මම විලාසිතාවන් වෙනුවෙන් උනන්ඳු වෙන කෙනෙක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා හරහා නිතර දකින ගිත්මා බණ්ඩාර මේ දිනවල ඔබේ ආදරය දිනා සිටින්නේ හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන 'සංගීතේ' ටෙලි නාට්‍යයේ 'අසේනි' ලෙසය. විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වන දිනිති වල්ගමගේ සමග අද ඇය කැමති විලාසිතා ගැන අපි කතා බහ කළේමු.

20200421Geethma-1විලාසිතාවලට ගීත්මාගේ තියෙන කැමැත්ත කොහොමද?

සාමාන්‍යයෙන් විලාසිතා වලට කැමතියි. නමුත්, හැම විලාසිතාවම මට ගැළපෙන්නේ නැහැනේ. ඉතින් මට ගැළපෙන නිදහස් සරල විලාසිතාවන් මම තෝරා ගෙන කරනවා.

මාසික ගත්තොත් ඇඳුම් පැළඳුම්වලට ගීත්මා කොපමණ වියදම් කරනවාද

විශේෂයෙන් අඳුම් පැළඳුම්වලට කියලා ලොකුවට වියදම් කරන්නෙ නෑ. බොහෝ විට අවශ්‍යතාවය මත තමයි වියදම් කරන මුදල තීරණය වෙන්නෙ.

 

අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?

ගවුම් අදින්න තමා වැඩිපුර ආස. ඒක දිගද කොටද කියන එක මට ගැටළුවක් නැහැ. මට ලස්සනයි කියලා හිතෙනවා නම් මම ඕනෑම ගවුමක් අඳිනවා.

ගන්න ඇඳුම් කොපමණ කාලයක් අඳිනවද?

එහෙම විශේෂයක් නෑ. මට ඒක ලස්සනයි කියල හිතෙනකම් මම ඒ ඇඳුම් අදිනවා.

ඇඳුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද? එහෙමත් නැත්නම් එහි වටිනාකමද?

ඒ දෙක ගැනම මම අවධානය යොමු කරනවා. මම වැඩිපුර විලාසිතාවන් වෙනුවෙන් උනන්ඳු වෙන කෙනෙක් නෙමෙයි. නමුත්, මගේ අවශ්‍යතාවන්ට අනුව මම වියදම් කරන මුදලට වටිනාකමක් දෙන්න කැමතියි. ඒ නිසා මට සුදුසු ලස්සන ඇදුම් වෙනුවෙන් මම උපරිමය වියදම් කරනවා.

 

යාළුවෝ සමග ඇඳුම් විලාසිතා ගැන කතා කරනවාද

ඔව් නිතරම වගේ කතා කරනවා. අලුත් ඇඳුමක් කවුරුහරි ඇඳගෙන ආවොත් යාළුවෝ අපි හැමෝම කතා වෙන්නේ ඒ ගැන තමයි.


නිතර ඇඳුම් ගන්න යන තැනක් තියෙනවාද?

එහෙම විශේෂ ස්ථානයක් නැහැ. ලස්සන ඇඳුමක් නම් ඕන තැනකින් මම ඒකගන්නවා. මම විශේෂ බ්‍රෑන්ඩඩ් රාමුවක් තුළ කොටු වෙලා නෑ. මම ප්‍රමුඛත්වය දෙන්නේ අඳුම ලස්සනට විතරයි.

ඇඳුම් ගන්න යන්නේ කාත් එක්කද?

බොහෝ දුරට මම ඇඳුම් ගන්න යන්නේ තනියම. මට නිදහසේ කාලය ගතකරමින් මගේ ඇඳුම් තෝරාගන්න ඕනි. ඉතින් බොහෝ දුරට ඒ වැඩේට යන්නේ තනියම.

බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද
 

20200421Geethma-2 20200421Geethma-3