මම හිතෙන් පෙම් කළේ විජය කුමාරතුංගට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200727-19

නිරූපිකාවක්, ගායන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන හෂි මනමේන්ද්‍ර සමගින් මෙවර "සාරවිට" තරු කතාබහ අපි ඇරඹුවෙමු. මේ වනවිට කලා නිර්මාණ බොහෝමයක දැක ඇති හෂි ඉදිරියේදිද නොයෙකුත් කලා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබේ. නිතර කලා තොරතුරු විමසන නිසා හෂිට මෙවර අපි වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළේමු. මේ ඇය ඊට දැක්වූ ප්‍රතිචාරයන්..ENT-20200727-20

 

පෙම්වතෙකුගෙන් ලැබුණ මුල්ම ආදරය මතකද?

පළමු පෙම්වතා ගැනනේ මේ අහන්නේ. ඔව් මට මතකයි ඔහුගෙන් ලැබුණ ආදරය. ඒ ආදරයට වඩා හොඳ ආදරයක් දැන් මට ලැබිලා තියෙනවා හා ලැබෙමින් පවතින නිසා පළමු ආදරය ගැන නම් මට දැන් අමතක වෙලා තියෙන්නේ. පළමු ආදරය මතකයි. නමුත්, ඒක මතකයේ පවතින තරම් හොඳ ආදරයක් නම් නෙමෙයි.

 

හිතින් ආදරය කරපු කෙනෙක් නැද්ද හෂිනිට?

අපෝ ඉන්නවා. මම ගොඩක් ආස කරපු කට්ටිය හිටියා. ඒ අතරින් කෙනෙක් තමයි විජය කුමාරතුංග කියන රංගන ශිල්පියාව. නමුත්, මම උපදින කොටම ඒ දැවැන්ත සිනමා තරුව මිය ගිහිල්ලා. නමුත්, පුංචි කාලේ ඉඳලා මට විජය කුමාරතුංග කියන නම ගොඩක් හුරු එකක්. මොකද, මම අම්මාගෙන් තාත්තාගෙන් අහනවලු විජය කුමාරතුංග කියන රංගන ශිල්පියා ගැන හා ඔහුගේ තොරතුරු. කාලයත් එක්කම ඔහුට තියෙන ගෞරවය, ආදරය මගේ වැඩිවුණා. අදටත් විජය කුමාරතුංග කියන රංගනවේදියාට මම හිතෙන් ආදරය කරනවා.

 

ඔබ දැන් පෙම්වතියක්?

ඔව්, දැන් මම පෙම්වතියක්. මට පෙම්වතුන් කිහිප දෙනෙක්ම හිටියා එක එක ක්ෂේත්‍රවල. මම හිතනව දැන් මම හරිම කෙනා ගාව තමයි නතර වෙලා තියෙන්නේ කියලා. අපි දෙන්නාගේ අදහස් එකිනෙකට ගොඩක්ම ගැළපෙනවා. ඒ වගේම මට ගොඩක් ආදරය කරන කෙනෙක් ඔහු. පසුගිය අතිතයේ ලැබුණ ආදරයන්ට වඩා මේක මට ගොඩක් සුවිශේෂි ආදරයක්. ඒ නිසා මම හිතනවා දැන් මම ගොඩක් වාසනාවන්ත පෙම්වතියක් කියලා.

 

වර්තමාන පෙම්වතාගෙන් ඔබට ලැබුණ අමතක නොවන තැග්ග මොකක්ද?

එයාගේ මුල්ම තැග්ග මට මතකයි. අපි දෙන්නාගේ ඡායාරූපයක් තමයි ඔහු මට දුන්නේ. ඒක ගොඩක් ලස්සනයි. ලී වලින් හදලා තියෙන්නේ ඡායාරූපයක්. අදටත් ඒක මා ගාව ඉතාම සුරක්ෂිතව තියෙනවා.

 

ගැහැණු ළමුන්ගෙන් ඔබට ආදර යෝජනා ඇවිල්ලා නැද්ද?

මට ගැහැණු ළමුන්ගෙන් ආදර යෝජනා ආවේ නැ කිව්වොත් ඒක බොරුවක්. ගොඩක් ඒ වගේ යෝජනා ඇවිල්ලා තියෙනවා මට. ඒත් මොනවටද නේ. ගැණු ළමයි ගැණු ළමයි සම්බන්ධ වෙනවාට ඇත්තටම මම පෞද්ගලිකවම කැමති නැහැ. එහෙම ආස කරන අයට මම බනින්නෙත් නැහැ. ලංකාවේ සංස්කෘතියට ඒක පටහැනි වුණත් ආදරය කරන අයට ආදරය ලැබෙන එක සාමාන්‍යය දෙයක් නේ. මම ඒයට බනිනවා නෙමෙයි. නමුත්, පෞද්ගලිකවම මම ඒ වගේ අයට කැමති නැහැ.

 

ආදරය සූන්දරද? අසූන්දරද?

මෙහෙමයි ආදරය සූන්දරයි අපිට සූන්දර මිනිස්සු හම්බ වුණොත්. ඒක අසූන්දර වෙන්න පුළුවන් ඒකට ගැළපෙන්නේ නැති කෙනෙක් හම්බ වුණොත්. ඕනැම කෙනෙක් ආදරය සූන්දරයි කියනවා එයාට ගැළපෙන හොඳ සහයකයෙක් ලැබුණොත්. හොඳ නැති කෙනෙක් මුණ ගැහුණොත් කවුරුත් කියන්නේ නැහැ ආදරය සූන්දරයි කියලා. මමත් කාලයක් ආදරය අසූන්දරයි කියලා කියපු කාලයක් තිබුණා. නමුත්, අද වෙනෙ කොට නම් මට සූන්දර ආදරයක් ලැබිලා තියෙනවා.

 

බුද්ධික සේනාධීර

 

ENT-20200727-18