මම දක්ෂ චරිතාංග නිළියක් වෙනවා
නැගි එන නවක නිළියන් අතරේ ඉමාෂා වීරරත්නට සුවිශේෂි තැනක් හිමිවේ. මේ වනවිට කලා නිර්මාණ බොහොමයකට සිය දායකත්වය සපයා ඇති ඉමාෂා ඉදිරියේදී තවත් ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින්ම රසික ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින්නීය. මේ ඒ පිළිබඳව ඉමාෂා අපිට පැවසූ තොරතුරුය.
ක්ෂේත්රයට ඔබගේ පැමිණීම අහම්බෙන්වූ සිදුවීමක් නේද?
ඔව්, 2015 වසරේදී සුදර්ශියේ කලාකරුවන්ගේ අවුරුදු උත්සවය නරඹන්න ගිහින් තමයි ක්ෂේත්රයට එන්න මාවත සැකසුණේ. අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිය තරගයට ඉදිරිපත් වුණා. නමුත්, කිසිදු පෙර සූදානමකින් තොරව. කඩෙකින් රෙද්දකුයි හැට්ටෙකුයි අරගෙන තමයි මේ තරගයට සහභාගී වුණේ. කොටින්ම කියනවා නම් එම තරගයේ ස්ථානයක් හිමිවෙයි කියලා මට බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ. ඒත්, ගෙදර යන්න ලැහැස්ති වෙන කොට තමයි මම අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය දිනාගත්තා කියලා නිවේදනය කළේ. ඔය විදිහට තමයි ක්ෂේත්රයට ආවේ.
දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ මොනවද?
මුලින්ම සම්බන්ධ වුණේ 'සුවඳ රෝස' කියන DVD චිත්‍රපටයට. ඒක උප ප්‍රධාන චරිතයක් කළා. ඊට පස්සේ 'කිරි සයුර' කියන DVD චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළා. 'මෝදර බඹරු', 'සසර සේයා', 'දේදුණු පාලම^ කියන ටෙලි නාට්‍යවලට දැනට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මාව තවත් චිත්‍රපට හා ටෙලි නාට්‍යය කිහිපයකින්ම දකින්නත් පුළුවන්.
ඉමාෂා කියන්නේ රංගන ශිල්පිනියක්ද නැත්නම් නිරූපිකාවක්ද?
රංගන ශිල්පිනියක් විදිහට මාව හඳුන්වනවාට මම කැමතියි. මොකද, නිරූපිකාවක් විදිහට මම දැනට ගොඩක් වැඩ කරලා නැහැ. ඡායාරූපවලට පෙනී ඉඳලා තියෙනවා විතරයි. දැනට මම රැකියාවක නිරත වෙනවා. ඉතින් රැකියාව තුළින් ලැබෙන විවේකය මත තමයි කලා කටයුතුවලට දායක වෙන්නේ.
පුංචි කාලේ ඉඳලා කලාව පැත්තට කැමැතියි නේද?
මම අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී ඉන්න කාලේ පාසල් නාට්‍යය තරගාවලියේදී හොඳම නිළිය වුණා. ඉතින් ඒ කාලේ ඉඳලා මගේ ආසාව කැමැත්ත තිබුණේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න තමයි.
නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. නිරූපණය වගේම රංගනය කියන්නෙ වෘත්තින් දෙකක්. නිරූපිකාවක් වුණ පලියට රංගන ශිල්පිනියක් වෙන්න බැහැ. ඉතින් මේ වෘත්තින් දෙකම ගොඩක් හැදෑරිම් කරලා යම් අවබෝධයක් මත තමයි කරන්න ඕනා.
ඉලක්ක තියෙනවාද?
දක්ෂ චරිතාංග නිළියක් වෙන එක තමයි මගේ තියෙන එකම ඉලක්කය.
උදව් කරපු අය?
ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දික උදය අබේරත්න අයියා %ස්ටුඩියෝ UK^ නිරූපණ ක්ෂේත්රයට පිවිසීමත් එක්ක මගේ ගුරුවරයා වුණේ නික් ජයමහා සර්. නර්තන ගුරුවරයා ප්‍රියාන් සර්. ඒ වගේ මගේ ඩ්‍රාමා ගුරුවරයා තමයි මහේන්ද්‍ර පෙරේරා සර්. ආදරණිය අම්මා මගේ මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරන්න ඕනා. දිපාල් ගෝමස්, රුවන් මැද්දගේ, හර්ෂණ වික්‍රමසිංහ, සංජය සමරකෝන් ඇතුළු පිරිසත් මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර