මම පෙම්වතියක් වෙලා හිටියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180328Nilwala-1නිල්වලා... ඔයාගේ ගම්පළාත කොහේද...?

මම දැනට ඉන්නේ දෙහිවල... අම්මලා  පදිංචිවෙලා ඉන්නේ කොස්ගම. මම ඉගෙන ගත්තේ හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ.

 

පාසැලේ දී නිල්වලා මොනවගේ චරිතයක් ද...?

පාසලේදී මම ටිකක් දඟ චරිතයක්. පාසල් වැඩත් කළා. ඒත් එක්කම කලා කටයුතුවලත් නියැලිලා හිටියේ. ඒ කාලේත් නර්තන කටයුතුවලටත් සම්බන්ධ වුණා. පුංචි කාලේ ඉඳන්ම මගේ ලොකු ආසාව වෙලා තිබුණේ නර්තන ගුරැවරියක් වෙන්නයි. මම සාමාන්‍ය පෙළ වෙනකම් නර්තනය ඉගෙන ගන්නවට ගෙදරින් කැමති වුණේ නැහැ. ඒ වුණාට O/Lවලින් පස්සේ මගේ අසාව සහ දක්ෂතාවයත් ගෙදරින් දැක්කට පස්සේ ගුරුවරුන් හඳුනාගත්තට පස්සේ මට ගෙදරින් නර්තනයට ඉඩ දුන්නා. ඒකත් එක්ක මම නර්තනය ඉගෙනගත්තා. උපාධියක් හැදෑරුවා.

 

නිරූපණ ශිල්පිනියක් වුණේ කොහොමද...?

නර්තනය කරද්දී මට මුණගැසුණු අය මගේ යාළුවෝ බොහෝ දෙනෙක් කියාපු දෙයක් තමයි “ඔයා නිරූපණ ක්ෂේත්‍රයටත් හොඳට ගැලපෙනවා” කියලා. ඒකත් එක්කම මම වාසනා දන්තනාරායන ඇකඩමියට එකතුවුණා. ඊට පස්සේ මම ජයග්‍රහණ කිහිපයක් ගත්තා. ඒකෙන් තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ.

 

20180328Nilwala-4නිරූපණ ක්ෂේත්‍රයට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමාද...?

මුලදී තාත්තා ටිකක් අකමැති වුණා. ඒකට හේතුව වෙන ආරෙකට ඉගෙන ගත්තු කෙනෙක් වගේම සම්ප්‍රදායික පවුල් වටපිටාවක කෙනෙක්.  ඒ වුණත් මම හැමතිස්සෙම වැඩ කරද්දී ගෙදර අයට මම ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මම නිතරම මගේ අම්මා එක්ක ඒ දේවල් කතා කළා. ඒ නිසා මට මගේ ගමන යන්න ගෙදරින් නිදහස දුන්නා... ඒ නිසා අම්මා තාත්තාගේ ආශිර්වාදයත් එක්ක තමයි මම වැඩ කළේ.

 

නිරූපණ ශිල්පිනියකට අමතරව නිල්වලා අද නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යනවා නේද...?

ඔව්... මම දැනට සෞදර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නවා. මම මගේම ඩාන්සින් ඇකඩමියක් පටන්ගත්තා. ඒක 2015 වසරේ තමයි පටන්ගත්තේ. ඒකේ නම “නිල්වලා ඩාන්සින් ඇකඩමි” දැනට දෙහිවල ගෙදර තමයි කරන්නේ. ප්‍රසංගවලට නර්තනය සපයනවා. ඒ වගේම මියුසික් වීඩියෝවලටත්, Filmවලටත් අපි වැඩ කරනවා.

 

ඔබ රංගනයටත් එකතු වුණානේ...? නිල්වලාගේ මුල්ම රංගනය මොකක්ද...?

ඔව්... මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අතරතුරේදී තමයි මගේ මුල්ම නාට්‍යයට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ T20 නාට්‍යයේයි. ඒකේ රංගනයට දායක වුණාට පස්සේ මම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා කියලා තීරණය කළා.

 

ඇයි එහෙම තීරණයක් ගත්තේ...?

මට ඕනවුණා “මම කවුද... මට කරන්න පුළුවන් මොනවද...” කියලා හොයලා බලන්න. ඒ නිසාම තමයි මම නිරූපණ ක්ෂේත්‍රය තෝරාගත්තේ. ඒ වෙනකොට මම මේ ක්ෂේත්‍රවල කවුරැවත් දැනන් හිටියේ නැහැ. ඉතින් ඒ නිසයි එහෙම කළේ. මිනිස්සු මාව නර්තනය හා රංගනය හරහා යම් දුරකට හඳුනාගත්තා. ඒ නිසා දිගටම මම රංගනයට එකතුවෙන්න තීරණය කළා. මම රංගනයෙන් ඉදිරියට යන්න ආසයි. නමුත් මට මියුසික් වීඩියෝනම් බාරගන්නේ නෑ.

 

ඔබට සිනමාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද...?

ඔව්... මීට කලින් මම සිනමාවට කිපවතාවක්ම සම්බන්ධ වුණා. ඒ අතරින් මම අවසන් වශයෙන් සම්බන්ධ වුණේ සුනිල් ආරියරත්න සර්ගේ “යශෝදරා” සිනමා නිර්මාණයයි. ඒක අප්‍රේල් මාසේ තිරගත වේවි. “යශෝදරා” සිනමා නිර්මාණයේ සුජාතා සිටු දේවියගේ චරිතය තමයි මම කරන්නේ. ඒ චිත්‍රපටයේ දින දෙකක් මම වැඩ කළා. මගේ ජීවිතේ මම වැඩකරන්න හීනය තියාගෙන හිටපු ගුරුවරයෙක් තමයි සුනිල් ආරියරත්න සර්. ඉතින් “යශෝදරා” නිර්මාණයට දායකවීමත් මගේ වාසනාවක්.

 

නිල්වලා මේ වෙනකොට පෙම්වන්තියක් ද...?

මම පෙම්වතියක් වෙලා හිටියා. අධ්‍යාපන කටයුතුත් එක්ක ක්ෂේත්‍රයේ කටයුතුත් එක්ක මම ටිකක් කාර්යබහුල වුණා. ඒ නිසා ඒ දේවල් බැලන්ස් කරගෙන යනවා. දැන්මම විවාහ ‍වෙන්නනම් අදහසක් නෑ.

 

මොනවද නිල්වලා තියෙන බලාපොරොත්තු...?

සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න තමයි තියෙන ලොකු බලාපොරොත්තුව වෙන්නේ. අධ්‍යාපන කටයුතුයි, කලා කටයුතුයි, සාමාන්‍ය ජීවිතයයි මේ හැමදෙයක්ම කලා කටයුතුත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ජීවිතේ තීරණ ගනිද්දී වුණත් කලා කටයුතුවලට මුල්තැන දෙන්න තරම් මම කලාවට ආදරෙයි.

 

Text -Dishani  /  Pic - Malaka

20180328Nilwala-2 20180328Nilwala-3