මම නිදහසේ මගේ ජීවිතේ ගෙවන්න කැමති කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201103Sewwandi (1)තෝඩු’ හා මේ දිනවල විකාශය වෙන ‘නාඩි’ ටෙලි නාට්‍යවල දකින සෙව්වන්දි නයන්තාරා ප්‍රේක්ෂක ඔබගේ ආදරය නිතැනින්ම දිනාගන්න යොවුන් රංගන ශිල්පිනියකි. මෑතකදී විවාහ දිවියට ද එක්වූ නයන්තරා සිය අලුත්ම තොරතුරු ‘සාරවිට’ අපි සමගින් මෙසේ බෙදාහදා ගත්තේමු.

 

කොහොමද අලුත් ජිවීතේ?

හොඳයි වරදක් නැහැ. ඒත්, මේ දිනවල රූපගත කිරිම් කටයුතු එක්ක තමයි වැඩිපුරම ගෙවෙන්නේ. කොහොම වුණත් රටේ තත්ත්වය වෙනස් වෙයි කියලා හිතනවා ඉදිරියට. ඒ හින්දා බොහෝදුරට ඉදිරියේදී පවුලේ අයත් සමග ඉන්න කාලයක් යළිත් ලැබෙයි කියලා හිතනවා.

 

‘නාඩි’ ඔබගේ දෙවැනි ටෙලි නාට්‍යය නේද?

ඔව්, ‘තෝඩු’ නාට්‍යයෙන් පස්සේ මම සම්බන්ධ වුණ දෙවැනි ටෙලි නාට්‍යය මේක. මෙහි මම ‘ලාවන්‍යා’ කියන ප්‍රධාන චරිතයට දායක වෙනවා.

 

කොහොමද ලැබෙන ප්‍රතිචර?

ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘තෝඩු’ ටෙලි නාට්‍යයේ මා රඟපෑ චරිතයට වඩා හත්පසින්ම වෙනස් චරිතයක් මේක. ඉතින් බොහේ දෙනෙකු අතරට මේ චරිතය මේ වනවිට ගිහින් තියෙනවා කියලා ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැනෙනවා.

 

‘නාඩි’ වලින් පස්සේ අලුත් වැඩකට කතා කළේ නැද්ද?

ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. නමුත්, භාරගත්තේ නැහැ. මොකද, මම කැමති නැහැ මගේ ජීවිතේ කාර්යබහුල කරගන්නවාට. මම නිදහසේ මගේ ජීවිතේ ගෙවන්න කැමති කෙනෙක්. විවාහ වුණත් එහෙමයි. අමතර කාර්යබහුලත්වයක් මම මගේ ජිවීතේට ඇතුල් කරගන්න කැමැති නැහැ.

 

ඒ කියන්නේ තව කාලයක් යයිද ඔබ අලුත් නිර්මාණයකින් දකින්න?

බොහෝ විට ‘නාඩි’ ටෙලි නාට්‍යය ඉවර වෙන කොට මම තව එකක් භාර ගනියි. ‘තෝඩු’ ටෙලි නාට්‍යය ඉවර වෙලා තමයි මම ‘නාඩි’ එකටත් සම්බන්ධ වුණේ. මම කැමතියි එකක් ඉවර වෙලා තව එකකට සම්බන්ධ වෙන්න.

 

විවාහ වුණාට පස්සේ ගොඩක් අය රඟපාන්නේ අඩුවෙන්. ඔබත් එහෙමද?

එහෙම නැහැ. මා කලින් කිව්වා වගේ මට වැදගත් මගේ නිදහස බුක්ති විඳින එක. කාර්යබහුල වෙනවාට මම කැමති නැහැ.

 

සැමියා කැමතිද ඔබ රඟපානවට?

අපෝ නැහැ. එයා කැමති නැහැ මම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරනවාට. නමුත්, එයා මගේ කැමැත්තට ඉඩ දිලා තියෙනවා. මම වැඩ ගොඩක් භාරගෙන කාර්යබහුල වෙන කෙනෙක් නෙමෙයි හින්දා එයා අකමැත්තෙන් හරි මගේ වැඩවලට අවසර දීලා තියෙනවා.

 

දිගටම මේක වෘත්තියක් විදිහට කරගෙන යන්නද අදහස?

නැහැ. රංගනය කියන දේ කවදාවත් මගේ වෘත්තිය වෙන්නේ නැහැ. මේක මම ආසාවට කරන දෙයක්. කලාවට මම ගොඩක් ආදරේයි. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආදරය, ගෞරවය දිනාගන්නත් මම ගොඩක් කැමති කෙනෙක්. හැමෝටම කලාවට එන්න බැහැ. ඒකට වාසනාවත් දක්ෂතාවයත් තියෙන්න ඕනා. මම අද ගොඩක් සතුටු වෙනවා අහම්බෙන් හරි මේ වෘත්තියට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන.

 

ව්‍යාපාරයකට මුලපුරන්න හිතුවේ නැද්ද?

කාලයක ඉඳලා තියෙන හීනයක් ඒක. මගේ සැමියාත් මාත් එක්ක ඉන්න නිසා ව්‍යාපාරයකට යොමු වෙන්න අදහසක් තියෙනවා. බලමු ඒ ගැන ඉදිරියේදී තොරතුරු කියන්නම්.

බුද්ධික සේනාධීර

20201103Sewwandi (2) 20201103Sewwandi (3) 20201103Sewwandi (4) 20201103Sewwandi (5) 20201103Sewwandi (6) 20201103Sewwandi (7) 20201103Sewwandi (8) 20201103Sewwandi (9) 20201103Sewwandi (10)