මම පොඩි කාලේ ඉඳලාම නැටුම් කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-667

නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් වන සප්නා දිල්හාරා මේ වනවිට නිර්මාණ රැසකටම දායකත්වය ලබා දී තිබෙනවා. යු - ටියුබ් සමාජ මාධ්‍ය තුළ සප්නා දිල්හාරා බොහෝ සෙයින් ජනප්‍රියයි. ඉතින් අපි මෙවර සාරවිට කතාබහට සප්නාව සම්බන්ධ කරගන්න හිතුවා.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-05-27-ent-673

මගේ නම සප්නා දිල්හාරා. මගේ පදිංචිය ගාල්ලේ. මම දැනට රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩ කරගෙන යනවා. නිරූපනයට සම්බන්ධ වෙලා අවුරුද්දක් විතර වෙනවා.

 

මේ වෙද්දි දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

ටෙලි නාට්‍ය, වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සහ යූ - ටියුබ් චැනල් කිහිපයක වැඩ කටයුතු කරගෙන යනවා. මදුෂාන් නානායක්කාර අයියාගේ යූ - ටියුබ් චැනල් එකේ වැඩ කරනවා. තව මමත් යූ - ටියුබ් චැනල් එකක් කරගෙන යනවා. හාස්‍යජනක වීඩියෝ තමයි ඒවායේ කරන්නේ. එතකොට බ්‍රයිඩ්ල් ෂූට්, ෆොටෝ ෂූට් කරනවා. ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. තව මේ දිනවල විකාශය වන හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

 

රංගන කටයුතුවල නිරත වෙන්නේ වෘත්තීයක් විදිහටද?

වෘත්තියක් විදිහට නෙවෙයි. මම බියුටි සැලෝන් එකක් කරනවා. ඊට අමතරව මම ඩාන්සින් කරනවා. මට වෙනම ඩාන්සින් ගෘප් එකක් තියෙනවා. ඒ දේවල් අතර තමයි මම රඟපාන වැඩ කරගෙන යන්නේ.

 

නර්තන කණ්ඩායම ගැන කිව්වොත්?

නර්තන කණ්ඩායම පටන්ගෙන වැඩි කාලයක් නම් නැහැ. මම පොඩි කාලේ ඉඳලාම නැටුම් කළා. ඒ නිසයි මට හිතුනේ ගෘප් එකක් පටන් ගන්න ඕනේ කියලා. වෙඩින්, සාද ඇතුළු හැමදේම කරනවා.

 

මේ වැඩ සියල්ල සමබරව ගෙන යන්නේ කොහොමද?

සමහර වෙලාවල් වලට මග හැරෙනවා. ඒ වුණාට මම හැමදේම කරන්නේ මගේ ලිමිට් එකක් තියාගෙන. මට පුළුවන් දේවල් විතරයි මම බාර ගන්නේ. හැමතිස්සෙම අම්මා එක්ක කතාකරලා තමයි වැඩකටයුතු කරන්නේ. ඒ නිසා ඇත්තටම මගහැරෙන, වරදින වෙලාවල් අඩුයි.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා තමයි වැඩියෙන්ම සහයෝගය ලබාදෙන්නේ. ඒ වගේම තාත්තත් ලොකු සහයෝගයක් ලබා දෙනවා.

 

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඇතිනේ. ඒ අය ගැන කිව්වොත්?

ළඟින්ම ඉන්නේ අම්මයි තාත්තයි. එතාකොට මට මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයේදි උදව් කළේ සඳුන් රාජකරුණා අයියා. ඊට අමතරව ක්‍රිෂාන් අයියා, කෝසල අයියා, සිරස ෆිල්ම් ස්ටාර් වුණු සංජය මුරමුදලි අයියාවත් ආදරයෙන් මතක් කරනවා.

 

කැළුම් දේවින්ද

 

2019-05-27-ent-675  2019-05-27-ent-668 2019-05-27-ent-670 2019-05-27-ent-671 2019-05-27-ent-672  2019-05-27-ent-674