මම නටද්දී ගෙදර අය ලයිට් කැපුවා
නිපුනි.. ඔයාගේ ගම්පළාත කොළඹින් ටිකක් ඈතට වෙන්නයි. එහෙම නේද..?
ඔව්.. මගේ ගම කොළඹ පැත්තෙ නම් නෙමේ. මම දඹුල්ලේ කෙනෙක්. මගේ පවුලේ ඉන්නෙ අම්මයි අයියලා දෙන්නයි අක්කයි මමයි විතරයි. මම දෙක වසර පන්තියේ ඉගෙනගන්නකොට තමයි මගේ තාත්තා මියගියේ. අපි ව්‍යාපාරික පවුලක අයයි. මම පවුලේ බාලයා.
මම ඉගෙන ගත්තෙ නුවර හිල්වුඩ් බාලිකාවේ. එක වසර ඉඳන්ම ඒ පාසලේ ඉගෙන ගත්තු නිසා මම හොස්ටල් එකේ නතරවෙලා තමයි හිටියෙ. පාසල් අධ්‍යාපනය හමාර කළාට පස්සෙ මම ෆැෂන් ඩිසයිනින් ඉගෙනගන්න කොළඹ ආවා. ඊටපස්සෙ තමයි මම මේ ෆීල්ඩ් එකට යොමුවුණේ.
පුංචි කාලේ ඔබ කවුරැ වෙන්නද හීන දැක්කෙ...?
පුංචි කාලේ ඉඳන්ම නර්තනය පැත්තෙන් හරි රංගනය පැත්තෙන් හරි ඉස්සරහට යන්න ආසා කළා. මම රඟපාන්න හරි ආසයි. නර්තනයත් පුළුවන්. ඒ වගේම කාලයක් මම ගුවන් සේවිකාවක් වෙන්නත් ආසා කළා. හැබැයි මට ඒ ගුවන් සේවිකාවක් වීමේ හීනය හැබෑකරගන්නනම් බැරිවුණා. ඊටපස්සෙ තමයි රංගන ශිල්පිනියක් වෙන්න මට අවස්ථාව ලැබුණේ.
ඒ අවස්ථාව ලැබුණේ කොහොමද...?
ඒ අවස්ථාව ලැබුණෙත් හරිම අහම්බෙන්. නර්තන ප්‍රසංගයකදී මට රන්ජන් රාමනායක අයියව මුණගැහුණා. ඒ මුණගැහීමේදී තමයි ‘රන්ජා’ ෆිල්ම් එකට අලුතින් ගෑනු ළමයෙක් හොයනවා, රඟපාන්න කැමතිද කියලා මගෙන් ඇහුවේ. ඊටපස්සෙ මම අම්මගෙනුත් අහලා කැමැත්ත අරගෙන තමයි ‘රන්ජා’ ෆිල්ම් එකට රඟපාන්න ගියේ.
ඒ වෙනකොටත් නිපුනි නිරෑපණ ක්ෂේත්‍රයේ නියැලිලාද හිටියේ...?
ඒ වෙනකොට නිරෑපණ ක්ෂේත්‍රයට මම ආපු අලුතමයි. ‘දෙරණ සිටි ඔෆ් ඩාන්ස්' එකෙන් තමයි මාව බොහෝ දෙනා දැනගත්තෙ. රන්ජා ෆිල්ම් එකේ රඟපාද්දී මට ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදිහට නිවේදනය කරන්නත් අවස්ථාව ලැබුණා.
ඒ කියන්නෙ මේ වෙනකොට ඔබ වෘත්තියෙන් නිරෑපණ ශිල්පිනියක්. එහෙමද..?
ඔව්.. වෘත්තිය මට්ටමින් මම නිරෑපණ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. රංගනය පැත්තෙන් නම් පහුගිය කාලයේදී පොඩ්ඩක් ඈත්වුණා. නමුත් රංගනයටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රන්ජා ෆිල්ම් එකෙන් පස්සෙ මම තව චිත්‍රපටයක් කළා. ඒකෙ ප්‍රධාන චරිතයක් තමයි මම කරන්නෙ.
