මම පලවෙනි නාට්‍යයට ගියෙත් තාත්තාට හොරෙන්
නවක රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රය තුළ නිරත වන දිලූව මෙවර සාරවිට කතාබහට එකතු කරගන්නට අප සිතුවා. දිලූ මේ වනවිට ලංකාවේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. රංගනය පැත්තෙන් ඉදිරියටම යෑමට බලාපොරොත්තු වන දිලූ සාරවිට කතාවට පිළිතුරු දුන්නේ මෙහෙමයි.
ඔබගේ පෞද්ගලික තොරතුරු කිව්වොත්?
මගේ නම දිලූ පෙරේරා. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි අයියයි. මම දැනට පදිංචි වෙලා ඉන්නේ කොට්ටාවේ. මම නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයේ වැඩකටයුතු කරනවා.
ක්ෂේත්රයට එකතු වුණේ කොයි කාලේද?
දැනට අවුරුදු තුනකට විතර කලින් තමයි සම්බන්ධ වුණේ. ඇත්තටම ඒක අහම්බයෙන් ලැබුණු දෙයක්. මම ස්වාධීන රූපවාහිනියේ නිව්ස් ප්රසන්ටින්වලට ඉන්ටර්විව් ගියා. ඒ වෙලාවේ මට එයාලාගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්න සම්බන්ධතා හදලා දුන්නා. ඒ හරහා තමයි මට ක්ෂේත්රයට එකතු වෙන්න ලැබුණා. මම මුලින්ම ඇක්ටින් කළේ. ඊටපස්සේ තමයි මොඩ්ලින් ෆීල්ඩ් එකට ආවේ.
මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය ගැන කිව්වොත්?
මම මුලින්ම සම්බන්ධ වුණේ තිලිණ බොරලැස්ස මහතාගේ ටෙලි නාට්‍යයකට. නමුත් තවම ඒක විකාශය වුණේ නැහැ.
මේ වෙද්දි දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
තව දුරයි ජීවිතේ, අවසන් ඉනිම, සඳ දිය සිත්තම්, නෝ පාර්කින් වැනි නාට්‍යවලට සම්බන්ධ වුණා. එතකොට ජයසේකර අපෝන්සු මහතාගේ නාට්‍යයකටයි, කෞෂි පෙරේරා අධ්‍යක්ෂණය කරන නාට්‍යයකටත් සම්බන්ධ වුණා.
රංගනයට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණාම ඒ දැනුණු හැඟීම කොහොමද?
මගේ හිතවත් ඡායාරූප ශිල්පියෙක් හරහා තමයි මම මුලින්ම ඒ අධ්යක්ෂවරයාව හඳුනාගත්තේ. ඔවුන් මට ගොඩක් උදව් කළා. මට හමු වුණු හොඳම අධ්යක්ෂවරයෙක් තමයි ඔහු. මට මුලින්ම රඟපාද්දි දෙපාරක් විතර වැරදුණා. උදයන්ති අක්කයි, උදිත් අබේරත්න අයියයි එක්ක තමයි ඒ දර්ශණය තිබුණේ. මට එතකොට බය හිතුණා. ඊටපස්සේ තිළිණ අයියා ළඟට ඇවිත් මගේ බය නැතිවෙන විදිහට කතා කරා. උදයන්ති අක්කා වුණත් මට ලොකු සහයෝගයක් දුන්නා. රඟපෑමේදි අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා.
කලාවට සම්බන්ධ වුණු එකට දෙමව්පියන්ගේ ප්‍රතිචාර කොහොමද?
තාත්තා නම් මුලින් කැමති වුණේ නැහැ. මම පලවෙනි නාට්‍යයට ගියෙත් තාත්තාට හොරෙන්. අම්මා නම් උදව් කළා. දැන් හැමෝම කැමතියි. හැමෝම උදව් කරනවා. මගේ නිදහස මට උපරිමයෙන් ලබා දීලා තියෙනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මේ ක්ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. රංගනය පැත්තෙන් නම් ලොකු ආශාවක් තියෙනවා. නිරූපණය පැත්තෙනුත් පුළුවන් දුරක් යනවා.
උදව් කරපු පිරිස ගැන කිව්වොත්?
රගපෑමේදි හමුවුණු හැම අධ්‍යක්ෂකවරයෙක්ම මතක් කරනවා. සජීව අයියා, චමින්ද අයියා, මගේ පවුලේ අය ඇතුළු හැමෝවම මම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද / ඡයාරූප - සජීව ලක්ෂාන්