මම වේදිකාවෙන් කලාවට සම්බන්ධ වුණ කෙනෙක්
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින තාර්යා කෙනඩි සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස දිග හැරියේමු. දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘රාවණා’ ටෙලි නාට්‍යයේ ‘ජානි’ ලෙස මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇති තාර්යා ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.
‘රාවණා’ ටෙලි නාට්‍යය ඔබට විශේෂ එකක්?
ඔව්, දැනට මම ටෙලි නාට්‍යය කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත්, ‘රාවණා’ කියන්නේ දැවැන්ත නිෂ්පාදනයක්. ඉතින් ඒ වගේ ගුණාත්මක බවින් ඉහළ ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබීම මට විශේෂයි. එහි මම රංගනයෙන් දායක වෙන්නේ ‘ජානි’ කියන ප්‍රධාන චරිතයට. ඒ චරිතය ටෙලි නාට්‍යය පුරාවටම කතාබහට ලක්වෙන චරිතයක්. මේ වගේ දැවැන්ත නිර්මාණයකට මාව සම්බන්ධ කරගත් දෙරණ නාළිකා ප්‍රධානි ලක්සිරි වික්‍රමගේ හා අධ්‍යක්ෂක තුෂාර තෙන්නකෝන් යන දෙදෙනාට විශේෂයෙන්ම මේ මොහොතේදී ස්තුති කරනවා.
ටෙලි නාට්‍යය කිහිපයම අපි ඔබ පසුගිය කාලයේ දුටුවා?
ඔව්, දැනට විකාශය වෙලා අවසන් ‘බටහිර අහස’, ‘හඳයා’ ටෙලි නාට්‍යයවල මම රඟපෑවා. මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘දෝන කතිරිනා’ ටෙලි නාට්‍යයේ මාව දකින්න පුළුවන්. ඉදිරියට තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට ඒ ගැන කියන්නම්.
ඔබ වේදිකාවෙන් තමයි රංගනයට පිවිසියේ?
ඔව්, දමයන්ති ෆොන්සේකා අක්කාගේ ‘ගාස්තුව කීයද’ වේදිකා නාට්‍යයේ. එහි මම ‘තත්යානා’ කියන චරිතය තමයි නිරූපණය කළේ. රංගනයට පිවිසියේ දමයන්ති ෆොන්සේකා අක්කාගේ ‘ඇක්ටිං ස්කූල්’ එකේ ඉගෙන ගෙන. වේදිකාව තුළින් රංගනයට පිවිසෙන්න ලැබීම මගෙ ලොකුම වාසනාවක්. මොකද, වේදිකාව තමයි රංගනයට සුදුසුම තැන කියලයි මම හිතන්නේ. දමයන්ති අක්කා වගේම මේ වෙලාවේ තවත් කෙනෙක් මතක් කළ යුතුයි. ඒ තමයි නිමන්ති පෝරගේ අක්කා. ‘හඳයා’ ටෙලි නාට්‍යයේ ‘නදී’ කියන්නේ මගේ රංන දිවියේ වෙනසක් ඇති කළ චරිතයක්. ඒ චරිතයට මාව සුදුසුයි කියලා සුදත් දේවප්‍රිය හා රජිව් ආනන්ද දෙදෙනාට මාව අදුන්වලා දුන්නේ නිමන්ති අක්කා.
ඔබට තියෙන්නේ බටහිර පන්නයට හැඩගැහුණු රූපයක්. නමුත්, ඔබ රඟපාන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිත?
ඇත්තටම මම කැමතියි මගේ පෙනුමට හාත්පසින්ම විරුද්ධ පැත්තට තියෙන චරිත රඟපාන්න. තාර්යා කියන්නේ සාමාන්‍යයෙන් බටහිර විදිහට හැඩගැහුණ කෙනෙක්. මගේ තාත්තා විදෙස් ජාතිකයෙක්. මාව බොහෝ දෙනෙක් අදුනන්නෙත් බටහිර විදිහට හැඩගැහුණු කෙනෙක් විදිහට. රූපවාහිනි තිරේදිත් මාව ඒ විදිහට දකින්න මම කැමති නැහැ. ‘රාවණා’ ටෙලි නාට්‍යයේ ‘ජානි’ වගේම ‘හදයා’ ටෙලි නාට්‍යයේ ‘නදී’ කියන්නේ මගේ සැබෑ ස්වරූපයට විරුද්ධ පැත්තට ලැබුණ චරිත. තාර්යා, තාර්යා විදිහටම රූපවාහිනි තුළ දකිනවාට වඩා, තාර්යාගේ නොදුටු පැත්තක් ප්‍රේක්ෂකයන්ට දකින්න කටයුතු කරන එක තමයි මගේ කැමැත්ත.
කලා ශිල්පිනියක් විදිහට ඔබ යම් යම් සීමාවන් පනවාගෙන තියෙනවාද?
ක්ෂේත්රයේ යම් යම් පැතිවලට යද්දි මම ගොඩක් වෙලාවට මගේ ඇඳුම් පැලඳුම් ගැන ගොඩක් හිතනවා. මමත් බටහිර පන්නයට හැදුන කෙනෙක්. නමුත්, මම රූපවාහිනි තිරයේ, ප්‍රසිද්ධ තිරයේ කොටට ඇදලා රඟපාන්නේ නැහැ. එහෙම චරිත මම ගොඩක් වෙලාවට භාර ගන්නෙත් නැහැ. වැදගත් රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න මට අවශ්‍යයි. ලංකාවේ ඉන්නවා ජනප්‍රිය හොඳ දක්ෂ රංගන ශිල්පිනියෝ. ඔවුන් කවදාවත් නිරුවත විකුණලා නෙවෙයිනේ ප්‍රසිද්ධ වුණේ. මමත් එහෙම කෙනෙක්.
නිර්මාණයේ ගුණාත්මක බවද? ලැබෙන මුදලද? ඔබ මුලින්ම අවධානය යොමු කරන්නේ?
අනිවාර්යයෙන්ම නිර්මාණය ගැන තමයි ගොඩක්ම හිතන්නේ. මාත් එක්ක වැඩ කරපු අධ්යක්ෂවරු ඒ බව දන්නවා. මම කවදාවත් මුදල ඉස්සර කරගත්තේ නැහැ. වැදගත් චරිතයක් නම් මම මුදල ගැන නොසිතා ඒ නිර්මාණය භාර ගන්නවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - මිහිර බණ්ඩාර