මම මගේ රැකියාව ගැනත් හිතලා තමයි තීරණ ගන්නේ
චතුරිකා සෙව්වන්දි කියන්නේ මෝස්තර නිරූපණ ශිල්පිනියක්, ලේඛිකාවක්, ව්‍යාපාරිකාවක් මෙන්ම රාජ්‍ය අංශයේ සේවිකාවක්. බ්‍රයිඩ්ල් නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන චතුරිකාව සාරවිට කතාබහකට සම්බන්ධ කරගැනීමට අප සිතුවේ මේ විදිහටයි.
ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
මගේ නම චතුරිකා සෙව්වන්දි. ක්ෂේත්රයේ ගොඩක් අය මාව හඳුනන්නේ චතූ කියලා. මගේ වයස අවුරුදු 26යි. මම ඉන්නේ පොළොන්නරුවේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ උපාධිධාරිණියක්. දැනට රාජ්‍ය අංශයේ රැකියාවක නිරත වෙනවා. ඊට අමතරව මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා. තව මගේ පොඩි ව්‍යාපාරයකුත් තිබෙනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඇත්තටම නිරූපණයට සම්බන්ධ වෙන්නේ අහම්බයකින්. 2019 අවුරුද්දේද අහම්බයෙන් ලැබුණු අවස්ථාවකින් තමයි සම්බන්ධ වුණේ. ඒ ෆොටෝෂූට් එකකට.
නිරූපණයේ මොන පැත්තටද ඔබ වැඩියෙන්ම නැඹුරු?
ඇත්තටම මම කරන්නේ බ්‍රයිඩ්ල් ෆොටෝෂූට් විතරයි. අනෙක් පැතිවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ.
ඇයි අනෙක් පැතිවලට කැමති නැද්ද?
නැහැ. මෙහෙමයි. ඇත්තටම මම රජයේ රැකියාවක්නේ කරන්නේ. මම නිරන්තරයෙන් මිනිස්සු එක්ක ගැවසෙන නිසා මට සාමාන්‍ය නිරූපණ ශිල්පිනියක් විදිහට සමාජයේ ජීවත් වෙන්න බැහැ. මම ඒ නිසා ඒ දේවල් ගැනත් හිතන්න ඕනේ. ඒ නිසා මම මගේ රැකියාව ගැනත් හිතලා තමයි තීරණ ගන්නේ.
නිරූපණය වෘත්තීමය වශයෙන් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
නැහැ.මේක ඇත්තටම ලොකු ක්ෂේත්‍රයක්නේ. වෘත්තීමය වශයෙන් වැඩ කරනවා නම් මේ පිළිබඳව හදාරන්න ඕනේ සහ පලපුරුද්දක් තියෙන්න ඕනේ. රූපය ලැබිලා තිබෙන නිසා නිරූපණය මගේ විනෝදාංශයක් විදිහට කරනවා.
ඔබේ ව්‍යාපාරය මොකද්ද?
ඒක හෙයාර් ඔයිල් ව්‍යාපාරයක්. ඒකේ නම Nuraly.
ඒ වගේම චතූ කියන්නේ ලේඛිකාවක්?
ඔව්. මගේ පළමු නවකතාව වන 'සෙනෙහස දුරයි' නවකතාව 2015 වසරේදී ප්‍රකාශයට පත් කරා. මේ වසරේ අවසානයේදී මගේ දෙවැනි නවකතාව එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව නිසදැස්, කෙටි නාට්‍ය පිටපත්, කෙටි නවකතා පිටපත් ලියනවා.
රැකියාවත් සමග මෙච්චර වැඩ ගොඩක් කරන්නේ කොහොමද?
ඇත්තටම අමාරුයි. ගොඩක්ම ෆොටෝෂූට්වලට කතා කරන්නේ කොළඹින්, නුවරින් වගේ. ඉතින් මම ඉන්න පැත්ත සහ රැකියාවත් නිසා ගොඩක් ෆොටෝෂූට් මග හැරෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඔව්. මුලදි නම් එච්චරම කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ඊටපස්සේ ෆොටෝෂූට්වලට එහෙම යද්දි ලොකු සහයෝගයක් ලබාදෙනවා. වැඩවලට තනියම යවන්නේ නැහැ. අනිත් එක මම හැමදෙයක්ම තෝරාගෙන බේරාගෙන කරන නිසා ප්‍රශ්නයක් නැහැ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මේ අවුරුද්ද පටන් ගත්තේම කෝවිඩ් 19ත් එක්ක නිසා ගොඩක් අයගේ හීන පස්සට ගිහිල්ලා තියෙන්නේ. මගෙත් එහෙමයි. මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙලා අපිට අපේ හීන හැබෑ කරගන්න පුළුවන් වාතාවරණයක් උදාවෙයි කියලා හිතනවා.
විශේෂයෙන් මතක් කළ යුතු අය ඉන්නවාද?
ඔව්. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ගෙදර අය. salondeeඒකේ ඩයනා අක්කා හරහා තමයි මම මුලින්ම ක්ෂේත්රයට ආවේ. එතකොට දඹුල්ලේ සැලෝන් ලසන්ති එකේ ලසන්ති අක්කා, එතකොට studio G one එකේ ජීවන් මධුසංඛ අයියාටත් ස්තූතියි කරනවා. ඒ වගේම මගේ රැකියා ස්ථානයේ හැමදෙනාවමත් මතක් කරනවා.
කැළුම් දේවින්ද