මම හරිකියල හිතනවානම් මම ගන්න තීරණ හිතුවක්කාරයි
ටීවී වන් TV 1 නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ‘හිතුවක්කාරයා’ ටෙලිමාලාව මේ දිනවල පේ්රක්ෂකයින් වැඩි දෙනෙක් නරඹන නිර්මාණයක් හිතුවක්කාරයා වූ ඔහු බිඟුන් ලොකුබණ්ඩාරයි. ධනවත් පවුලක චරිතයක්. මේ බිඟුන් ලොකු බණ්ඩාරගෙ චරිතය රඟපාන්නෙ ගයාන් ගුණවර්ධනයි.
දන්නවනෙ මේ ගයාන් කවුද කියලා?
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගෙ පුතා. තාත්තා වගේම ගායනයෙන් සහ සංගීත අංශයේ ශබ්ද පරිපාලන ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ගයාන් දැන් රඟපෑමටත් එක්ව සිටිනවා. හිතුවක්කාරයා සමග එලෙසින් හමුවන ගයාන් එහි රඟපාන ඩිස්නි රාජපක්ෂ හෙවත් මධාරා සැබෑ ජීවිතයේදීත් වඩා සමීප මිතුරන් දෙදෙනෙක්ලූ.
ගයාන්, ඩිස්නි හොඳම යෙහෙළිය ලූ නේද?
ඇත්තම කිව්වොත් අපි හොඳ යාළුවෝ. දෙන්නම වැඩ සටහන්වලට දායක වුණා. මේ හිතුවක්කාරයා නාට්‍යයෙන් පෙම්වතිය වුණා.
ඒ හැර පෙම්වතුන් නෙවෙයිද?
නැහැ, දෙන්නම යාළුවෝ හැටියට එකට සිටින නිසා එහෙම හිතනවා ඇති.
ඔබගෙ තිබුණු ආදරයට මොක ද වුණේ?
2017 මුල දක්වා ඒ ආදරය තිබුණා. පසුව අපි දෙන්නම තීරණයකට ඇවිත් ඒක නතර කළා. දැන් අපි හොඳ යාළුවෝ. දැන් මම ආදරේ කරන්නෙ වෙනමම දෙයකට.
මොනවටද ආදරේ කරන්නෙ?
මගේ නිවේදනය කටයුතු, සංගීත කටයුතු සහ රඟපෑමේ කටයුතු මෙන්ම කලා කටයුතුවලටයි. පෙම්වතියකට ආදරේ කරන්න වෙලා නැහැ.
මේ දිනවල ගයාන් ගැන වැඩිපුරම කතා වන්නේ?
හිතුවක්කාරයා ටෙලිනාට්‍ය නිසයි. එහි මගේ තාත්තා ලෙස රඟපාන්නෙ බුද්ධදාස විතානආරච්චි ප්‍රවීනයා. අම්මා ශ්‍රියානි අමරසේන ප්‍රවීන රංගවේදිනියයි. පෙම්වතියගේ නම චතුරිකා. අනෙක් චරිතය මධාරා. මධාරාට රඟපාන්නෙ සැබෑ ජීවිතයේ මගෙ හොඳම යෙහෙළියක වන ඩිස්නි. මේ නාට්‍යයේ චරිතයට අමතරව දඟරැුල්ල වැඩ සටහන නිවේදනයටත් එක්වෙනවා. තාරුණ්‍යයේ පේ්රක්ෂකාගාරය වෙතින් ඊට ලැබෙන ප්‍රතිචාරත් හොඳයි.
අද මෙහෙම වුණාට ඔබ ක්ෂේත්රයට ආවේ ගායකයකු ලෙසයි.
තාත්තා නිසා තමයි ඒ ආභාෂය ඇතිවුණේ. ඒ නිසාම ශබ්ද පරිපාලන ඉංජිනේරු අංශයෙන් හැදෑරුවා. මගින් ශබ්දාගාර පටන් ගත්තෙ ඉන් පසුවයි. දැන් ඒ ශබ්දාගාරය අපි බොහෝ දේ කරනවා. වෙළඳ දැන්වීම් සඳහා සංගීත නිර්මාණය, ගිටාර් පංති, කී බෝඞ් වාදන පංති මේ සියලූ දේ එයින් සිදු කෙරෙනවා. ඊටත් අමතරව ධන සෘණ හෙවත් ප්ලස් මයිනර්ස් :ූ -* නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා.
මෙයින් ඔබ වඩා කැමති?
මිනිසුන් අතරට ගිහින් නිවේදනය කරන්න, සංගීතය, ගායනය, මේවාට කැමතියි. ෂර්ලි පී දෙලංකාවල මහතා නිසා රූපවාහිනි වැඩසටහන් නිවේදනයට මාවතක් විවර වුණා. නැත්නම් මගේ කැමැත්ත තිබුණෙ තාත්තා වගේ ජනතාවගේ ආදරය දිනාගත් ගායන හා සංගීත ශිල්පියකු වීමටයි. තවමත් ප්‍රධාන කැමැත්ත තියෙන්නෙ ඒ වෙනුවෙන්.
දැනට ඔබ ගයා ඇති ගීත ගැන කිව්වොත්?
ටෙලිනාට්‍ය 4 ක තේමා ගීත ගැයීමට අවස්ථා ලැබුණා. එයින් දෙකක් විකාශය වුණා. ආදරය ගින්දරක් නාට්‍යයේ තේමා ගීතය ගැයුවේ විශාරද උරේෂා රවිහාරි එක්කයි. ‘‘නිසල සඳ ඔබ’’ ටෙලි නාට්‍යයේ අමිලා නදීෂානි එක්ක ගීතයක් ගැයුවා. තවත් ගී දෙකක් උරේෂා රවිහාරි එක්ක ගැයුවා. තාත්තා සංගීතය කළ චන්ද්‍රාස ප්‍රනාන්දු රචිත ‘නිල්දෑසින්’ ගීතය තමයි මගේ පළමු ගීතය.
කොහොමද අද ගයාන්ට ලැබෙන ප්‍රතිචාර
දඟරැුල්ල නිසා එළිමහන් ප්‍රසංගවලට ගියාම ලැබෙන ප්‍රතිචාර වඩාත් ඉහළයි. වයස් සීමාවක් නැතුව හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. ‘හිතුවක්කාරයාටත්’ බොහෝ දෙනා කැමති වග පෙනෙනවා.
සැබෑවටත් ගයාන් හිතුවක්කාරයෙක් ද?
ආදරේ දී, ඒ වගේම සංගීත නිර්මාණ කටයුතුවල දී ගයියා තරමක් හිතුවක්කාර තීරණ ගන්නවා තමයි. මට හරි කියලා දැනෙන දේවල දී තමයි එහෙම කරන්නෙ.
ඉදිරි වැඩ ගැනත් කිව්වොත්?
මම ආසා කරන බොහෝ දේ තිබුණා. පොඩියට හරි ඒ දේවල් කීපයක්ම ඉෂ්ට වුණා. චිත්‍රපට ගීතයක් ගැයීම සිහිනයක් වුණා. දැන් ඒකත් ඉෂ්ට වුණා. අපේම ශබ්දාගාරය වෙතින් බොහෝ නිර්මාණ සිදු වෙනවා. මෙම වසරේදී තාත්තා සහ මා ප්‍රසංගයක් ගෙන ඒමට කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. ඒ විදියට තමයි මේ ගමන යමින් සිටින්නෙ.
සටහන / ඡායාරූප සඳුන් ගමගේ