මමත් පොඩ්ඩක් කාජල් වගේ
‘‘මගේ පාසල් සමය ඇත්තෙන්ම හරිම සුන්දරයි. අප කළ දඟ වැඩ නිසා බැණුම් අහපු අවස්ථාත් තිබුණා. හැබැයි ඉතින් හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ දක්වා නැටුම් විෂය හැදෑරූවා. නමුත් පසුව විභාගයට පෙනී සිටියේ වාණිජ විෂය එක්ක. ඒ නිසාම උසස් පෙළින් පසුව බැංකු සේවයේ රැකියාවට එක්වීමට හැකිවුණා. නේෂන්ට්රෂ්ට් බැංකුවෙන් තමයි බැංකු රස්සාව පටන් ගත්තෙ.’’
මේ විදියට කතා කරන තරින්දි ප්‍රනාන්දු අපට හමුවන්නෙ සිරස ටී.වී ඔස්සේ විකාශය කෙරෙන සඳුන් රාජකරුණාගේ පැහැසරා නාට්‍යය සමගයි. පැහැසරා හැඩ කරන මේ රුවැත්තිය සඳැල්ලට ඇය ගැන තවත් විස්තර කී විදියයි මේ.
තරින්දි කොහෙද ගම් පළාත එහෙම?
මීගමුව කොච්චිකඬේ දැන් පදිංචි වෙලා ඉන්නෙ මාදිවෙල.
පවුලේ විස්තර කිව්වොත්?
තාත්තා, අක්කා සහ මම. අම්මා ජීවතුන් අතර නැහැ. අක්කා විවාහකයි. එයාගෙ සැමියා සහ බබාවත් මතක් කරන්න ඕනෑ.
තරින්දි ඉගෙන ගත්තෙ?
දංකොටුවේ ශුද්ධ වූ ඒන්ජල්ස් පාසලෙන්.
මොන වගේ අරමුණක්ද තිබුණෙ?
බැංකු රස්සාවට බොහොම ආසා කළා වගේම ව්‍යාපාරයක් කිරීමේ අරමුණ තමයි නිතරම ඇතුළාන්තයේ තිබුණෙ. ඒ ඔක්කොම අස්සෙ නිළියක වීමේ ආසාව නිබඳවම තිබුණා. නමුත් පවුලෙන් මට ඊට ඉඩක් ලැබුණෙ නැහැ.
බැංකු රස්සාව හොඳයිද?
ඇත්තෙන්ම හොඳයි. ජීවිතේ බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. සමාජයේ බොහෝ විවිධාකාර චරිත හඳුනාගන්න වගේම ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ වගේම යාළුවෝ බොහෝමයක් ඇති වුණා. කොහොමටත් මට යන යන තැන දී හොඳ මිත්‍රශීලි පිරිසක් හමුවෙනවා.
තවමත් බැංකු රස්සාවෙද?
අම්මා නැතිවුණාට පස්සෙ ජීවිතයේ මට හරි ඒකකාරී බවක් පාළුවක්- තනිකමක් දැණුනා. බැංකුවෙන් ඉවත්වීම වෙනුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නත්, මට ඉවත් වෙන්න දුන්නෙ නැහැ. බැංකුවට ඒ තරමටම මම බැඳී සිටින්න ඇති. කොහොම වුණත් අවුරුදු 23 වෙද්දී මම තීරණයක් ගත්තා. අම්මා හරි ආසාවෙන් හිටියේ එයාගෙන් බලාපොරොත්තු වූ කලා ක්ෂේත්රයේ මම ගමනක් යාවී කියලා. අම්මාගේ ආශිර්වාදය මට ලැබෙන්න ඇති. ඒ වගේම දෙවියන්වහන්සේගේ ආශිර්වාදයත් ලැබෙන්න ඇති. බැංකුවෙන් ඉවත්වනවාත් එක්කම චරිත් අබේසිංහ අයියාගේ ආරාධනයෙන් ධනුෂ්ක රේමන්ඞ්ගෙ අධ්‍යක්ෂණයෙන් ‘‘බරතලී’’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ලැබුණා.
කවදාවත් රඟපාලා නොසිටි ඔබට රඟපෑම මොන වගේ අභියෝගයක් ද ඇති කළේ?
ආසාවක් - උනන්දුවක් තියෙනවා නම්, කරන්න පුළුවන් කියලා මම තරයේම විශ්වාස කරනවා. උනන්දුව තිබුණු නිසාම මම පුහුණු අභ්‍යාසවලට වගේම වැඩමුළු ආදී සියල්ලට දායක වුණා. ගයාන් ශ්‍රීමාල් අයියාගේ නර්තන පංතියේ සිටියදී තමයි චරිත් හරහා බරතලී චිත්‍රපටයේ නර්තන ටීචර්ගෙ චරිතය ලැබුණෙ.
