මම නිරූපිකාවක් ලෙස වැඩ කටයුතු කරනවා
නවක නිරූපණ ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන හිරුෂානිව මෙවර සාරවිට කතාබහට එකතු කරගන්න අප සිතුවා. ඇය රූ රැජිනි තරඟාවලියක ජයග්රාහණද ලබාගෙන තිබෙනවා. ඉතින් අපේ ප්‍රශ්නවලට හිරුෂානි පිළිතුරු ලබා දුන්නේ මෙහෙමයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම හිරුෂානි මහමලගේ. මම නිරූපිකාවක් ලෙස වැඩ කටයුතු කරනවා. ඊට අමතරව මාධ්‍ය ආයතනයක රැකියාවක් කරනවා.
නිරූපණයට එකතු වෙන්නේ කොහොමද?
පාසැල් කාලේ ඉඳලා මම නර්තනයට හැදෑරුවා. එහෙම ඇවිත් නිරූපණයට එකතු වෙන්නේ 2017 වසරේදී. ඒ මොඩ්ලින් ඇකඩමි එකක් හරහායි. 2018 Miss Sri Lanka for USA 2018 තරඟාවලියට සහභාගී වෙනවා. එයින් මම ජයග්‍රහණය කරනවා. ඒ විදිහට තමයි නිරූපණයට එකතු වෙන්නේ.
පැජන්ට් එකේ අත්දැකීම ගැන පැහැදිලි කළොත්?
හොඳ අත්දැකීමක් ඒක. අපිට තරඟාවලියේදී තිබුණා Personality තරඟ වටයක්. එහිදී මම ව්‍යාපෘතියක් සිදු කළා ආබාධිත සොල්දාදුවන්ගේ බිරින්දෑවරු පිළිබඳව. ඒ අයගේ හැඟීම කොහොමද?, ඒ කාන්තාවන් ලංකාව වෙනුවෙන් කෙතරම් කැප කිරීමක් කරලා තියෙනවාද කියන එක මම ඒ ව්‍යාපෘතියට යොදාගත්තා. ඉතින් ඒ වගේ හොඳ අත්දැකීම් රැසක් මට පැජන්ට් එකෙන් ලැබුණා.
දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා.
නිරූපණයට අමතරව මොනවාද කරන්නේ?
නිරූපණයට අමතරව මේ වනවිට මගේම කියලා ඩාන්සින් ඇකඩමි එකක් පවත්වාගෙන යනවා. ඊට අමතරව මාධ්‍ය ආයතනයක සේවය කරනවා.
මාධ්‍ය ආයතනයක සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
2018 වසරේදී තමයි මම මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ. පියුමි කාරියවසම් අක්කා තමයි මට මාධ්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාව ලබා දුන්නේ.
රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් මම ඒ පස්සේ ගියේ නැහැ. මොකද මට ඒ පැත්ත ගැන ගැන ලොකු ආසාවක් තිබුණේ නැහැ. නමුත් මම මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංගන පාසලෙන් රංගනය පිලිබඳව හදාරලා තියෙනවා.
වැඩි කැමැත්තක් දක්වන්නේ මාධ්‍ය ක්ෂේත්රයෙන් ඉදිරියට යන්නද, නැත්නම් නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්නද?
මම වැඩියෙන්ම කැමති නර්තන ශිල්පිනියක් විදිහට ඉස්සරහට යන්න. මම තවම මාධ්‍යවේදය පිළිබඳව හදාරන නිසා මම කැමති නැහැ මාව නිවේදිකාවක් කියලා දැන්ම හඳුන්වනවාට. අනිත් දෙකටම මට සුදුසුකම් තියෙන නිසා ඒ නම්වලින් හඳුන්වූවාට කමක් නැහැ.
නිරූපණයේ වර්තමානය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?
නිරූපණය පිළිබඳව අධ්‍යයනය කරන ශිල්පිනියක් විදිහට මම දකින්නේ මේ ක්ෂේත්රය ඉතා හොඳ තැනක්. නිරූපණය ගැන අපි මුල ඉඳලා අගට ඉගෙනගන්න ඕනේ. හැමදේකම තාක්ෂණයක් තිබෙනවා. ඒ හැමදේම අපි ඉගෙනගන්න ඕනේ. අද ලංකාවේ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියෝ ලංකාවේ ඕන තරම් ප්‍රවීණ නිරූපණ ශිල්පිනියෝ ඉන්නවා. ඒ අයට ගරු කරලා, ඒ අය සමග සමීපව ඇසුරු කරන්න ඕනේ.
ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේ අධ්‍යාපන කටයුතු ටික කරගෙන යනවා. ඊට අමතරව මගේ රැකියා කටයුතු සම නරතන පන්තියේ වැඩත් කරගෙන ඉන්නවා.
මේ ආ ගමනේදී මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද
මුලින්ම මගේ අම්මාව මතක් කරන්න ඕනේ, මගේ අයියා ඇතුළු මගේ පවුලේ අයවත්, දිල්හානි දේදුණු මිස්, පියුමි කාරියවසම් අක්කා ඇතුළු මට වචනයකින් හරි සහයෝගය දැක්වූ සියළු දෙනාවම මම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද