මම දැන් මටම ආදරය කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-886

මය ඔබ කුමක් සිද්ධ කර සිටින්නේද?

ඔබට තිබුණා මේ සඳහා සෙබළුන් කීපදෙනෙකු යවා සිටින්නට මගේ ‘‘මය’’ පරීක්ෂාවෙන් සෑම වෙලාවකටම අපව සිහියේ තබා ගන්න. ඔබට යක්ෂයන්ගේ ජය. උදාරි කෞෂල්‍යා මේ විදිහට කියන්නේ රාවණා නාට්‍යයේ දෙබසකි. රාවණා මේ දිනවල දෙරණ ඔස්සේ විකාශය වන අතර උදාරි කෞෂල්‍යා එහි රඟපාන්නේ හේමප්සරාවෝ නමැති චරිතයයි.

 

උදාරි කොහොමද මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර.2019-05-27-ent-885

මුලින්ම මම මේ ක්ෂේත‍්‍රයට ආවේ, සෙන්ටිගේ‍්‍රඞ් සංගීත කණ්ඩායමේ හදාගත්ත මේ හිතමාගේ මියුසික් වීඩියෝවට දායක වෙමින්. එය මියුසික් වීඩියෝ සම්මාන උළෙලක දී සම්මාන කීපයක්ම දිනා ගත්තා. ඊට පස්සේ රංගනයට ආවේ අත්තම්මා 2 මලී නාට්‍යයෙන්. එය වසරේ ජනප‍්‍රියම නාට්‍ය ලෙස සම්මාන ලැබුවා. ඒ විදියට පටන්ගත්ත මගේ මේ ගමනේදී, මලීගෙන් පසුව රාවණා නාට්‍යයේ මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර හරිම ඉහළයි. මේ මොහොතේ ජානක සිරිවර්ධන මහතාව සිහිපත් කළ යුතුමයි. එදා මම රංගනයේ මේ ගමන පටන්ගත්තේ එයාගේ මලී නාට්‍යයෙන්.

 

කොහොම වුණත් උදාරි කෞෂල්‍යා කියන්නේ රඟපාන්න හිතාගෙන හිටපු කෙනෙක් නොවෙයි නේද?

ඇත්තෙන්ම ඔව්. මම ගියේ කොළඹ මියුසියස්් විද්‍යාලයට. උසස් පෙළ සමත් වුණේ දිවයිනේ ඉහළම ලකුණු ලාභීන් අතරට එක් වෙමින්, ඉන් පසු ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියට තේරුණා. ඒත් පසුව තාත්තා කියු නිසා කොළඹ සරසවියට මාරු වුණා. සරසවියේ අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේදී මලී නාට්‍යයේ රඟපෑමේ අවස්ථාව උදා කර ගත්තා. නොසිතූ වෙලාවක ආ ඒ ආරාධනය නිසා ගමන වෙනස් වුණා. ඒත් එදා තාත්තා නම් රඟපෑමට යන්න අවසර දුන්නේම නැහැ.

 

ඒ වන විට මොනවගේ අංශයක නිරත වෙන්නද හිතුවේ.

මාගේ එකම අරමුණ වුණේ හොඳින් ඉගෙනගෙන පුද්ගලික ආයතනයක හොඳ තනතුරක් දැරීමයි. එක්කෝ මගේම ව්‍යාාපරයක් පටන් ගැනීමයි. කොහොම වුණත් දැන් මම සිටින තැන ගැන සතුටු වෙනවා. අද මගේ ගෙදර අයත් මේ නිර්මාණ ඉතා ආසාවෙන් නරඹනවා.

 

එතකොට උපාධියට මොකද වුණේ?

පසුගිය අවුරුදු දෙකක කාලයේදි මම ලංකාවෙ හිටියේ නැහැ. ඇමරිකාවට ගිහින් මට මෙහිදි අතපසු වෙච්ච උපාධිය සම්පූර්ණ කළා.

 

උදාරිගේ ගෙවුණු ජීවිතය දිහා ආපස්සට හැරී බැලූවොත්?

මට හිතෙන්නේ මම දැකපු තරමට, මම හිතුව තරමට, මට පෙන් වූ හීන ලෝකය සුන්දර වුණේ නැහැ. අපි හිතන තරමට මිනිස්සු සුන්දරත් නැහැ. මම මේ හිනාවෙලා හිටියට ඒ හිනාව යට තියෙන්නේ ලොකු කඳුළක්. ඒ කඳුළු කතාව අතරින් හිනාවෙලා ඉදිරියට ගමනක් යන කෙනෙක්. පාඩම් ඉගෙනගෙන ගමනක් යන කෙනෙක්.

 

දැන් ජීවිතය මොන වගේද?

දැන් නම් හරිම සැහැල්ලූවෙන් සන්තෝෂයෙන් ගමනක් යන බව කියන්න පුළුවනි. වැඩි බලාපොරොත්තු නැහැ. පොළොවෙ පය ගහලා ඉන්න චරිතයක්.

කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙනවා.

 

ජීවිතේ මේතාක් ගත්ත තීරණ ගැන පසු තැවෙනවද?

මම හිතන විදියට ජීවිතයේ මම කැපකිරීමක් කළා. මගේ සතුට ගැන නොසිතා අනුන්ගේ සතුටට ඉඩ දීලා මා කළේ පරිත්‍යාගයක්. ඒ නිසා මම මගේ හිත හදාගත්තේ බොහොම අමාරුවෙන්. හැබැයි සෑම ක‍්‍රියාවක් හමුවේම ප‍්‍රතික‍්‍රියාවක් තිබෙන බව මම දන්නවා. මම කාටවත් හීනෙකින්වත් වැරැුද්දක් කරන කෙනෙක් නොවෙයි. මම හිතන විදියට ජීවිතේ සියල්ල සිද්ධ වුණේ මගේ හොඳටයි. ඒ නිසා පසුතැවීමක් නැහැ.

 

පේ‍්‍රමය, ආදරය, විවාහය ගැන හිතන්නේ කොහොමද?

පේ‍්‍රමයේදී පළමු ආරම්භය සුන්දරයි. නමුත් අපි හිතන තරමට එය සුන්දර නැහැ. විවාහ වන්නේ මැරෙන තාක්කල් අත්වැල් බැඳගෙන ගමනක් යන්නයි. ඒත් වත්මන් සමාජයේ විවාහ වන ඒ පිරිස අතරින් නියම අරුත වටහාගෙන ගමනක් යන්නේ සුළු පිරිසක් විතරයි. ආසාවක් සහ වෙන වෙන දේ බලාපොරොත්තුව විවාහ වුණොත් ඒ බැඳීම ඔවුනට නොදැනීම ගිලිහෙන්න පුළුවනි. දෙදෙනාගේ අදහස්වලට අනුව තමයි බැඳීම තීරණය වන්නෙ. මම මේ විදියට කියන්නෙ ඉදිරියේදී තනිකඩව ඉන්නවා කියන එක නෙවෙයි. මේ ලෝකේ මේ වගේ දෙයකට මුහුණ දුන්න පළමු කෙනාත් අවසන් කෙනාත් මම නෙවෙයිනෙ. දැන් මම ජීවත් වන බව දැනෙනවා. දැන් මම මටම ආදරය කරන්න පටන් ගෙන. විවාහයට පසුව ජීවිතයේ මම මං ගැන වැඩිය හිතුවෙ නැහැ.

දැන් මම මටම ආදරය කරමින් මගේ ජීවිතය හඳුනාගෙන ඉදිරියට යමින් සිටිනවා.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

  2019-05-27-ent-887