මම රඟපාන්නේ මට පුළුවන් චරිත විතරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2832

ලස්සන හිනාව, වගේම ඇය සතු හිනැහෙන ඇස්දෙක, ඇයගේ සුන්දරත්වයට තවත් අලෝකයකි. අපි මේ විදියට කතා කරන මේ සුන්දර ශිල්පිනිය ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නැහැ. ඇය ආශා එදිරිසිංහ. සුන්දර ආශා මේ දින වල අපට හමු වන්නේ ලංසුපතිනියෝ ටෙලි මාලාව සමගයි. අද අපේ කතා බහ ලංසුපතිනියෝ හැඩකරන ‘අසංගි’ හෙවත් ආශි වූ ආශා සමගයි.

 

ආශා ලංසුපතිනියෝ එක්ක මේ කොච්චර කාලයකට පසුවද?

මම හිතන්නේ වසරකට විතර පසුව රාජ යෝගයෙන් පසුව මේකට සම්බන්ධ වුණේ. ගොඩාක් සතුටුයි.2019-12-18-ent-2834

 

හේතුව!

මම ගොඩක් කරලා නැහැ. කරපු සැම චරිතයක්ම වගේ මේකත් මං කළ වෙනස් චරිතයක්. මටත් කළ හැකි උපරිම දේ කරනවා. ඉතින් සතුටුයි.

 

ලංසුපතිනියෝ එකේ කල්තොට අසංගි?

ඔව්. සාරංග අයියා, කතා කරන්නේ අමීෂා පටෙල් කියලා. යාළුවො හෙම්මා (තිසුරි) කැතී (විදුෂි) එහෙම කතා කරන්නේ අශී කියලා. සාරංග කෙහෙල් සුසා කියලා එයාගෙ නම සුසන්ත වුණාට කියන්නේ එහෙමයි.

 

ඇත්තටම ආශා ඇයි වැඩිය දකින්න නැත්තේ?

මම හිතන විදියට මම රඟපාන්නේ මට කරන්න පුළුවන්. චරිත විතරයි. මගේ ව්‍යාපාරය නිෂ්පාදන ආයතනයක්. ඉතින් ඒ වැඩ එක්ක මට පිට වැඩ වලට යන්න තරම් කාලය මදි. කළ හැකි වුණොත් කරනවා. සියයට අසූවක්ම වගේ මගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ වලට.

 

ඔබගේ නිෂ්පාදන ආයතනයෙන් මෑතකදී කළ නිර්මාණය?

අළු බඳුන, රණා, මට මතක විදියට වර්ණ නාට්‍යයත් කලා. සුළඟ කළා.

 

රඟපෑමද ලෙහෙසි මේ නිෂ්පාදන වැඩද?

මේ දෙකම හරිම අමාරුයි. දෙකම එක වගේ අංශ දෙකක්. නිෂ්පාදන අංශයට වඩා කැමතියි.

ලෙහෙසි මොකක්ද කියලා කියන්න බැහැ. කාර්යයක් විදියට ගත්තොත් දෙවිදියක්. එක එක විදියෙ පුද්ගලයින්. පරිසරය විවිධයි. ඒ වගේ නෙමෙයි මට නම් පුද්ගලිකව ගත්තොත් මේ අංශ දෙකම අමාරුයි.

 

දැන් හොඳ සල්ලිකාරියක් වෙන්න ඇති.

අපෝ නැහැ. බොහෝම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. අපි මහන්සි වෙලා උපයන දෙයක්. මහන්සි වුණොත් පුළුවනි. ඒ වගේම වියදම් ටිකකුත් තියෙනවනෙ. චුට්ට චුට්ට දියුණු වෙන මනුස්සයෙක්.

 

ලංසුපතිනියෝ ගැන කියමු?

සාරංග දිසාසේකර අයියාගේ ප්‍රථම නිෂ්පාදනය. තුසිත අනුරාධගේ අධ්‍යක්ෂණය. මට ඇත්තටම හරි සතුටුයි. මේ නිර්මාණයට දායක වීම. රසික සුරවීර ආරච්චි අයියගෙ පිටපත මේක මට නම් හරි විශිෂ්ඨයි. හොඳ පිටපතක් විශිෂ්ඨ අධ්‍යක්ෂණයක්. එවැන්නක මටත් ඉඩක් ලැබීම වාසනාවක්. මම රඟපෑවත් මාත් එහි රසිකාවියක්. අපේ වැඩ කරන කණ්ඩායමත් ඉතා මහන්සි වෙලා කරන නිර්මාණයක්. ඔක්කොගෙම දායකත්වය විශිෂ්ඨ නිසා ඒක හොඳ නිර්මාණයක් වෙලා.

