මම බොහොම කාර්යබහුල වෙන්නත් අකමැතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181216Anjali-2මේ දිනවල පාරේ බැහැලා යන්න බැරි තරමට මිනිස්සු මට බනිනවා. අයියෝ අර අහිංසක කුරුළුට එච්චර වෛර කරන්න එපා කියලා. කොහොම වුණත් ‘‘නීල පබළු’’ නාට්‍යයේ ඇන්ජෙලාගේ චරිතයට මට ඒ විදියට ප‍්‍රතිචාර ලැබෙන්නේ මම ඇන්ජෙලාට උපරිම සාධාරණයක් කර ඇති නිසා වෙන්න ඇති. ඒ හින්දා මේ ලැබෙන ප‍්‍රතිචාර ගැන මට හරි සතුටුයි. අංජලී ලියනගේ මේ විදියට පවසන්නේ ඇය මේ දිනවල රඟපාන ‘‘නීල පබළු’’ නාට්‍යයේ ඇන්ජෙලා නමැති චරිතය ගැනයි. ඊට අමතරව ඇය දෙවැනි ඉනිමේත් රඟපානවා. එහි රඟපාන්නේ අනුෂා නමින් වූ චරිතයකි. නීල පබළු ඇන්ජෙලා ගැන තවත් විස්තර කියමින් ඇය ‘සඳැල්ල’ පිළිසදර හැඩකළේ මේ විදියටයි.

මෑතකදී මම අවමඟුල් උත්සවයකට සහභාගි වෙන්න ගිහින් හිටියා. වයසක අම්මා කෙනෙක් මගේ දිහා බල බලා මට රවන්න පටන් ගත්තා. ඒ මදිවට මගේ දිහා බලාගෙන මට බනින්නත් පටන් ගත්තා. අපෝ මෙයා මෙතැනටත් ඇවිත් කියලා. මට නම් පේන්න බැහැ කියලා බැන්නා.

ඊට පස්සේ?

මම ඒ අම්මා ළඟට ගිහින් කතා කළා. මම ඒ කරන්නේ චරිතයක් විතරයි කියලා ඒ අම්මට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේ අයත් ඉන්නවනේ කියලා එ් අම්මට කිව්වා. එයා කුරුළුට හරියට ආදරය කරන කෙනෙක්.

හැබෑවට ඔබ කොහොම කෙනෙක්ද?

ඇත්ත ජීවිතේ මම නපුරු නැහැ. බොහොම සාමාන්‍ය චරිතයක්.

වෘත්තියෙන් රංගනය විතරද කරන්නෙ?

ඔව්.

කොහොමද මේ රංගන වෘත්තිය අංජලීට දැනෙන්නේ?

අපේ රටේ හැටියට කලාව වෘත්තියක් කර ගැනීම හරිම අසීරු දෙයක්. අපේ දියුණුව සහ පැවැත්මට අපි යමක් හදාගන්න  ඕනෑ. මේ නිසා මම ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒත් මම රංගනය කරන්නේ වෘත්තීය රංගන ශිල්පිනියක් විදියටයි. එහිදී චරිත ගොඩක් බදාගෙන කරන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි කරන්නේ.

පෙම්වතියගේ චරිතය ලැබෙන්නෙ නැද්ද?

පෙම්වතියගේ චරිතය තමයි මුලදී කළේ. ඒත් දැන් ලැබෙන්නේ අක්කා, අම්මා වගේ චරිතයි. ඒ චරිතවලට මම සාධාරණය කරනවා ඇති. පෙම්වතිය වෙනුවෙන් අලූත් පරපුරේ අය  ඕනෑ තරම් ඉන්නවනේ. රංගන කාර්යයේදී මට ලැබෙන චරිතය ගැන කළ හැකි දේ වෙනුවෙන් කැප වී රඟපානවා.

කොහොමද පුද්ගලික ජීවිතේ විස්තර?

