මම ටිකක් විතර නපුරුයි
වර්ණකුලසූරිය සඳනි ප්‍රනාන්දු වුනත්, අද වැඩි දෙනෙක් මෙයාට කියන්නෙ ‘‘දියා’’ කියලයි. සිරසෙ ‘‘තුත්තිරි’’ නාට්‍යයේ දියා ලෙස මේ දිනවල සඳනි ආලින්දයට පැමිණෙන්නීය. 2016 ස්වාධීන රූපවාහිනි අවුරුදු කුමරිය තරගයේදී දෙවැනි ස්ථානය දිනාගත් ඇය 2017 රූපවාහිනි අවුරුදු කුමරිය තරගයේදීද දෙවැනි ස්ථානය දිනාගත්තාය. ඉන්පසු කලා ක්ෂේත්රයට අවස්ථා විවර කරගත් සඳනි දියා ලෙස අපට කියන්නේ මොනවද බලමු.
‘‘යකෝ අපි ඇහුවේ ත්‍රීවිල් එක මීටර් ද කියලා’’
දියාකියා එක්ක ගමනක් යද්දී ත්‍රීවිල් රථ රියැදුරෙක්ගෙන් ඇහුවේ ඒ විදියටයි. මේ දියා සහ කියා පිටසක්වලින් පැමිණි චරිත. මේ විදියට දියා වූ සඳනි, ඇත්තටම ඇයි රඟපෑමට ආවේ?
මම ඉගෙන ගත්තෙ මීගමුව දකුණ ජාත්‍යන්තර විදුහලේ. පවුලේ මමයි අම්මයි තාත්තයි විතරයි. අවුරුදු කුමරිය තරගවලට පෙනී සිටීමෙන් පසුව මට වෙළඳ දැන්වීම් බොහොමයකට ආරාධනා ලැබුණා. එතැනින් පසුව තමයි මේ ක්ෂේත්රයේ ගමනකට අවස්ථා ලැබුණෙ.
මොනවගේ අරමුණක්ද ඉගෙන ගනිද්දී තිබුණේ?
උසස් පෙළට කොමර්ස් කළේ. 2017 වසරේදී තමයි ්රැුඛ කළේ. ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යාම අරමුණු කර ගත්තා. මේ අතරෙදි තමයි නිකමට වගේ අවුරුදු කුමරිය තරගවලට ඉදිරිපත් වුණේ. ඉගෙනීම් කරන අතරේ එතැන් සිට ඒවාට සහභාගි වුණා.
දැන් ඉගෙනීම් හමාර කරලද?
නැහැ, දැන් සම්පූර්ණ කාලයම ඉගෙනීමට යොදවන්න තමයි සැළසුම් කරන්නෙ. ළඟදීම උපාධිය වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පටන් ගන්නවා.
දැන්වීම් බොහෝමයකට පෙනී සිටි බව කිව්වා. එයින් වඩා ආකර්ශණයට නතුවුණේ?
බොහෝමයක් තියෙනවා.
‘‘දියා’’ ගැන කතා කළොත්?
දියා කියන්නෙ පිටසක්වලින් ආ තැනැත්තියකගේ චරිතයක්. ඉතින් ඒ ස්වරූපය ගන්න සහ දෙබස් හසුරවන්න අසීරු වුණා. නමුත් පබෝදා අක්කා සහ අධ්යක්ෂතුමා මෙන්ම මෙහි රචක සහ නිෂ්පාදක යූ.ඒ. පල්ලියගුරුගේ මහතා බොහෝ උපදෙස් ලබා දුන්නා. ඒ නිසා ඒකට දැන් ටිකෙන් ටික හුරුවෙමින් සිටින්නෙ.
‘‘සඳනි’’ මුලින්ම රඟපෑවෙ?
හාරකෝටියෙ අභිෂේකාගේ යාළුවා වූ රශ්මි ලෙසයි. රශ්මි ආදරය කළේ නැපෝලියන්ට.
සඳනිගෙ සැබෑ ආදරය ගැන කිව්වොත්?
ඒක සුන්දරයි ඉතින්.
ආදරය ගැන හිතන්නෙ මොන විදියටද?
ආදරයට අපි ආදරය කරන විදියට තමයි අපට ආදරය ලැබෙන්නෙ.
එතකොට විවාහය ගැන හිතන්නෙ?
තවම ඒ ගැන ලොකුවට හිතලා නැහැ. තවම අවුරුදු 20යි. 26දී විතර විවාහ වෙනවා කියලා විතරක් හිතාගෙන ඉන්නවා. විවාහය ගැන ඇත්තටම තවම අදහසක් නැහැ.
ලැබෙන පේ‍්‍රමනීය ආරාධනා බාර ගන්නෙ?
ආරාධනා නම් බොහෝමයි. නමුත් මම කා එක්කවත් වැඩිය කතා කරන කෙනෙක් නොවන නිසා ෂේප් වෙලා ඉන්න පුළුවනි.
සැබෑවට ‘‘සඳනි’’ කොහොම කෙනෙක්ද?
මම මගේ පාඩුවෙ සිටින කෙනෙක්.
සඳනි මේ කරන කියන දේට හැර වෙන මොනවටද වඩා දක්ෂ?
චිත්‍ර අඳින්නත් පුළුවනි. කාලයක් නම් ජූඩෝ ප්‍රගුණ කළා.
සැබෑ ජීවිතයේදී ‘‘දියා’’ වගේ නපුරුද?
එච්චරම නැහැ. ටිකක් විතර නපුරුයි. හැබැයි ඉතින් පවුලේ අය එක්ක අපට ජීවිතය දැනෙන හැෙඟන තැන්වලදි විතරයි. ඒක සාමාන්‍ය ස්වභාවයනෙ.
සඳනිට ජීවිතය දැනෙන්නෙ කොහොමද?
වෙලාවකට සුන්දරයි. වෙලාවකට අමාරුයි. ඒ දෙකට මැදිව ඔහේ ගලාගෙන යන දෙයක්.
කලා ක්ෂේත්රයට ආ පසු මුහුණදුන් විශේෂිත සිදුවීම් තියෙනවද?
සිදුවීම් නම් නැහැ. නමුත් මම වඩා ආසා කළ ක්ෂේත්රයේ ප්‍රවීන චරිත හමුවීම තමයි විශේෂිත දේ. ජැක්සන් ඇන්තනි ප්‍රවීන කලාකරුවා මගේ වීරයෙක්. එතුමා හමු වූ දින මට ලොකු සතුටක් ඇතිවුණේ.
ගායනයටත් සඳනි කැමතියි නේද?
ගීත ගයන්නත් හරිම ආසයි. සිංදු අහන එක මගේ ප්‍රියතම විනෝදාංශයක්.
මේ දිනවල නිතර මුමුණන්නෙ?
පියත් රාජපක්ෂ ගායනා කළ ‘‘ප්‍රියාවි’’ මියුසික් වීඩියෝ එකට. ඒක තමයි මම මුලින්ම පෙනී සිටි මියුසික් වීඩියෝව. එදා ඉඳලා ඒ ගීතය මම සැමදාම වගේ අහලා තියෙනවා. ඉඩක් ලැබුනු හැටියෙ මගේ හිත ‘‘ප්‍රියාවි’’ ගීතය වෙතයි දුවන්නෙ.
සඳනි වඩා කැමති මොන වගේ විලාසිතා කරන්නද?
ඉතා පහසුව දැනෙන විදියට අඳින්න ආසයි. ඩෙනිම ටී ෂර්ට් එක හොඳටෝම ඇති. සෙරෙප්පු දෙකක් දාගෙන යන එක තරම් පහසුවක් මට තවත් නැහැ. ඒක හරි සිම්පල්.
පසුතලය:- Californiagrill, Galadari.
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