 

ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

පුද්ගලිකව මට පුංචි ළමුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ගමේ චරිතයක් අසංගි. පිටිසර ගමකින් ආවා. ඒ ගති ගුණ කොළඹ ආවා කියලා ඇරෙන්නෙ නැහැ. කොළඹ දේවල් වලට හැඩ ගැසෙද්දි සමහර අයට හිනා යන්න පුළුවන්. දුව මේ ඊයේ බලපු කොටස බලලා අදත් මට මතක් වෙලා හිනා ගියා කියලා අංකල් කෙනෙක් කිව්වා.

මේ විදියටම වගේම ඔක්කොමලා හොඳ දායකත්වයක් දීලා තියෙන නාට්‍යයක් අපි ෂූටිං එන්නෙත් හරි සතුටින්. කෙනෙක් සතුටින් වැඩ කරන්න නම් ලැබෙන ඵලය විශිෂ්ඨ විය යුතුයි. මගේ මවට රඟපාන්නේ රම්‍යා වනිගසේකර මහත්මිය. එයත් මට හරි ලොකු වසනාවක්. එතුමියගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. මේක ඇත්තටම විශිෂ්ඨ නාට්‍යයක්. මාත් මෙය විඳින නිසා මට එය දැනෙන්නේ එහෙමයි.

 

කොහොමද ආශාගේ ජීවිතය?

වැඩත් එකක්ම තමයි ගෙවෙන්නේ. සතුටින් ජීවත් වෙනවා. තව කොච්චර කාලයක් අපට යන්න තියෙනවාද? හෙට කොහොමද කියලා අපි දන්නේ නැහැ. හැම කෙනෙක්ම අවබෝධයෙන් කල්පනාවෙන් ජීවත් වීම තමයි වටින්නේ. සෑම මොහොතකම එය කළ හැකි නම් හොඳයි.

 

ආශා කොහොමද? ජීවිතයට බැඳී තියෙන ආදරය මනුස්සකම වගේ දේ දකින්නේ.

මුළු මිහිතලයම පවතින්නේ මේ බැඳීම් එක්ක. මිනිසුන් විතරක් නෙවෙයි. ගහ කොළ දිහා බලද්දිත් සෙනෙහස මම විඳලා දැකලා තියෙනවා. මම සහ මගේ මව එක්ක ජීවත් වෙන්නෙ. මගේ වීරයා වුණේ තාත්තා. තාත්තා ජීවතුන් අතර නැහැ. එකම අයියා ජීවත් වන්නේ ස්‍වීඩනයේ.

 

ඔයාට ස්‍වීඩනයට යන්න?

වරින් වර ගිහින් එනවා. හරිම ලස්සන රටක්. පුංචි දුවෙක් ඉන්නවා. එයාට මම හරි ආදරෙයි. ඒ දුව බලන්නට යනවා.

 

ඇයි සිංදු නොකියන්නේ?

කීපයක් කිව්වා. තේමා ගීතයක් වර්ණ ටෙලි ඩ්‍රාමා එකේ. පූර්ණ සචින්න මල්ලි එක්ක. සෙන්ටිග්‍රේඩ් සහ ඉසුරු ජයරත්න අයියා එක්ක. කිචි බිචියට ගී ගයන්න කියලා. අවුරුදු කාලෙට කළ ගීතයක්. රී මිකිස් එකක් කළා. සසින්ද සංදීප් මල්ලි එක්ක. තව ඉස්සරහට එකක් කරන්න හිතාන ඉන්නවා. මගේම මියුසික් වීඩියෝ එකකුත් කරන්න හිතාන ඉන්නවා.

 

ආශා ඔබ මෙතෙක් ආ රංගනයේ සහ කලාවේ ගමන ගැන කෙටි හැඳින්වීමක් කරමු?

මේ ගමන පටන් ගත්තේ අවුරුදු 11 දි විතර. ගිරිකුල අන්දරය නාට්‍යයෙන්. යශෝදා අක්කා එක්ක උප ප්‍රධාන චරිතයක් රඟපෑමට තරම් එදා වාසනාවන්ත වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව සරසවි ජීවිතයට එළැඹ උපාධිය ලබා ගෙන ඉන් පසුවත් දිගටම වගේ රංගනය හා එක්ව සිටියා. ඒ අතර වාරයේදී හීනහතක් වැඩසටහනට නිවේදනයෙන් දායක වුණා. බොහෝ දෙනා අතරට ගියේ ඒ වැඩසටහන වෙතින්. පසුව නිල් නෙතු, සුළඟ, රන් සමනළයෝ වගේ නාට්‍ය නිසා බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා කියලා හිතනවා.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

 2019-12-18-ent-2833