තවදුරටත් රංගනය හදාරමින් සිටින්නෙ.
නැටුමට දක්ෂයි වගේ?
කුඩා කාලයේ ඉඳලාම උනන්දු වුණේ නර්තනයටයි. නර්තන හැකියාව තමයි වැඩිපුර තියෙන්නෙ. නර්තන අංශයෙන් උඩරට පායිම්පත් දක්වා උපරිමයෙන් ප්‍රගුණ කළා. උසස් පෙළ කරලා කොළඹට ආවාම බටහිර නර්තන අංශයන් ප්‍රගුණ කළා.
පැහැසරා ගැන කතා කළොත්?
එහි මම රඟපාන්නෙ ‘උපමාලි’ නැමැති පවුලේ වැඩිමල් දියණියගේ චරිතයයි. මට ඒ චරිතය ලැබුණෙ ශිරෝමිකා ප්‍රනාන්දු සහ උදයකුමාරි අක්කලා නිසයි. පසුව සඳුන් රාජකරුණා සහ ලලිත් වසන්ත අයියා මේ චරිතය ගොඩනගාගන්න උදව් කළා. පැහැසරා නිසා බොහෝ දෙනෙක් අතර අද මට ගෞරවයක් ලැබෙමින් පවතිනවා.
‘පැහැසරා’ තුළින් විතරද ඔබගෙ රංගනයක් දැකගන්න පුළුවන්.
ඉන්පසුව එක දිගටම නාට්‍ය තුනක් ලැබුණා. නමුත් මම තවම ක්ෂේත්රයට ආවා විතරයි. අලූත් නිසා දොඩංගොඩ බදා ගත්තා වගේ, චරිත කරන්න මට තවම බැහැ. අනෙක මං මට ගැලපෙන ඒවා ගැන තමයි නිතර හිතන්නෙත්. ‘සැරද සිරි නද’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබුණා. ඒ චරිතය ඉදිරියේදී පේ්රක්ෂකයන්ට දැකගත හැකි වේවි.
රංගනය සිහිනයක් කරගත් තරුණියන්ට මේ ක්ෂේත්රයේ සහ ඒ වට පිටාව මොන වගේ කියලද ඔබට හිතෙන්නෙ?
එදා මට පවුලෙන් මේ ක්ෂේත්රයට එන්න දුන්නෙ නැත්තෙත් ෆීල්ඞ් එකේ පැතිරෙන එක එක කතා නිසයි. නමුත් ලස්සන තරුණියකට කාගෙත් හෝ බලපෑම් එනවා නම්? යස්ද? නෝද? කියන එක හෝ හාද? බෑ ද? කියන එක තියෙන්නෙ අපේම හැදියාව මතයි. මම මාව හඳුනාගෙන මගේ සීමා හඳුනා ගෙන සිටින්නේ නම්? ප්‍රශ්න එන්නෙ නැහැ. අනෙක රංගනයට මම ආවේ ඉලක්කයක් අරමුණක් ඇතිවයි.
මොකක්ද ඉලක්කය? මොකක්ද අරමුණ?
දැන් මම ක්ෂේත්රයට පය තැබුවානෙ. කවදාහරි මම මේ පය අහකට ගන්නේ රටේ දක්ෂතම සහ ජනප්‍රියතම ශිල්පිනියක වීමෙන් පසුවයි.
කොහොමද සිනමාවට තියෙන දායකත්වය
බරතලීගෙන් පසුව ‘‘රාක්ෂා’’ චිත්‍රපටයේ රඟපෑවා.
සුන්දර තරුණියක වන ඔබ වෙතින් ආදරය දුරස්ථ නැතුව ඇති?
ආදරය කරන්න සුන්දරම වෙන්න ඕනෑ නැහැ. අපි කාටත් ආදරය කරන්නම වෙනවනෙ.
‘තරින්දි’ මොන වගේ කෙනෙක්ද?
මිත්රශීලියි. සංවේදි අවස්ථා එමටයි. මොන දේ වුණත් බාර ගත් දේ හරියට කිරීම මගේ අරමුණයි.
ලංකාවේ ටෙලි නිළි තාරකා වගේ, ඉන්දියාවේ කාජල් වගේ, අනුෂ්කා ෂර්මා වගේ කියලත් ඔබට කියනවා නේද?
ඇත්තෙන්ම ඔව්. නමුත් ඒ අතරින් මට නම් හිතෙන්නෙ පොඞ්ඩක් විතර මම කාජල් වගේ කියලයි. ඒත් අපේ අක්කා කියන්නෙ අපෝ පොඞ්ඩක්වත් එහෙම නැහැ කියලයි.
හැඩගැන්වීම: සුභාෂ් අබේවික්‍රම / (සුභාෂ් බ්රයිඞ්ල්)
සටහන / ඡායාරූප - සඳුන් ඡායාරූප