මම බොහොම කාර්යබහුල වෙන්නත් අකමැතියි. සුපුරුදු පරිදි බාරගත් චරිතවලට දායක වෙනවා. දැන් ක්ෂේත‍්‍රයට ඇවිත් වසර 12ක් විතර වෙනවා. එහිදී දෙවැනි ඉනිමේ සහ හිම කඳුළු නාට්‍යවල ප‍්‍රධාන චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම දෙවැනි ඉනිමේ අනුෂාට ලැබෙන්නේ ඉහළ ප‍්‍රතිචාර. එය රචනය කළ සමන් එදිරිමුනි සහ අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස් මහත්වරුන්ට ස්තුතිය පුදන්නට  ඕනෑ. ඒ නිසා හොඳ කණ්ඩායමක් එක්ක මට පේ‍්‍රක්‍ෂකයන් විශාල පිරිසක් අතරට යන්න ලැබුණා.

රඟපාන චරිතවලට සාපේක්‍ෂව අංජලීට ජීවිතය දැනෙන්නේ කොහොමද?

රඟපෑම කැමරාවට විතරයි. ඒ නිසා ඒ චරිත විදියට ජීවත් වන්නේ නැහැ. සැබෑ ජීවිතය ගැන කතා කළොත් මට හැෙඟන විදියට ගිය ආත්මේ පව් පින් අනුව තමයි මේ ආත්මය ගෙවන්නේ. මේ ආත්මයේ කරන පව් පින් අනුව තමයි ඊළඟ ආත්මයට යන්නේ. ජීවිතය අපට ලැබෙන විරල අවස්ථාවක්. විඳින සහ විඳවන දෙක අතරේ දෝලනය වන දෙයක්. හැකි විදියට ආදර්ශවත්ව ජීවත් වීමට උත්සාහ ගන්නවා. මරණයට තමයි අපි උපන්දා සිට ටිකෙන් ටික ළං වෙන්නේ. ඒ නිසා දවසින් දවස අපේ පින් පොතට පින් එකතු කර ගැනීම තමයි කළයුත්තේ.

රංගනය හැර අංජලී වඩා දක්‍ෂ සහ වඩා කැමති මොනවාටද?

පාසල් කාලයේ සිට මම උඩරට නර්තනය ගැන හැදෑරුවා. ඒත් දෛවය මාව ගෙනාවේ මෙතැනටයි. අදටත් මම උඩරට පහතරට නැටුම්වලට ආසයි. වෙලාවක් ලැබුණොත් අදටත් නර්තනයේ යෙදෙනවා. ඒ හැර වඩා ආසා කරන්නේ ගෙදරට වෙලා නිදහසේ ගෙදර වැඩක් කරගෙන කාලය ගෙවන්නයි.

හොඳට උයන්න පිහන්නත් දක්‍ෂයිලූ නේද?

හොඳට රසට උයන්න පුළුවන්. ඒක ගෙදර අය වගේම මගේ යාළුවොත් දන්න දෙයක්. ඒක බොහොම ආඩම්බරයෙන් මම කියන්න කැමතියි. ගෙදරදි වෙනසකට එක එක දේ හදන්න ආසයි. ඒක මගේ විනෝදාංශයක්. සමහරදාට අලූත් අත්හදා බැලීම් කරනවා.

රංගනයෙන් දායක වන අලූත් නිර්මාණ මොනවාද?

බුද්ධිනී ජයවර්ධනගේ පිටපතකට අනුව ‘‘අහස්’’ කියලා වෙනස්ම කතාවක රඟපාන්න ලැබුණා.

සුමින්ද මහත්මයා තමයි එය අධ්‍යක්‍ෂණය කරන්නේ. ඒකේ මම පේ‍්‍රමවන්තියක්. ඊට අමතරව ජනක මල්ලිමාරච්චිගේ ‘‘ආදර දඩයමේ’’ යශෝදා අක්කාත් එක්ක රඟපෑමට අවස්ථාව ලැබුණා. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ කීපයක්ම විකාශයට නියමිතයි.

 

සටහන/ ජායාරූප :සඳුන් ගමගේ

20181216Anjali-1 20181216Anjali-3