මම මේ ක්ෂේත්‍රය තුළ තවමත් මගේ නම කැත කරගෙන නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-22-ent-132

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද පෙනී සිටි ඇය; මේ වනවිට විලාසිතා නිර්මාණකාරණියක් ලෙස කටයුතු කරමින් සිටියි.

 

නතාෂා ක්ෂේත්‍රයට එන්නේ?2019-01-22-ent-135

2007 වසරේ දී. ඒ දෙරණ ‘මිස් ශ්‍රී ලංකා’ තරගයට ඉදිරිපත් වෙලා. එහි අවසන් තරගකාරියන් කිහිප දෙනා අතරට මට එන්න අවස්ථාව ලැබුණා. ‘හොඳම ක්‍රියාශීලී’ ඉසව්වේ ජයග්‍රාහිකාව විදිහට තේරුණේ මාව. ඊට පස්සෙ තමයි නිරූපණයට සම්බන්ධ වුණේ.

 

නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා?

ඔව්, රොසෑන් ඩයස් මහත්මිය යටතේ ඇයගේ මොඩල් ඇකඩමියේ මම ඉගෙන ගත්තා. එහෙම හැදෑරීමක් කරලා තමයි මම නිරූපණයට සම්බන්ධ වෙන්නේ. නමුත්, නිරූපණයට එන්න කලින් ‘මිස් ශ්‍රී ලංකා’ තරගය හරහා බොහෝ පිරිසක් මාව අඳුනගෙන තිබුණා.

 

දැනට ඔබ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවාද?

බොහෝ වෙලාවට සම්බන්ධ වුණේ ගීත රූප රචනා හා රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පමණයි. ජනප්‍රිය ගායක රූනීගේ පළමු ගීත රූප රචනාව වූ ‘මල්හි සරා’ හි මම රඟපෑවා. ඊට අමතරව ජනප්‍රිය වුණ ළහිරු පෙරේරාගේ ‘රට කජු’ ගීතයේ රූප රචනාවටත් මම පෙනී හිටියා. වෙළෙඳ දැන්වීම් ගත්තොත් මම රඟපෑ ‘මොබිටෙල්’, ‘කොත්තු මී’, ‘ඩයලොග්’ හා ‘ටෙලිකොම්’ වෙළෙඳ දැන්වීම් බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වුණා.

 

නිරූපණයට සම්බන්ධ වුණ බොහෝ දෙනෙකුගේ ඊළඟ ඉලක්කය තමයි රංගනයට එකතු වෙන එක?

මටත් ආරාධනා කිහිපයක් ආවා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න. නමුත්, කාලය කළමනාකරණය කරගන්න බැරිකම නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. අනික් කාරණය තමයි මම ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේ කෙටි කාලයකින් නිම කරන නිර්මාණවලට දායක වෙන්න කැමතියි. ඒ නිසා ගොඩක් වෙලාවට ඒ වගේ නිර්මාණවලට තමයි මම වැඩි දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වුණේ.

 

නතාෂා කියන්නේ නර්තනයටත් දක්ෂ කෙනෙක්?

පොඩි කාලේ ඉඳලා මම නර්තනයට ගොඩක් දක්ෂයි. මම කාලයක් නර්තන ගුරුවරියක් විදිහටත් කටයුතු කළා. නමුත්, මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළාට පස්සේ මම ඒ වැඩ ඔක්කොම අත්හැරලා මුළු අවධානයම ව්‍යාපාරයට යොමු කළා.

 

ව්‍යාපාරයක් ආරම්භ කළ නිසා ඔබ නිරූපණ කටයුතුවලින් දැන් ඉවත් වෙලාද?

නැහැ. නිරූපණ කටයුතුවලට වෙනදා වගේම දායක වෙනවා. නමුත්, දැන්නම් බොහෝ වෙලාවට වැඩ තෝරගෙන තමයි කරන්නේ. ගොඩක් වෙලාවට ‘බ්‍රයිඩ්ල්’ වැඩවලට පමණයි සම්බන්ධ වෙන්නේ. ඒ වැඩේට මම ගොඩක් කැමතියි.

 

නිරූපිකාවක් විදිහට එදා සහ අද ඔබ දකින්නේ කොහොමද?

2007 වසරේ දී තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ. අද වෙන කොට වසර දහයකට වැඩි කාලයක් මම නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරලා තියෙනවා. එදා සහ අද ගත්තොත් නිරූපණ ක්ෂේත්‍රය ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්. මම මේ ක්ෂේත්‍රයට ආවේ ඒ ගැන හැදැරීමක් කරලා. දැන් නම් නිරූපිකාවක් වෙන්න පොඩි ෆොටෝ ෂූට් එකක් කරලා ඒක ‘ෆේස්බුක්’ එකේ දැම්මත් ඇති. අද මොඩ්ස්ලා කියලා කියාගන්න අය කවදාවත් ‘රූම්ප්’ ගිහින් නැහැ. ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රය කඩා වැටීමට මූලිකම හේතුව විදිහට මම දකින්නේ ඔය කියන කාරණය. අද නිරූපිකාවකට තියෙන්නේ අඩු පිළිගැනීමක්. අපිට වුණත් අද තැනකට ගිහිල්ලා කතා කරන්න බැහැ නිරූපිකාවක් විදිහට.

 

නතාෂා නිරූපිකාවක් විදිහට කටයුතු කරද්දී යම් සීමාවන් පණවා ගෙන තියෙනවාද?

මම ගොඩක් ආස කරන වෘත්තියක් තමයි නිරූපණ වෘත්තිය. ඒ නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණෙත්. මම වැඩක් භාරගනිද්දි ගොඩක් වෙලාවට ඒ භාරගන්න වැඩේ ගැන හිතනවා. අදින ඇඳුම් පැලඳුම් ගැන හිතනවා. ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ. මම වැදගත් නිසයි මම මේ ක්ෂේත්‍රය තුළ තවමත් මගේ නම කැත කරගන්නේ නැතිව ඉන්නේ. අද ගොඩක් අය ඉන්නවා ජනප්‍රිය වෙන්න විවිධ දේවල් කරන. එහෙම කරලා ජනප්‍රිය වුණාට ඒ අයට පැවැත්මක් නැහැ. අපි ක්ෂේත්‍රයට ආවේ ඉගෙන ගෙන. ඒ නිසා තමයි අපිට තවමත් මේ ක්ෂේත්‍රය තුළ තැනක් තියෙන්නේ.

 

ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක

 

 2019-01-22-ent-133 2019-01-22-ent-134