මම පුංචි කාලේ හීන දැක්කේ නිවේදිකාවක් වෙන්න
වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ඔබ කවුරුත් දන්නා හඳුනන මේධාවි ජයතිලක සමගින් අද කතා බහා මෙළෙස අපි ආරම්භ කළේමු. නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්රයට පිවිසි ඇය මේ වනවිට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරමින් සිටියි. ඉදිරියේදී රංගනයටද පිවිසිමේ සූදානමකින් සිටින මේධාවි ඒ පිළිබඳව පැවසුවේ මෙළෙසිනි.
ඔබගේ වාත්තීය?
ක්ෂේත්රයට ආවේ නිරූපිකාවක් විදිහට. පස්සේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට වැඩ කළා. දැන් වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව ඉදිරියේදී රංගනයට පිවිසෙන්න සූදානමකින් ඉන්නවා. නමුත්, මගේ ප්‍රධාන වෘත්තිය නිවේදිකාවක් විදිහට වැඩ කරන එක.
නිවේදන ක්ෂේත්රය පිවිසුණේ?
මාධ්‍යය කියන්නේ මගේ රැකියාවට වඩා මගේ ජිවිතේ කිව්වොත් හරි. කුඩා කාලේ ඉඳලා හීන දැක්කේ නිවේදිකාවක් වෙන්න. ඒ හීනය සෑබැ වුණේ 2015 වසරේදී. මුලින්ම මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට තමයි වැඩ කළේ. එතැනින් පටන් ගත්ත ගමන අද වෙනකොට විවිධ අංශ වලින් දක්ෂතා පෙන්වන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. දැනට චැනල් සී රූපවාහිනි නාලිකාවේ නිවේදිකාවක් හා වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරමින් ඉන්නවා. නිවේදිකාවක් විදිහට මේ ක්ෂේත්රය තුළ ලොකු ගමනක් යන්න තමයි බලාපොරොත්තුව.
නිවේදිකාවක් වුණ ඔබ ඇයි රංගනයට එකතු වෙන්න හිතුවේ?
නිවේදනයට වගේම රංගනයටත් මම කැමතියි. වෙනසකටත් එක්ක තමයි රංගනය පැත්තට යොමු වෙන්න මම හිතුවේ. රංගනය ගැන මට ලොකු අත්දැකිමක් නැහැ. මගේ යාළුවෝ කට්ටිය එකතු වෙලා හදපු කෙටි චිත්‍රපටයක රඟපෑවා. ඒක තමයි මගේ පළමු රංගන අක්දැකිම. රංගනය ගැන මම හැදැරිමක් කරලා තියෙනවා.
නිරුපණය? නිවේදනය වගේ නෙවෙයි රංගනය කියන්නේ?
ඒක ඇත්ත, නමුත්, සමානකම් නැතුවත් නෙමෙයි. මොකද, නිවේදිකාවක් වුණාම කැපවීමක් තියෙන්න ඕනි. රංගනයත් ඒ වගේමයි. කැපවීමක්, කැමැත්තක් තියෙන්න ඕනි. මම දකින විදිහට ඕනැම ක්ෂේත්රයක් තුළ රැඳෙන්න අමාරුයි.
කලාවට යොමු වීම ගැන මොකද හිතෙන්නේ?
මාධ්‍ය ජිවිතේ ඉදිරියට ලොකු වෙනසක් වෙයි. කලාවට මම ගොඩක් ආදරේයි. කලාවට යොමු වෙන්න ලැබුණ එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි මට. මම හිතන්නේ මම නිවැරදි මාර්ගය තෝරගෙන තියෙනවා කියලා. එන හැම බාධකයක්ම බිඳලා විශ්වාසයක් ඇතිව මම මේ ගමන යනවා. විශේෂයෙන්ම සම්මානයක් දක්වාම. ඒ වගේම මේ වෙලාවේ උදව් කරපු සහ මාත් සමග සෙවණැල්ල වගේ ඉන්න මාධ්‍යවේදින් සියලු දෙනාවත් ඉම්ෆාස් අයියවත්, සද්ධා මංගලසූරිය බණ්ඩාර ගුරුතුමන්වත් මතක් කරනවා.
බුද්ධික සේනාධීර