මම ජනප්‍රියද නැද්ද කියලා මම දන්නේ නැහැ
වුණු වසරේ ‘දෙරණ’ අවුරුදු කුමාරියන් අතරට තේරුණු වගීෂා ඉෂාන්ති සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස අපි දිග හැරියේමු. මේ වනවිට ගීත රූප රචනා හරහා නිතර දකින මුහුණක් බවට පත්ව සිටින ඇය ඉදිරියේදී පුංචි තිරේදී මෙන්ම සිනමා තිරයේදී ප්‍රේක්ෂක ඔබට දැක ගැනීමට හැකියාව ලැබේ.
කලා කටයුතු නිසා වගිෂා කාර්යබහුලද?
ලොකුවට නැහැ. ඒත්, සුපුරුදු පරිදි බ්‍රයිඩ්ල් ෂෝ, මියුසික් විඩියෝ, කොමර්ෂල් වගේ දේවල්වලට දායක වෙනවා. ඉදිරියට චිත්‍රපටයක හා ටෙලි නාට්‍යයකත් වැඩ කරන්න සූදානමින් ඉන්නවා.
‘දෙරණ’ අවුරුදු කුමරියන් අතරට ඔබ මෙවර තේරුණා?
ඔව්, 2017 වසරේදී තමයි මම ‘දෙරණ’ අවුරුදු කුමරියන් අතරට තේරුණේ. එහි අවසන් තරගකාරියන් දෙළොස් දෙනා අතරට එන්නට මට හැකියාව ලැබුණා. ඊට පස්සේ තමයි තමයි කලා කටයුතු රැසකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ.
නමුත්, ඔබව අපි නිතරම වගේ කලා කටයුතුවල දකින්නේ නැහැ?
ඔව්, ඒකට හේතුව තමයි මගේ අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර අවධානය යොමු කරලා තියෙන හින්දා. කොමර්ෂල්, මියුසික් විඩියෝ වගේම මොඩ්ලින් වැඩත් තෝරා බේරාගෙන තමයි මම කරන්නේ. නමුත්, හොඳ නිර්මාණයකට ලැබුණොත් මම ඊට දායක වෙනවා.
ක්ෂේත්‍රයට ආවේ නම් නිරූපිකාවක් විදිහට?
නිරූපණ ශිල්පිනියක් විදිහට තමයි ක්ෂේත්‍රයට ආවේ. නමුත්, රංගනයට තමයි දැන් මගේ වැඩිපුර කැමැත්ත තියෙන්නේ. ඒ වුණත් රංගනයට ආව ගිය චරිතයක් වෙන්න මම කැමති නැහැ. මට රඟපාන්න පුළුවන්. ඉතින් ඒකෙන් හොඳ පළ ප්‍රයෝජනයක් ගන්න අවශ්‍යයි. කළින් සඳහන් කළා වගේ හොඳ නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න කැමත්තෙන් ඉන්නවා මම.
වගිෂා නිතර දකින නිසා දැන් ජනප්‍රියද?
නැහැ. මම ජනප්‍රියද නැද්ද කියලා මට තිරණය කරන්න බැහැ. ඒක තිරණය කරන්නේ අපිට ආදරය කරන රසික ජනතාව. සුළු පිරිසක් දැනට මාව දන්නවා. ඒ අයගේ ආදරයත් මට මදි නොකියන්න ලැබෙනවා. නමුත්, තවමත් මම ජනප්‍රිය වගේම ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි.
ඉදිරියට?
කලාව පැත්තෙන් ඉදිරියට යන්න ලොකු අසාවක් තියෙනවා. ඒත්, මගේ සියලු අධයාපන කටයුතු අවසන් වුණාම තමයි ඒ පැත්තට ලොකුවට හිතන්නේ. ඉදිරියේදී විදෙස් ගත වෙන්නත් සූදානමක් තියෙනවා අධ්‍යාපන කටයුතු නිසා. ඒ පිළිබඳව පසුවට විස්තර කියන්නම්.