මම පළමු වතාවට තමයි රජ කතාවක චරිතයක් කළේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-163

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයකම ඔබ දකින දිස්නි රාජපක්ෂ රංගනයට අලුත් කෙනෙකි. නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් ලෙසද කටයුතු කර ඇති ඇය දැනට බොහෝ ටෙලි නාට්‍යය ප්‍රමාණයකද රඟපා ඇත. ඉදිරියේදී සිනමාවටද එක්වීමට සූදානමින් සිටින ඇය ඒ පිළිබඳන ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැනි අදහසකි.

 

දිෂේනි කියන්නේ රංගනයට නවකයෙක්?2019-05-27-ent-159

තාම මම ක්ෂේත්‍රයට නම් නවකයෙක්. නමුත්, මම දැනට වැඩ ගොඩක් කරලා තියෙනවා. ක්ෂේත්‍රයට එන්නේ මීට වසර දෙකහමාරකට කලින්. ඒ සරත් ධර්මසිරි මහත්මයාගේ ‘සුළඟ ඔබ ලුහුබඳියි’ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට දායක වෙමින්. ඒ ටෙලි නාට්‍යය විකාශය වුණේ නැහැ. පුංචි දුකකුත් තිබුණා ඒ ටෙලි නාට්‍යය විකාශය නොවීම ගැන. ඒත්, මගේ ලොකු විශ්වාසයක්, අධිෂ්ඨානයක් තිබුණා නිළියක් විදිහට ඉදිරියට යනවා කියලා. අද වනවිට ඒ විශ්වාසය තහවුරු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.

 

‘මිස් ශ්‍රී ලංකා’ තරගයට ඉදිරිපත් වුණේ කොයි කාලෙද?

2014 වසරේ. එහි අවසන් තරගකාරියන් අතරට ඇවිල්ලා මම මිනි පැජන්ට් දෙකකුත් දිනාගත්තා. ඊට පස්සේ තමයි නිරූපණ කටයුතු කරන්න ගත්තේ. පස්සෙ තවත් වසර දෙකක් චන්න විජේවර්ධන ගුරුතුමා යටතේ නර්තනය පිළිබඳව හැදැරීම් කළා. ඔය කාලෙම තමයි මගෙම කියලා ජාත්‍යන්තර පාසලක් පවත්වගෙන යන්න කටයුතු කළේ. තවමත් මම රංගන කටයුතු සිදු කරන අතරේ ඒ පාසල පවත්වාගෙන යනවා.

 

මෑතකදී වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ කුමන චරිතයටද?

‘රාවණා’ ටෙලි නාට්‍යයේ ‘කෛකසී’ චරිතයට. මේ චරිතය මට ගොඩක් වැදගත් චරිතයක්. මොකද, මම මීට පෙර මෙවැනි ඵෙතිහාසික චරිතයක රඟපාලා නැති නිසා. ඇත්තටම, මේ චරිතය තුළ විවිධ දේවල් කරන්න මට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම සටන් ජවනිකා පවා. ඒ වගේම තමයි ‘රාවණා’ ටෙලි නාට්‍යයේ හැම කොටසකම වගේ මේ චරිතය ගැබ්වෙලා තියෙනවා. ‘සක්කරං’ හි ‘කොමළි’ කියන්නේ ගැමි චරිතයක්. මම තවත් ආසාවෙන් කරපු ටෙලි නාට්‍යය චරිතයක් ඒක.

 

පුං‘චි කාලේ රඟපාන්න අදහසක් තිබුණේ නැද්ද?

පුංචි කාලේ තමයි නිළි පිස්සුව මට ගොඩක්ම තිබුණේ. මම ගොඩක්ම කැමතියි බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් රඟපානවට. ගොඩක්ම ඇය නටනවා බලන්න. සමහර විට මම නර්තනයට කැමැත්තක් දැක්වුයේ ඇය නටනවා දැකලා වෙන්න ඇති කියලා මම හිතනවා. නමුත්, අධ්‍යාපනයට යොමු වෙලා අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කරන කොට මට ඒ තිබුණ ආසාව නැති වුණා. ගොඩක්ම මම උත්සාහ කළේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න. නමුත්, අහම්බෙන් ලැබුණ අවස්ථාවක් මත මට රංගනය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණා.

 

ඉදිරියේ දී ඔබව යළිත් ප්‍රේක්ෂකයාට දකින්න පුළුවන් වෙන්නේ?

‘රාවණා’ නාට්‍යයේ තවත් කොටස් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ හරහා මාව දකින්න පුළුවන්, ඉදිරියේ දී ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘ක්ලික්’ කියන ටෙලි නාට්‍යයේ මාව ප්‍රධාන චරිතයකින් දකින්න පුළුවන්. ‘පිපෙන පෙණ පිඬු’ කියලා තවත් ටෙලියක වැඩ කළා. අගෝස්තු මාසයේදි චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා. ඒ නිර්මාණ හරහා මාව ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි.

 

2019-05-27-ent-158 2019-05-27-ent-160 2019-05-27-ent-161 2019-05-27-ent-162