මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ලොකු කාලයක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-13-ent-134 

මේ දිනවල විකාශය වන ‘පූරි’ ටෙලි නාට්‍යයේ ‘මාලී’ ලෙස රංගනයෙන් දායක වන මිෂෙල් දිල්හාරා වර්තමානයේ තරුණ පිරිස් අතර වඩාත් කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. අතිසාර්ථකව ප්‍රදර්ශනය වන ‘උදුම්බරා’ චිත්‍රපටයේ ද රංගනයෙන් දායක වන ඇය ඉදිරියේ දී තවත් ටෙලි නාට්‍යය හා චිත්‍රපට කිහිපයකින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳව ඇය ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැන්නකි.

 

මේ දිනවල අපි ඔබව නිර්මාණ කිහිපයකින් දකිනවා?2018-11-13-ent-135

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පූරි’ ටෙලි නාට්‍යයේ ‘මාලි’ ලෙස මම රංගනයෙන් දායක වෙනවා. පසුගිය කාලේ නම් මම ටෙලි නාට්‍යය කිහිපයකටම දායක වුණා. ‘තුත්තිරි’, ‘දංකුඩු බණ්ඩා’ හා ‘සල්සපුනා’ ඒ අතරින් කිහිපයක්. දායක වුණ නිර්මාණ කිහිපයක් ඉදිරියට එන්නත් තියෙනවා. මේ දිනවල ‘අනුලා දේවි’ කියලා තවත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලට දායක වෙනවා. නුදුරේම මේ ටෙලි නාට්‍යය ‘සිරස’ රූපවාහිනි නාළිකාවේ විකාශය වේවි.

 

මිෂෙල්ගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය විදිහට දකින්නේ?

‘සල්සපුනා’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ නාලන් මෙන්ඩිස් මහතා යටතේ පළමු වතාවට රඟපාන්න ලැබුණ එක ලොකු වාසනාවක්. මොකද, නාලන් මෙන්ඩිස් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම හා ප්‍රවීණතම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම තමයි ‘සල්සපුනා’ ටෙලි නාට්‍යයේ ‘පොඩි පත්තරකාරි’ විදිහට ප්‍රේක්ෂකයන් අතර නමක් හදාගන්නත් පුළුවන් වුණා. මම දකින විදිහට මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය තමයි ‘සල්සපුනා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වීම.

 

‘පොඩි පත්තරකාරි’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

තවම අඩුවක් නැතිව ‘පොඩි පත්තරකාරි’ චරිතයට රසික ප්‍රතිචාර ලැබෙනවා. දැන් ටෙලි නාට්‍යය විකාශය නිමාවෙලා සැහෙන්න කාලයක් වෙනවා. නමුත්, රසික ප්‍රතිචාර අඩුවක් නැතිව ‘පොඩ් පත්තරකාරි’ චරිතයට ලැබෙනවා. ‘සප්සපුනා’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම ටෙලි නාට්‍යය කිහිපයකටම දායක වුණත්; තවමත් ප්‍රේක්ෂකයෝ, මගේ යාළුවෝ, නැදෑයෝ මේ හැම කෙනෙක්ම කතා කරන්නේ ‘පොඩි පත්තරකාරි’ විදිහට. ඒ වගේම මේ දිනවල විකාශය වෙන ‘පූරි’ ටෙලි නාට්‍යයේ ‘මාලි’ කියන චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

මිෂෙල් ජනප්‍රිය ලැයිස්තුවේ ඉන්න කෙනෙක්ද?

ඒක නම් දන්නේ නැහැ. මොකද මගේ ජනප්‍රියත්වය තීරණය කරන්නේ මා වටා සිටින ප්‍රේක්ෂකයන් නිසා. මේ වෙලාවේ දෙයක් මතක් කරන්න ඕන. මගේ ‘ෆේස්බුක්’ පිටුවේ ෆෝස්ට් ලයික්ස් තුන් ලක්ෂ විසිදාහක් ලැබිලා තියෙනවා. ලංකාවේ නළුනිළියන් අතරින් වැඩිම ‘ෆේස්බුක්’ ෆෝස්ට් ලයික්ස් ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ මට. ඉතින් ගොඩක් සතුටු වෙනවා විශාල රසික පිරිසක් මා වටා සිටින එක ගැන.

 

අධ්‍යාපන කටයුතුවල තත්ත්වය කොහොමද?

කලා කටයුතුවලට සම්බන්ධ වෙන ගමන් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යනවා. දැනට මම මනෝවිද්‍යාව පිළිබඳව පාඨමාලාවක් හදරනවා විද්‍යාතනයක. තවත් වසර එකහාමරක් විතර තියෙනවා ඒ පාඨමාලාව අවසන් වෙන්න. පසුගිය කාලේ එකදිගට නිර්මාණ කිහිපයකට දායක වුණ නිසා පොඩ්ඩක් විතර අධ්‍යාපන කටයුතු අඩාල වුණා.