මම මෙවර සිරස අවුරුදු කුමරිය කිරුළ හිමි කරගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-199

මෙවර සිරස කුමරිය තරඟාවලියේ කිරුළ හිමි කරගැනීමට සමත් වූයේ මෙනුෂි බණ්ඩාරයි. මේ වනවිට මෙනුෂිට කලා නිර්මාණයන් කිහිපයකටම ආරාධනා ලැබී තිබෙනවා. කලාවෙන් සහ නිරූපණයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන මෙනුෂි සාරවිට කතාබහට කැඳවා ගත්තේ මේ විදිහටයි.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-05-13-ent-198

මගේ නම මෙනුෂි බණ්ඩාර. මගේ ගම කෑගල්ලේ. මම තවමත් අධ්‍යාපනය හදාරනවා. මම මෙවර සිරස අවුරුදු කුමරිය කිරුළ හිමි කරගත්තා. පසුගිය වසරේ ස්වර්ණ කුමරිය තරඟාවලියෙන් දෙවෙනි ස්ථානය හිමි කරගැනීමට සමත් වුණා.

 

සිරස කුමරියට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ෆේස්බුක් ඔස්සේ සිරස කුමරියට අයදුම් කරන්න කියලා ප්‍රචාරය කරලා තිබුණා. ඉතින් මම අයදුම් කරා. ඇත්තටම ගොඩක් සතුටුයි ජයග්‍රහණය කරන්න ලැබීම ගැන.

 

ජයග්‍රහණයත් සමග කලා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් හොඳ නිර්මාණවලට විතරයි දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ වනවිට ටෙලි නාට්‍යකට සහ රූප රචනා කිහිපයකටම එකතු වෙලා තියෙනවා.

 

මෙවැනි තරඟ තරඟ නිසා නවකයන්ට කලාවට එකතු වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා නේද?

ඔව්. සිරස ආයතනය නවකයන්ට අවස්ථාවන් උදා කරලා දෙනවා මේ වගේ තරඟ හරහා. ඉතින් ඒ ඔස්සේ ගොඩක් දෙනාට කලාවට එකතු වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම එයාලා දැනගන්න ඕනේ ලබා දෙන අවස්ථාවන් තුළින් ඉදිරියටම යන්න.

 

මෙනුෂිට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමතිස්සෙම එයාලා ළඟින් ඉන්නවා.

 

අධ්‍යාපන කටයුතු සමග කොහොමද සිරස කුමරිය තරඟයේ වැඩ කළේ?

ඇත්තටම සමහර අවස්ථාවලදි අධ්‍යාපන කටයුතු මග හැරුණා. නමුත් පුළුවන් තරම් බැලන්ස් කරගෙන වැඩ කරගත්තා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරියේදී නිරූපණයෙන් සහ කලාව පැත්තෙන් හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අධ්‍යාපන කටයුතුත් කරගෙන කලාව පැත්තෙනුත් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

ජයග්‍රහණය පිටුපස හිටපු අය ගැන කිව්වොත්?

ගොඩාක් අය මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියා. අම්මා තාත්තා, මල්ලි, යාළුවෝ. එතකොට සිරස ආයතනය අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා අපේ පුහුණුවීම් වලට සහ අපේ වැඩකටයුතුවලට. ඉතින් ඔවුන්වත් මතක් කරනවා මේ අවස්ථාවේදියි.

 

කැළුම් දේවින්ද

 

 2019-05-13-ent-201 2019-05-13-ent-200