකින් ඉගෙන ගත්තා. පාසල්වල තියෙන කලා ප්‍රසංගවලදී මම නර්තනයට සහභාගී වුණා. මම නර්තනයටත් හරිම කැමතියි. ඒ ආසාව නිසාම මම චන්න විජේවර්ධන සර්ගේ නර්තන පන්තියටත් සහභාගී වුණා. ඔය අතරේදී මට නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මම නිරූපණ කේෂ්ත්‍රයට සම්බන්ධ නිසාම මගේ ඡායාරූප හැමතැනම ගියා. ඒ නිසා චන්න සර්ගේ පන්තියෙන් අයින් වෙන්න මට සිද්ධ වුණා. හැබැයි මම නර්තනයටත් හරි කැමතියි. චන්න සර්ගේ පන්තියෙන් අයින් වෙච්ච දවසේ මම ගෙදර ආවේ හොඳටම අඬාගෙනයි. හැබැයි නර්තනය නිසා නිරූපණ ක්ෂේත්රය අතහරින්න මම කැමති වුණේ නැහැ. නර්තනය ඉගෙන ගත්තු ඒ මාස කිහිපයේදී මම හරිම උනන්දුවෙන්, ආසාවෙන් නර්තනය ඉගෙන ගත්තා. වෙලාවටත් කලින් ගිහින් මම අනිත් අය නර්තනය කරන දිහා පවා මම බලාගෙන ඉඳලා තියෙනවා. ඒත් මගේ ඉලක්කය තිබුණේ නිරූපණ ශිල්පිනියක් වෙනඑක විතරමයි.
ඔයා නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙනවාට ගෙදරින් කැමති වුණාද...?
නැහැ... පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මගේ තාත්තා මාරම මාර සැරයි. අම්මත් ඒවගේම තමයි. අපේ තාත්තා ගුවන් හමුදාවේ උසස් නිලයක් දරපු කෙනෙක්. හැබැයි ගෙදරින් කොච්චර සැර වුණත් මගේ ඉලක්කය වුණේ නිරූපණ ශිල්පිනියක් වෙන එක විතරමයි. ඒ නිසා මට මේ ක්ෂේත්රයට එන්න මාරම අමාරැ වුණා. මගේ ලොකු අම්මාගේ ගෙදර නැවතිලා තමයි මම මුලින්ම “සසර මඟ* කියන ටෙලිනාට්‍යයේ පොඩි චරිතයකට සම්බන්ධ වුණේ. ඒකට සම්බන්ධ වුණා කියලා එක දවසක් මාව ගෙදරිනුත් එළියට දැම්මා. ඊට පස්සේ මම නර්තන කණ්ඩායමකට සම්බන්ධ වුණා. හැබැයි ඒ කිසිම දේකින් මම සතුටු වුණේ නැහැ. මගේ ඉලක්කය වුණේම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වීම විතරයි.
මේ දවස්වල නිරූපණ ක්ෂේත්රයේ වැඩවලට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ...?
ඒ කාලේ අපිට හරියට වැඩ තිබුණා. එක මාසයකට මොඩ්ලින් ෂෝ හත අට තිබුණ කාලයක් තිබුණා. අද එහෙම නැහැ. අද සමහර මාසවලදී ෂෝ එකක් දෙකක් වගේ තමයි තියෙන්නේ. අද මේ ක්ෂේත්රයට බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා. සමහරැ අඩු මුදලකට මේ ක්ෂේත්රය පාවා දීලා තියෙනවා. අනෙක ඉස්සර වගේ අද ෂෝ කරන්නෙත් නැහැ.
නිලූෂා නිරූපණ ක්ෂේත්රයෙන් ජාත්‍යන්තර තරගවලට සම්බන්ධ වෙලා නැද්ද...?
නැහැ... ජාත්‍යන්තර තරගවලට යන්න අවස්ථා දෙකකදීම මට ඉඩ ලැබුණා. නමුත් මට යන්න ඇත්තටම බැරි වුණා. ගෙදරින් වගේම ඒකාලේ මගේ පෙම්වතා මට දවස් ගාණක් පිටරට ගිහින් ඉන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මට ඒ අවස්ථාවත් මඟඇරැණා.
ක්ෂේත්රයට එද්දී ගෙදරින් අකමැති වුණාට දැන් එහෙම අකමැත්තක් නැද්ද...?
නැහැ... එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ වෙළඳ දැන්වීම්, ෆැෂන් ෂෝ එහෙම යද්දී මුල් දවස්වල තාත්තා මට බැන්නා. සමහර දවස්වල මාව ගෙදරින් එලෙව්වා. මාත් එක්ක මගේ තනියට ඒ කාලේ මගේ පුංචිත් ගියා. ඉතින් තාත්තා එයාටත් බැන්නා. ඒකාලේ තාත්තාගේ දැඩි නීති තිබුණා. අපිට යාළුවෙක් ආශ්‍රය කරන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි මට යාළුවෝ එක්කමයි ඉන්න ඕනේ. ඒ නිසා මට ඕන දේ තමයි මම කළේ. ඔය අතරේදී තාත්තාගේ පවුලේ උදවිය සහ අම්මාගේ පවුලේ උදවිය මම ගැන දැනගෙන මට මේ දේවල් කරන්න ඉඩදෙන්න කියලා තිබුණා... ඊට පස්සේ තමයි තාත්තා නිශ්ශබ්ද වෙලා මට මගේ ගමන යන්න ඉඩ දුන්නේ.
Text - Jayamali / Pic - Malaka