මම දකින කඩවසම් ක්‍රීඩකයා විරාත් කෝලි
සිරස අවුරුදු කුමරිය ලෙස මෙවර කිරූළ දිනාගත් මෙනුෂි බණ්ඩාර සමගින් අපි මෙවර කතා බහා කළේමු. වර්තමානයේ කලා කටයුතු කිහිපයකටම දායක වී සිටින ඇය ඉදිරියේදී ටෙලි නිර්මාණ කිහිපයක ප්‍රධාන චරිතය තුළින්ද ඇයව අපිට දකින්නට ලැබේ. නිතර කලා කටයුතු ඇයගෙන් විමසන නිසාම මෙවර අපි "ක්‍රිකට්" ගැන මෙනුෂිගෙන් විමසුවා.
ක්‍රිකට් ක්‍රීඩාවට ඔබගේ තියෙන කැමැත්ත කොයි වගේද?
ලොකු ආසාවක් තියෙනවා. මෑත කාලයේ ලැබු ජයග්‍රහණත් එක්ක ක්‍රිකට්වලට ලොකු කැමැත්තක් මගේ ඇති වෙලා තියෙනවා. නමුත්, පෞද්ගලිකවම එහෙම ලොකු කැමැත්තක් මගේ ක්‍රිකට්වලට නැහැ. ලංකාවේ ක්‍රීඩකයෝ හොඳට ක්‍රීඩා කරද්දි බලාගෙන ඉන්න ආසයි.
කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයන් කවුද?
ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් ලසිත් මාලිංගට ගොඩක් කැමතියි. ඊට අමතරව ඉන්දියාවේ විරාත් කෝලිටත් ගොඩක් කැමතියි මම.
ඇය ඔබ ඔවුන් දෙදෙනාට කැමති?
මාලිංගගේ වගේම කෝලි ක්‍රීඩා කරන විදිහට මම කැමැතයි. අනික් ඔවුන් දෙදෙනා නිතරම දක්ෂතා අතර ඉන්න නිසා ගොඩ දෙනෙක් අතර කතා බහා වෙනවත් වැඩියි.
මෑතකදී බලපු හොඳම ක්‍රිකට් තරගය මොකක්ද?
මාලිංග අන්තිම ක්‍රීඩා කරපු එක්දින තරගය. ඒක මම දැකපු සුපිරිම ක්‍රිකට් තරගයක්.
ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ එහෙම මුණ ගැහිලා තියෙනවාද?
නැහැ. නමුත්, මම හරි කැමතියි ඒ අයව මුණ ගැහෙන්න.
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත්?
ක්‍රීඩකයෙක් කියලා මම ඔවුන්ගේ ආදර යෝජනා භාර ගන්නේ නැහැ. මම හොයන විදිහක් තියෙනවා. ඒවා එක්ක ගැළපුණොත් මම ඒ යෝජනාව භාර ගන්නවා.
කෝලි, ක්‍රිස් ගේල් හා කුසල් මෙන්ඩිස් අතරින් කවුද වැඩිපුරම කඩවසම්?
ඉන්දීය නායක විරාත් කෝලිට.
වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?
අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්නවා. පාකිස්තානයේදී අපි හොඳ ජයග්‍රහණයක් ලැබුවා. මම හිතනවා ඒ ජයග්‍රහණ රැල්ල ඉදිරියටත් අපේ ක්‍රීඩකයන් ලබා ගනියි කියලා.
බුද්ධික සේනාධීර