මම නිවේදිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගන්නේ උසස් පෙළ කරන කාලේදියි
ජාතික රූපවාහිනියේ ළමා පුවත් ඔස්සේ මාධ්‍ය ක්ෂේත්රයට පැමිණි අසංගිකා ශෙහාරි මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විකාශය වන නාළිකා කිහිපයකම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ඇය නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වීමට ද බලාපොරොත්තුවෙන් සිටියි. එම නිසා අසංගිකාට මේ විදිහට සාරවිට ඉඩක් වෙන් කර දුන්නා.
මගේ නම අසංගිකා ශෙහාරි. මගේ පදිංචිය වත්තල. මම විවාහ වෙලා ඉන්නේ. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මම නිවේදිකාවක් විදිහට නාළිකා කිහිපයකම වැඩ කරනවා.
මාධ්‍ය ක්ෂේත්රයට අවතීර්ණ වෙන්නේ කොහොමද?
මම නිවේදිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගන්නේ උසස් පෙළ කරන කාලේදියි. ඒ 2010 වසරේදී. මමයි මගේ යාළුවා සඳමාලි විතානගේයි ජාතික රූපවාහිනියේ ළමා පුවත්වලට සම්බන්ධ වුණා. එතනදි තමයි මාධ්‍යට සම්බන්ධ වෙන්නේ. නමුත් ළමා පුවත්වලින් පස්සේ මම එතනින් නතර වුණා. ඊට පස්සේ ආයෙත් නිවේදිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ විවාහයෙන් පස්සෙයි.
මේ වෙද්දි ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් මොනවාද?
රිසිර නාලිකාවේ (යූ - ටියුබ්හි විකාශය වන) හෝම් ඇන්ඩ් යූ වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒක නිවාස සැලසුම් කිරීම සහ ඒ සම්බන්ධ විෂයන් ගැන කතා කරන වැඩසටහනක්. චැනල් C නාළිකාවේ නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවා.
වර්තමානයේ නිවේදන ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
නිවේදන ක්ෂේත්රය දවසින් දවසින් දවස දියුණු වෙනවා. 2010ට පස්සේ මම ළඟදි තමයි නිවේදනයට ආයෙත් සම්බන්ධ වෙන්නේ. ඒ කාලේට වැඩිය අද නිවේදන ක්ෂේත්රය ඇත්තටම හරි වෙනස්. එහෙම වෙන්න ඕනේ. ඇත්තටම දැන් නිවේදන ක්ෂේත්රය තිබෙන තැන ගැන ඇත්තටම සතුටුයි.
පවුලේ වැඩකටයුතු සමග නිවේදන වැඩ කටයුතු සමබරව කරගන්නේ කොහොමද?
මගේ අම්මයි තාත්තා සහ මගේ සැමියා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා පවුලේ වැඩකටයුතු කරගන්න. ඒ නිසා පවුලේ වැඩකටයුතු මග හැරෙන්නේ නැහැ.
රංගනයට එකතු වෙන්න අවස්ථා ලැබී නැද්ද?
මියුසික් වීඩියෝ ඇතුළු නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. ඒවා තෝරා බේරාගෙන දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
නිවේදන ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා. නිරූපණ ක්ෂේත්රයටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
ඔබේ වැඩකටයුතුවලට උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම මතක් කරන්න ඕනේ සඳමාලි විතානගේ. එතකොට කසුන් හේවාගම, තුෂාන් අයියා, එතකොට මේධාවී ජයතිලක සහ මගේ පවුලේ අය, මගේ සැමියා ඇතුළු මට වචනයකින් හරි උදව් කළ හැමෝටම මම ස්තුති කරනවා.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද