මම හැමදාම ඇන්ඳ විදියට තමයි ඉදිරියටත් අඳින්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-03-ent-01  


පියුමි හංසමාලි ගැන මේ දිනවල වැඩි දෙනා කතා වන්නේ ‘වස්සානයේ සඳ’ චිත‍්‍රපටයේ මිහිරිගේ චරිතය නිසයි. ඒත් එක්කම ඇය ගැන සමාජ ජාලා වෙබ් අඩවි වැඩිපුර කතා කර තිබුණේ ඇය පසුගිය දා ප‍්‍රිය සාදයකදී ඇඳි විලාසිතාවක් ගැනයි. මේ ඔක්කොම විස්තර ගැන කතා කරන්න අපි පියුමි හංසමාලි සඳැල්ලට කැඳෙව්වා.

 

කොහොමද වස්සානයේ සඳට ලැබෙන ප‍්‍රතිචාර?2018-07-03-ent-03

ඉතාම හොඳයි. ‘වස්සානයේ සඳ’ චිත‍්‍රපටයේ මම රඟපාන මිහිරිගේ චරිතයට මේ තරම් ප‍්‍රතිචාර මම අපේක්ෂා කළේ නැහැ. ඒ චරිතයට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වූ විදියට උපරිම සාධාරණයක් කරන්න තමයි උත්සාහ ගත්තේ. මේ චිත‍්‍රපටය නැරඹූ බොහෝ දෙනා දැන් මට කියන්නේ හැමදාම මිහිරි වගේ ඉන්න කියලයි.

 

පියුමි කැමති මොන විදියට ඉන්නද?

පියුමි හංසමාලි විදියටම ඉන්නයි.

 

වස්සානයේ සඳ ඔබට දැනෙන්නේ කොහොමද?

මේක අපූරු චිත‍්‍රපටයක්. නොහිතපු විදියට මට ලොකු ප‍්‍රසිද්ධියක් මේ නිසා ලැබුණා. ඒ නිසා හරිම සතුටක් දැනෙන්නේ. මේ චිත‍්‍රපටය නරඹන පේ‍්‍රක්ෂකයාගේ ඇසට කඳුළක් නාවොත් ඒක ඇත්තටම පුදුමයට දෙයක්. මෙය නැරඹූ බොහෝ දෙනා ශාලාවෙන් පිටව යන්නේ වඩාත් හැඟුම්බරවයි. මේ දක්වා මේ චිත‍්‍රපටය නැරඹුවේ නැත්නම් මේක නරඹන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා.

 

මිහිරි සහ පියුමි අතර ඇති සමානකම් අසමානකම් මොනවද?

බොහෝ විට මිහිරි සහ පියුමි දෙදෙනාම එකයි. වෙනසකට තියන්නේ පියුමි අඳින ඇඳුම්වලට වඩා මිහිරිගේ ඇඳුම් වෙනස්.

 

පසුගියදා ඔබ සාදයකදී ඇඳි විලාසිතාව ගැන බොහෝ සමාජජාලා වෙබ් අඩවිවල පළවෙලා තිබුණා. මොකද ඒ විදියෙ ඇඳුමක් ඇන්ඳේ කියලා එහෙම නේද?

පියුමි හංසමාලි හැමදාම විලාසිතා කළා. හැමදාම ඇන්ඳ විදියක් තිබුණා. එදත් ඒ විදියෙ විලාසිතාවක් තමයි කළේ. නමුත් බොහෝ දෙනා මෙච්චර හොඳ චිත‍්‍රපටයක කළ චරිතය සහ ඒ චිත‍්‍රපටය ගැන කතා කරනවාට වඩා ඒ විලාසිතාව ගැන කතා කරනවා. අනේ මන්දා මිනිසුන්ට වැඩ නැතිද මන්දා. මම හැමදාම ඇන්ඳ විදියට තමයි ඉදිරියටත් අඳින්නේ.

 

මිහිරිගේ පෙම්වතා ගැන හිතෙන්නේ කොහොමද?

ඇත්තටම වස්සානයේ සඳ චිත‍්‍රපටයේ මිහිරිගේ පෙම්වතාගේ චරිතය රඟපාන අනුජ් රණසිංහ ඉතාම සහයෝගයෙන් කටයුතු කරන ශිල්පියෙක්. එයා හොඳ මනුස්සයෙක්. හරිම නිහතමානී නළුවෙක්. මේ චිත‍්‍රපටයේ රඟපෑමේදී මට ගොඩක් උදව් කළා.

