මම යන හැම තැනටම අම්මත් එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-28-ent-18

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු ලෙස පැමිණි ඇය කිත්මා ද සිල්වා වෙයි. නිරූපණය පිළිබඳව අධ්‍යයන කරමින්, තමන්ගේ ඉගෙනීමේ කටයුතු සමබරව කරගෙන යන ඇය මෙලෙස ‘සාරවිට’ එකතු වූ මොහොතයි මේ.

 

මුලින්ම ඔයා ගැන කිව්වොත්?2018-04-28-ent-20

මගේ නම කිත්මා ද සිල්වා. අවුරුදු 20 යි. දැනට SLLIT එකේ ඉගෙන ගන්නවා.

 

එතකොට නිරූපණය කරන්නේ?

මම දැනට රීචිලී, ෆැෂන් බග් එකේ සහ තවත් ඇඳුම් කඩ දෙකක ෆැෂන් ෂූට් කරනවා. ඒ වගේම බ්‍රයිඩල් කරනවා. පත්තරවලට ෆොටෝ ෂූට්ස් කරලා තියෙනවා.

 

නිරූපණයට එන්න හිතුණේ ඇයි?

මුලින්ම මම රීචිලි එක කරන්න පටන් ගත්තේ. ඒකේ ෆොටෝග්‍රැපි කරන කෙනා මට කතා කළාම, එකේ ෂූට් එකට ආස හිතුණා. ගෙදරින් අකමැත්තක් තිබුණෙත් නෑ. ඒ නිසා තමා කරන්න පටන් ගත්තේ.

 

මේ සඳහා ගෙදරින් අවසර ලැබුණාද?

ඔව්, රඟපාන ඒවට යන්න දුන්නේ නැහැ. මේකටත් යන්න දුන්නේ අඳුරන කෙනෙක් ඉන්න නිසා. දැන් මම යන හැම තැනටම අම්මත් එනවා. ඒ නිසා බයක් නැහැ.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මේකේ හොඳ මහ නරක යන දෙපැත්තක් තියෙනවා. ඇත්තටම ගොඩක් මිනිස්සු මේක ගැන වැරදියට හිතන් ඉන්නවා. අපි හොඳ දේ තෝරාගෙන කරාම කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ තත්ත්වේ තියන් වැදගත්කම තියන් හරියට හිටියොත් හොඳ විදිහට හොඳ ගමනක් යන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. හොඳ අයත් නරක අයත් අපි ඒ දේවල් තේරුම් අරන් වැඩ කළොත් අපේ නමට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කියලා මම හිතනවා.

 

රංගනයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

මියුසික් වීඩියෝ, ඩ්‍රාමා, ෆිල්ම්, TVC මේ හැම එකකින්ම ගොඩක් අය කතා කළා. තාම ඒ එකකටවත් ගියේ නැහැ. TVC කරන්න නම් ආසයි. මගේ ඉගෙනීමේ වැඩත් එක්ක අනික් ඒවට යන්න මට කාලයක් නැහැ. ඒ රඟපාන්න වගේම නිවේදනයටත් ගොඩක් ආසයි.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මගේ ඉගෙනීමේ වැඩ ටික හොඳින් ඉවර කරලා හොඳ ජොබ් එකක් කරලා නිරූපණ වැඩත් හොඳින් කරගෙන සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

අවසාන වශයෙන් කිව්වොත් ඔබේ නිරූපණ ගමනට උදව් කරපු පිරිස ගැන?

ගොඩක් අය ඉන්නවා. මුලින්ම අම්මට ස්තුති කරනවා හැමදෙයකටම මාත් එක්ක හිටියට. ඊට පස්සේ චිලී තිලංක අයියට ස්තුති කරනවා. එයාගේ ෂොප් එකේ මට අවස්ථාවක් දුන්නට. සුජාන් අයිටත් ස්තුති කරනවා. මෙතෙක් කල් මට මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ස්තුති කරන්න කැමතියි.

 

 2018-04-28-ent-19