ඒ අලුත් චිත්‍රපටය මොකක්ද...?
ඒක ප්‍රියන්ත සමරකෝන් මහතා අධ්‍යක්ෂණය කළ ‘දිරිය දෝණි’ කියන චිත්‍රපටයයි. ඒකෙදී මම රඟපාන්නෙ ගුරැවරියකගේ චරිතයක්. මේ දිනවල දිරිය දෝණි චිත්‍රපටයේ ඉතිරි වැඩ කටයුතු කරගෙන යනවා. ඒක හරි අපූරැ නිර්මාණයක්. ඒ චරිතය වුණත් හාත්පසින්ම වෙනස් චරිතයක්. අලුත් අත්දැකීමක්. මම මෙච්චර කල් හාස්‍යජනක චිත්‍රපටවලට තමයි සම්බන්ධවෙලා හිටියෙ. මාසයක් පමණ අතිදුෂ්කර ගම්මානයක තමයි අපි ඒ රෑපගත කිරීම් පවා කළේ. පාසලක් තිබුණට, ඇත්තටම ඒ ගම්මානයේ පාසලක් පවත්වාගෙන යන්න තරම් අමාරැකම් තිබුණු පාසලක තමයි අපි රෑපගත කිරීම් පවා කළේ. ඒ අතරේ හිටපු විශේෂ දරැවෙක් ගැන කියවෙන හරි අපූරැ නිර්මාණයක් තමයි ‘දිරිය දෝණි’ කියලා කියන්නෙ.
කොහොමද ඒ ලබපු අත්දැකීම්...?
ඒ ගතකරපු කාලය ඉතාම සුන්දරයි. මම දඹුල්ලේ ගතකරපු ජීවිතයත් එක්ක ඒ වටපිටාව හරි සුන්දරයි. ගුරැවරියකගේ චරිතය රඟපෑමට ලැබීමෙන් මම රංගනය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ අත්දැකීම් වගේම ඒ දැනුම මගේ ජීවිතේට හරියට වටිනවා.
නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන නිපුනිගේ ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද...?
ඇත්තටම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවාට ගෙදරින් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ගෙදරින් තදින්ම විරැද්ධ වුණා. මම ‘සිටි ඔෆ් ඩාන්ස්’ තරගයට ඉදිරිපත් වෙද්දීත් ගෙදරින් කැමති වුණේ නැහැ. සමහර වෙලාවට ගෙදරින් මම ඩාන්සින්වලට යයි කියන බයටම නටද්දී කරන්ට් එක පවා කැපුවා. සමාජයත් ඒ අය අහලා තියෙන දේවලුත් එක්ක ගෙදරින් ගොඩක් බය වුණා. නමුත් මගේ තිබුණු කැමැත්ත හා උනන්දුව නිසාම පස්සෙ ගෙදරින් කැමැත්ත ලබලා දුන්නා. දැන්නම් ගෙදරින් ලොකු සහයෝගයක් ලබලා දෙනවා.
ඒ වුණාට ඔබ වැඩිපුර ඇඟ පෙනෙන ඇඳුම් පැළඳුම් අඳිනවා. ඒවාට ගෙදරින් අකමැත්තක් නැද්ද...?
මම ඇඟ ඕනෑවට වඩා නිරාවරණය කරලා අඳින කෙනෙක් නෙමේ. මම සුදුසු තැනට අදාළ විදිහට අඳින කෙනෙක්. ලස්සනට අඳින කෙනෙක්. ෆොටෝවලදී වුණත් කවුරැ කොහොම කිව්වත් මගේ හිතට ඒක දැනෙන්නෙ නැත්නම්, මට ඒක ලස්සන නැත්නම් මම කවදාවත් අඳින්නෙ නැහැ. මට තියෙන්නෙ සිහින් සිරැරක්. ඒ නිසා ඒ ඇඟට ගැලපෙන ඇඳුම් මම අඳිනවා. කොටට ඇන්ඳා කියලා ඒකෙ වැරුද්දක් තියෙනවා කියලා මම නම් හිතන්නෙ නැහැ.
Text - Dishani / Pic - Malaka