 

පියුමි හැමදාම විලාසිතාවලට කැමතියි කිව්වනේ. නමුත් දැන් චිත‍්‍රපට රංගනයට ආ නිසා විලාසිතා නිරූපණයේ යෙදෙන්නේ නැද්ද?

කවදාවත් මම ඒක නතර කරන්නේ නැහැ. මම මොන දේ කළත් වඩා ආදරය කරන්නේ විලාසිතා නිරූපණයටයි. ෆැෂන්වලට මම හැමදාමත් ආදරෙයි.

 

විලාසිතා කියන දේ ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද?

තමන්ට ගැලපෙන ආකාරයේ තමන්ගේ සිරුරට ගැලපෙන විදියට මම නම් අත්හදා බැලීම් කරන්න කැමතියි.

 

නමුත් අපේ වගේ සංස්කෘතියක් තියෙන රටක හිතෙන හිතෙන විදියට ෆැෂන් කරන්න බැහැ නේද?

ෆැෂන් කියන දේ සමහර අයට හරි ආධුනිකයි. සමහර මෝඩ මිනිසුන්ගේ මතයක් ඒක. විලාසිතා කියන දේ නිරන්තරයෙන් ගලා යන දෙයක්. කවුරු මොනවා කිව්වත් මම නම් ෆැෂන් කිරීම නවත්වන්නේ නැහැ.

 

අපි ආයෙත් මිහිරි ගැන කතා කරමු. මිහිරිගේ චරිතය කරද්දි මතකයේ රැුඳි මිහිරිම අවස්ථාව මොකක්ද?

ඇත්තටම කිව්වොත් සමහර බැ?රුම් අවස්ථාවලදී, මට හිනා යන අවස්ථා තිබුණා. ඔන්න ඉතින් ඒ වගේ වෙලාවට මූඞ් වෙනස් කරන්න එපා කියලා අනෙක් අයගෙන් බැනුම් අහන්නත් වුණා. මේ පිටපත මට ලැබුණ පළමු දවසේ ඉඳලාම මම ඒක කියවලාම ඉවර කළා. එච්චරටම ඒ චරිතය මට දැනුණා. උදයකාන්ත මහත්මයා මට ඒ චරිතය ගොඩනගා ගන්න හරියට උදව් කළා.

 

ඔබ කිව්වනේ මෙය නැරඹුවොත් ඇසට කඳුළක් ඒවි කියලා. රංගනයේ යෙදෙද්දී ඔබට ඇත්තටම කඳුළු ආ අවස්ථා තිබුණාද?

අන්තිම ජවනිකාව සඳහා මම මගේම දෙයක් බවට පත් කරගෙන ඒ චරිතය රඟපෑවා. ඒ වෙලාවේ නම් මට ඇත්තටම ඇසට කඳුළක් ආවා.

 

මේ රංගනයෙන් පසු ලැබුණු වෙනත් අවස්ථා මොනවාද?

මේ චිත‍්‍රපටය තිරගත වීමටත් පෙර ටේ‍්‍රලර් එක දැකලා බොහෝ ආයතන වෙතින් ආරාධනා ලැබුණා. ඒ අතරින් සිරස ටි.වී. ගෙන එන ටෙලි ඩ‍්‍රාමා එකකටත් කතා කළා. නමුත් දිගටම චිත‍්‍රපට රඟපාන්න ඕනෑ, දිගටම ටෙලි නාට්‍යවල රඟපාන්න ඕනෑය කියන තැන මම නැහැ. එක දෙයකට සම්බන්ධ වුණාම එය ඉවර වෙන කල් ඊට කැපවීම හැර වෙනත් දේ බාර ගන්නේ නැහැ. ඒ මගේ හැටි. අපේ අම්මා නම් මම ටෙලි නාට්‍යවල රඟපානවාට හරිම ආසයි. පුතත් හරිම ආසයි. මම මිහිරි වගේ චරිතවලට තමයි හරිම ආසා කරන්නේ.

 

මිහිරි ගැන මෙච්චර කතා කරන ඔබට මිහිරි කියන දෙබසකින් මේ කතා බහට සමු දුන්නොත්?

”අනේ මාව දාලා යන්න එපා ගයන්ත.

ඔයා මාත් එක්ක ඉන්න.

මට ඔයාව ඕන”

 

සටහන/ඡායාරූප-සඳුන් ගමගේ

 

2018-07-03-ent-02