මම ටිකක් කියවනවා වැඩියි
ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවකි. ටෙලිනාට්‍ය රංගනය ඇයගේ තවත් භාවිතයකි. ඇය දිනිති වල්ගමගේය. හාර කෝටියෙන් ටෙලි තිරයට පෑයූ ඇය මේ දිනවල හමුවන්නේ සිල්ලර සමනල්ලූ සමගය. ඊට අමරතව ෆිල්ම්ස්ටාර් වැඩ සටහන මෙහෙයවීමට ද ඇය දායකව සිටින්නීය. එලෙසින් මේ දිනවල රූපවාහිනී තිරය හැඩකරන ඒ හැඩකාරිය සඳැල්ල කතාබහකට එක්වූ අයුරුයි මේ.
දිනිති හරිම කාර්ය බහුලයි වගේ?
ඒකට හේතුව කිව්වොත්?
සිල්ලර සමනල්ලූ රූගත කිරීම් නිසාත්, ෆිල්ම්ස්ටාර් වැඩ සටහන නිසාත්, ඊටත් අමතරව මගේ රැුකියාව නිසාත් කාර්ය බහුල වෙලා.
මේ දිනවල ගුවනේ පියාඹන්නේ කොහේටද?
ශ්‍රී ලංකන් පියාඹන සෑම තැනකටම අපට යන්න වෙනවා.
දිනිති ගැන වැඩිපුරම අද මිනිස්සු කතා කරන්නේ?
ඇත්තටම හාර කෝටියෙන් පසුව. දැන් කතා කරන්නේ අභිෂේකා කියලයි.
හාර කෝටිය නිසා ලාබද? පාඩුද? වුණේ?
දිනිති වල්ගමගේ කියන චරිතය මිනිස්සු හඳුනා ගත්තේ හාර කෝටියෙන්. එතැනින් එහාට මම මොන චරිතය කළත්, මිනිස්සු කතා කරන්නේ අභිෂේකා කියලයි.
මෑතකදී, ගුවනේදී ඔබට ලොකු සිදුවීමකට මුහුණ දෙන්න වුණාය කියලා ආරංචියි?
හාර කෝටිය නැරඹූ අම්මා කෙනෙක් මාව අල්ලගෙන ඇඬුවා. ‘අනේ පුතේ ඔයාව බේරිලා ආ එක ගැන මට හරි සතුටුයි. මම දෙවියන්ට යාඥා පවා කළා කියලා කිව්වා’ මේකට හේතුව තමයි ඊට සති දෙකකට විතර පෙරදී හාර කෝටියේ මම වෙඩි වදින දර්ශනයකට මුහුණදීම. ඉතින් ඇය නොවරදවාම හාර කෝටිය හදවතින්ම නැරඹූ පේ්රක්ෂිකාවක්. ඒ ප්‍රතිචාරය නම් මට කවදාවත්ම අමතක වන එකක් නැහැ.
ඒ විදියට හාර කෝටියෙන් බොහෝ දෙනාගේ ආදරය දිනූ ඔබ ඇයි සිල්ලර සමනලූන්ට මැදි වුණේ?
හාර කෝටියට මාව ගත්තේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතායි. ඊට පසුව සද්ධා මංගල සූරියබණ්ඩාරගේ රචනයකට, සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන සිල්ලර සමනල්ලූ රඟපෑමට අවස්ථාව ලැබුණා. ඒකට ලැබෙන ප්‍රතිචාරත් හරිම ඉහළයි.
එහි ඔබ රඟපාන්නේ?
නිම්මි කියන චරිතය.
නිම්මි මොන වගේ කෙනෙක්ද?
නිම්මි කියන්නෙ හැරී නමැති මැරයාගේ දුව. වෙලාවකට ඇයත් කොච්චි කරලක් වගෙයි. කටකාර රණ්ඩු කෙක්කක්.
දිනිති වල්ගමගේත් සැබෑවට ටිකක් ඒ වගේලූ නේද?
අනේ එහෙම නං නැහැ. මම ටිකක් කියවනවා වැඩියි. එච්චරයි. මම නිම්මි වගෙත් නෙවෙයි. අභිෂේකා වගෙත් නෙවෙයි. ඒ දෙදෙනාටම මැදිවූ චරිතයක්.
කුඩා කාලයේදී අයියලා දෙන්න එක්ක හරි හරියට රණ්ඩු කළා කියන්නේ?
මම පවුලෙ එකම කෙල්ලනෙ. අයියලා දෙන්නා එක්ක මාත් හරි හරියට ඔට්ටු වුණා. එයාලා වත්තේ ගහකට හරි වෙන උස තැනකට නැග්ගාම මාත් නැග්ගා. ඉතින් අපේ නෑදෑයෝ එහෙම ඔයා කොලූ වැඩ කරන්න එපා කියලා කියලත් තියෙනවා. අයියලා දෙන්නා, අම්මා, තාත්තා, ලොකු අම්මා, එයාලගෙ ආදරය මැද තමයි මම කුඩා කාලය ගත කළේ. අද මම කොළඹ ඉන්නෙත් ලොකු අම්මා එක්කයි. ඇය විශ්‍රාමික ගුරුවරියක්.
හාර කෝටියෙ ඔබගේ පෙම්වතා වුණේ?
සාරංග.
එතකොට සිල්ලර සමනල්ලූ පෙම්වතා?
ධනංජය.
හැබෑ ජීවිතයේ පෙම්වතා
ඉන්නවා ඉතින්.
ඒ පෙම් කතාව ගැන කෙටියෙන් කිව්වොත්?
ඒක පාසල් සමයේ සිට දැන හඳුනා ගෙන පසුව ඇති වූ පේ‍්‍රමයක්. එයා මට ආදරය කරන්න පටන් ගත්තේ මාව කවුරුවත් නොදන්නා කාලයේදීයි. අද මම කලාවේ මේ සිටින තැනට එන්න මාව බොහෝම උනන්දු කළේ එයා.
පේ‍්‍රමය නම් කිම?
ලස්සනයි, හැබැයි ලස්සන කෙනෙක් හම්බ වුණොත්?
ඒ කියන්නේ ඔබගේ පෙම්වතා ලස්සනයි?
මම කියන්නෙ රූපය ගැන නෙවෙයි. ලස්සනට ආදරය කරන කෙනෙක් හම්බ වුණාම ආදරය ලස්සනයි.
ෆිල්ම්ස්ටාර් ගැනත් කියමු?
සිරස ගෙන එන ෆිල්ම්ස්ටාර්, නිවේදනයත් මෙහෙය වන්නෙ මම සහ මනුරංග විජේසේකරයි. නිවේදනය කියන්නෙ ඇත්තටම හරි අමාරු දෙයක්. රඟපානවාට වඩා එය හරි වෙනස් අත්දෑකීමක්. මගේ තාත්තා ගුරුවරයකු ලෙසත් පසුව කලාප ගුරු උපදේශකවරයකු ලෙසත් කටයුතු කළේ නාට්‍ය අංශයෙන්. අම්මත් ගුරුවරියක ලෙස කටයුතු කළා. එයාලා මට නිතරම කිව්වේ කැමරාව ඉදිරියේ රඟපාන්න එපා කියලයි. ඒ චරිතය කරන්න කියලයි. ඉතින් රඟපෑම ඒ වගේ කළාට නිවේදනය ඒ විදියට කරන්න බැහැ.
හැඩගැන්වීම් - හරූන් සේඩන්
විලාසිතා - කුෂාන් ජයසිංහ
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