මම විනෝදාංශයක් විදිහට තමයි කලාව කරන්නේ
හිරු අවුරුදු කුමරිය තරඟය හරහා කලාවට එකතු වුණු චතුරානි පෙරේරා අද වනවිට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙලා තිබෙනවා. තවමත් උසස් අධ්‍යාපනය හදාරන ඇය ව්‍යාපාර කිහිපයක්ද පවත්වාගෙන යනවා. රංගනය තුළින් ඉදිරියට යෑමට බලාපොරොත්තුවක් දක්වන චතුරානිව අප සාරවිටට සම්බන්ධ කරගන්න සිතුවා.
මේ දවස්වල නෝ පාර්කින් ටෙලි නාට්‍යයේ ෂූටින්වලට සම්බන්ධ වෙලා ඉන්නේ. ළඟදි රූගත කිරීම් අවසන් වුණා ගුත්තිල චිත්‍රපටයේයි ප්‍රසිඩන්ඩ් සුපර් ස්ටාර් කියන චිත්‍රපටයේයි. එතකොට වෙළඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා.
රංගනයට එකතු වෙන්නේ කොහොමද?
රංගනයට එකතු වෙන්නේ නම් හිරු අවුරුදු කුමරිය හරහා. දැන් අවුරුද්දක් විතර වෙනවා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා.
ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
ක්ෂේත්‍රය නම් හොඳයි. වැරැද්දක් කියන්න බැහැ.
කලාව කියන්නේ ඔයාගේ වෘත්තීයද?
මම විනෝදාංශයක් විදිහට තමයි කලාව කරන්නේ. මම ව්‍යාපාරිකාවක්. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයත් හදාරනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් නම් ලොකු සහයෝගයක්, ආශිර්වාදයක් ලැබෙනවා. අම්මා හැමතිස්සෙම ෂූටින් යද්දි එනවා.
කලාව කියන්නේ අහම්බෙන් එකතු වෙන්න ලැබුණු දෙයක්ද?
මම ප්ලෑන් කරලා කරපු දේවල් තමයි යුනිවර්සිටි ගියපු එක, බිස්නස් කරන එක. පොඩි කාලේ ඉඳලා කලාවට ආසාවක් තිබුණාට රඟපාන්න, රංගන ශිල්පිනියක් වෙන්න හිතේ තිබුණේ නැහැ. පෙර කරපු මොකද්දෝ පිනකට වෙන්න ඇති මේ දේවල් ලැබෙන්නේ.
සමාජ මාධ්‍ය ගැන ඔබ මොනවාද හිතන්නේ?
සමහරු ඕනෑවට වඩා සමාජ මාධ්‍ය භාවිතා කරනවා. සමහරු බොරුවට ජනප්‍රිය වෙන්න භාවිතා කරනවා. ඒ හැකියාව නැති මිනිස්සුයි. හැකියාවක් තිබෙනවා නම් එහෙම කරන්න ඕනේ නම්.
ක්ෂේත්‍රයේ වැඩිපුරම ඉන්නේ දක්ෂතාවය තියෙන අයද, නැති අයද?
දෙවර්ගයේම අය ඉන්නවා. දක්ෂතාවය තිබෙන අයට ඉදිරියට එන්න ටිකක් අමාරුයි. වැරදි විදිහට නම් ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන්.
ඉදිරි වැඩකටයුතු කොහොමද?
චිත්‍රපටයක හොඳ, ප්‍රධාන චරිතයක් රඟපාන්න ආසයි. තව අළුත් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
කැළුම් දේවින්ද