මම වාසනාව සහ දක්ෂතාවය දෙකම විශ්වාස කරන කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020-03-17-ent-158

පෞද්ගලික අංශයෙන් සේවය කරමින් මේවනවිට රංගනයේ යෙදෙමින් රසික ආදරය දිනා ගත් ඇය නමින් පියුමලී තිළිණිකාය. මේ දිනවල පුංචි තිරයේ ඇයව දැක ගැනීමටද හැකියාව තිබේ. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට "අද" තරු කතාබහට ඇය මෙලෙස එක්විය.2020-03-17-ent-161

 

මුලින්ම ඔබ ගැන කිව්වොත්?

මම පියුමලී තිළිණිකා. මම ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරනවා. මට ලැබෙන කාලයත් එක්ක රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.

 

කොයි කාලයේදී කලාවට එකතු වුණේ?

ලොකු කාලයක් නැහැ. දැනට අවුරුදු දෙකක වගේ තමයි.

 

මුලින්ම දායක වුණු නිර්මාණයෙන් ඉඳන් කියමු?

මගේ පළවෙනි නිර්මාණය තමයි සුරංග සතරසිංහ මහත්මයාගේ %කන්තෝරු මෝරු^. දෙරණ නාලිකාවේ විකාශය වුණු ඒ නාට්‍යයට තමයි සම්බන්ධ වුණේ. ඒකෙන් පටන් ගත්ත ගමන තමයි මේ එන්නේ.

 

මේ නිර්මාණයෙන් පස්සේ කලාවට ආසා කලාද?

පොඩි කාලේ දේවල් කරලා තිබුණා. පාසලෙන් ඉවත් වෙද්දී රැකියාව ලැබුණු නිසා ඒ වගේ දේවල් කරන්න කාලයක් තිබුණෙත් නැහැ, උවමනාවත් තිබුණෙත් නැහැ. පවුලේ ළඟම හිතවතෙක් තමයි. සුරං අංකල් කියන්නේ. මාව දැකලා තමයි ඔහු ආරාධනාවක් කරන්නේ.

 

දායක වුණු නිර්මාණ ගැනත් කතාකරමු?

ශිවා සර්ගේ "දූවිලි අහස", සිදත් අයියාගේ "සඳ හැංගිලා", "මායාවී", චරිත අයියා කරපු, "කුමී", තිළිණි බොරලැස්ගමුව අයියාගේ "සිඳූ", ශ්‍රියන්ත අයියා අධ්‍යක්ෂණය කරන "හදවතේ කතාව", සුපුන් රත්නායක "Black Town Story" කියන නාට්‍ය සඳහා දැනට රංගනයෙන් දායක වෙලා තියෙනවා. "හදවතේ කතාව" සතියේ දිනවල රෑ 9.00ට විකාශය වෙනවා. "Black Town Story" සිරස නාලිකාවේ සති අන්තයේ විකාශය වෙනවා.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

හොඳයි. මට ගොඩක්ම ලැබෙන්නේ සැර පරුෂ චරිත. සමහරක් වෙලාවට කමෙන්ට් බැනලා එහෙම දානවා. රසිකයන් ඒවා වැළඳ ගන්න විදිහක් තියෙනවානේ. අහිංසක චරිතවලට ආදරය කරනවා, දුෂ්ට චරිතවලට කැමති නැහැනේ. ගොඩක් වෙලාවට රැකියාව කරද්දී ගොඩක් අය අඳුරගෙන කතා කරනවා. මේ නාට්‍යයේ ඉන්නේ ඔයා නේද? ඇයි ඔයා එහෙම නපුරු. ඇත්තටම ඔයා එහෙමද? ඒ වගේ ප්‍රතිචාර තියෙනවා.

 

නපුරු චරිතම ලැබෙන්නේ ඇත්ත ජීවිතයේ ඇත්තටම නපුරුද?

නපුරු නම් නැහැ. නමුත් මට දෙයක් තියෙනවා කෙලින් කෙනෙක්ගේ වැරැද්ද තියෙනවානම් කියනවා. හිතෙන් ඒක අමතක කරනවා. ඒවා දක්කාම හිතන්නේ නපුරුයි කියලා.

 

නිර්මාණ නිසා ලැබුණු ආදරේ දැනෙන්නේ කොහොමද?

ගොඩක් වෙලාවට මම හිතනවා මම හරි වාසනාවන්තයි කියල. හරි අතළොස්සකට ලැබෙන අවස්ථාවක් ඒක. අපි ක්ෂේත්‍රයට ආවාම රඳා පවතින්නත් අමාරුයි. තමන්ගේ චරිත ප්‍රේක්ෂකයන් අතරට යනවා. සමහර චරිත යන්නේ නැහැ. ඒවත් එක්ක බලනකොට හරි සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ඒ දේවල් ගැන කට්ටිය කතා කරද්දී.

 

චිත්‍රපටවලට කැමති නැද්ද?

චිත්‍රපට සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් කාර්යබහුලත්වයත් එක්ක ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න වුණේ නැහැ. ළඟදී තව වැඩකට ආරාධනාවක් ලැබුණා. බලමුකෝ ඉස්සරහට.

 

ඔබට තියෙන්නේ දක්ෂතාවයද? වාසනාවද?

මම මේ දෙකම විශ්වාස කරනවා. සමහරක් අය අපි දන්නවා ඒ අය මාර දක්ෂයි, නමුත් ඒ අයට මේ ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න වාසනාව ලැබුණේ නැහැ. සමහරක් අය පුදුම විදිහට වාසනාවන්තයි. ක්ෂේත්‍රය ආපු ගමන් ප්‍රසිද්ධ වෙනවා. එයාට දේවල් හම්බවෙනවා. ඉතින් ඒ නිසා මම වාසනාව සහ දක්ෂතාවය දෙකම විශ්වාස කරන කෙනෙක්.

 

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු මොනවාද?

මම මූලිකත්වය දෙන්නෙ මගේ රැකියාවට. මම කලාවට ආදරේ නැතුව නෙමෙයි. මම කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. අද මම මෙහෙම හිටගෙන ඉන්නේ මගේ අම්මිගෙන් අප්පච්චිගෙන් පස්සේ මගේ රැකියාවෙන් ලැබෙන දේවල් නිසා. මගේ කාල වේලා පුළුවන් විදිහට හදාගෙන මම කලා කටයුතුවලට දායක වෙනවා. මිනිස්සුන්ට කරදරයක් නැතුව මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්න සහ හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

Dilan Chryshantha / Pic - Sajeewa Lakshan

 

 

2020-03-17-ent-155 2020-03-17-ent-156 2020-03-17-ent-157  2020-03-17-ent-159 2020-03-17-ent-160