මම ෆීල්ඩ් එකට එන්න කලින් බ්‍රයිඩ්ල් මොඩ්ලින් කරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-04

මේ දිනවල විකාශය වන හුස්මක් තරමට ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන කස්තුරිව අපි මෙවර සාරවිට කතාබහට කැඳවාගන්න සිතුවා. කස්තුරි මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවෙනැ ස්ථානය හිමි කරගැනීමට සමත් වුණා. ඒ වගේම කස්තුරි කියන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට කැමති කස්තුරි සාරවිටට කතා කළේ මේ විදිහටයි.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-05-27-ent-02

මගේ නම කස්තුරි ජයවර්ධන. මගේ ගම මහියංගණයේ. මම මේ වනවිට රුහුණ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා. එතකොට මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියෙන් දෙවන ස්ථානය හිමි කරගැනීමට සමත් වුණා.

 

දෙරණ අවුරුදු කුමරියට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම අයදුම් කරන්න හිතුවේ නැහැ. උදේශිකා කියලා අක්කා කෙනෙක් තමයි අයදුම්පත්‍රය දැම්මෙත්. අයදුම්පත්‍රය දාපු වෙලාවේ ඉඳලා අවසන් වෙනකල්ම මගේ පිටිපස්සේ ඉඳලා හැමදේම කියලා දුන්නේ උදේශිකා අක්කා. මම ෆීල්ඩ් එකට එන්න කලින් බ්‍රයිඩ්ල් මොඩ්ලින් කරා. එහෙම තමයි ඒ අක්කාව හමුවුණේ. උදේශිකා අක්කා නිසා මට අවුරුදු කුමරිය තරඟයෙන් ජයග්‍රහණය කරන්න ලැබුණා.

 

ලැබුණු ජයග්‍රහණය පිළිබඳව සතුටුයිද?

ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. සුදුස්සාට සුදුසුම තැන ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවන්.

 

මේ වෙද්දි දායක වෙලා තියෙන නිර්මාණ මොනවාද?

බ්‍රයිඩ්ල් ෂූට් කිහිපයකටම මේ වනවිට දායක වෙලා තියෙනවා. එතකොට මේ දිනවල විකාශය වන හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ රංගනයෙන් එකතු වෙනවා. එතකොට සක්කාරං ටෙලි නාට්‍යයටත් එකතු වෙලා ඉන්නවා. තව ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉගෙනීමේ කටයුතුත් අතපසු කරගන්නේ නැතුව මේ වැඩත් කරගන්න ඕනේනේ.

 

හුස්මක් තරමට නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

හුස්මක් තරමට සහ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ මගේ නෑදෑ හිතුවතෙක් වන සංගීත් ප්‍රභූ අයියා හරහා. හුස්මක් තරමට නාට්‍යයට ආරාධනා ලැබුණේ දෙරණ අවුරුදු කුමරියේ අවසන් දොළොස් දෙනාට තේරිලා ඉද්දි.

 

දිගටම කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද?

මෙහෙමයි. මගේ අධ්‍යාපන වැඩත් කරගන්නවා. ඒ අතරතුර ලැබෙන නිර්මාණ හොඳ නම් බාරගන්නවා.

 

අධ්‍යාපන වැඩකටයුතු සමග කලා කටයුතු සමබරව කරගෙන යන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. මුල් තැන දීලා තියෙන්නේ අධ්‍යාපන වැඩවලටයි.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඔව් ඇත්තටම ඒක ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඇත්තටම අම්මා, තාත්තා, නංගි ලොකු සහයෝගයක් දෙනවා සහ එයාලා කැමතියි මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවාට. එයාලා තමයි මාව වැඩවලට එක්කගෙන යන්නෙත්. ගෙදරින් බලපෑමක්වත් නැහැ. එයාලා නිසා තමයි මම අද මේ තැන ඉන්නෙත්.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

විශ්ව විද්‍යාලයේ වැඩත් හොඳින් කරගෙන කලාව පැත්තෙනුත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව.

 

විශේෂයෙන් මතක් කළ යුතු පිරිස ගැන කිව්වොත්?

මගේ ගෙදර හැමෝවම මුලින්ම මතක් කරන්න ඕනේ. එතකොට සංගීත් ප්‍රභූ අයියා, තරංග දිසානායක අයියා, රවින්ද්‍ර විජේරත්න අයියා, උදේශිකා විජේගුණවර්ධන අක්කා සම නිලූකා රාජපක්ෂ අක්කා ඇතුළු මට වචනයකින් හරි උදව් කළ සියළු දෙනාවම මම ආදරයෙන් මතක් කරනවා.

 

කැළුම් දේවින්ද

 

2019-05-27-ent-01 2019-05-27-ent-03