මම ගොඩාක් වෙනස් විදිහට ජීවත් වෙන්න ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිලූෂා රත්නායක යනු නිරූපණ ක්‍ෂේත්‍රයට නවකයෙකි. ඇයගේ බලාපොරොත්තුව වන්නේ නිරූපණ ක්‍ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යෑමටයි. එම නිසා ඇය මේ සඳහා කැපවීමේන් වැඩකටයුතු කරනු ලබයි. ඒ පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග මෙලෙස එක් විය.

20170830Nilusha-2ඔබ කවුද?

මගේ නම නිලූෂා රත්නායක. මම Freelance Model කෙනෙක් විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. රැකියාවක් කරන්නේ නැහැ.

නිරූපණයට එන්නේ මෑතකදී නේද?

ඔව්, මම නිරූපණයට ඇවිල්ලා මාස තුනක් විතර වෙනවා.

වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් වෙන්නද හිතන්නේ?

මම වෘත්තීමය නිරූපිකාවක් වෙන්නයි බලාපොරොත්තුව.

වෘත්තීයට නිරූපණ ක්‍ෂේත්‍රය හොඳයිද?

ඔව්, හොඳයි කියලා හිතනවා.

ගෙදරින් අකමැති වුණේ නැද්ද?

නැහැ. මොඩ්ලින් පැත්තට මම කැමති නිසා කිසිම දෙයක් ගෙදරින් කිව්වේ නැහැ. විලාසිතාවන් කරන්න, ලස්සනට ඉන්න කැමති කෙනෙක් කියලා මගේ පවුලේ ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ගොඩාක් වෙනස් විදිහට ජීවත් වෙන්න ආස කෙනෙක්. ඒ නිසා ඒ දේවල්වලට කැමති වුණා.

නිරූපණයෙන් කැමති මොන දේවල්වලටද?

නිරූපණයෙන් මම ගොඩාක්ම කැමති කැෂුවල් පොටෝ ෂූට්ස් කරන්නයි. බ්‍රයිඩ්ල් පැත්තටත් ආසා කරනවා.

දැනට වැඩ සඳහා ආරාධනා ලැබුණාද?

ඔව්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. ඒවල ඉන්ටර්විව්ස්වලට ගියා. නමුත් බැහැ කියලා හිතුණා. තාම අලුත් නිසා බැහැ කියලා හිතෙනවා. ආසාවට යනවා බැහැ කියලා හිතෙනවා.

රංගනයට කැමතිද?

ඔව්, රංගනයට ආසාවක් තියෙනවා. ඒත් දැන්ම බැහැ කියලා හිතෙනවා.

නිරූපණය හදාරනවාද?

මම නිරූපණය ගැන හදාරන්න ඉන්නේ. ඉදිරියේදී ඒ සඳහා සහභාගී වෙන්නයි ඉන්නේ.

නිරූපිකාවක් කිව්වාම වැරැදි ආකල්පයක් ගොඩක් අය තුළ තියෙනවා නේද?

ඔව්, ඒක ඇයි කියලා මමවත් දන්නේ නැහැ. අපි Costume එකක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කළොත් නරක ප්‍රතිචාර තමයි වැඩියෙන්ම එන්නේ. ඒක සමහර විට Art එකක් කියලා පිළිගන්නේ ඒ පිළිබඳව දැනුමක් තියෙන අය පමණයි. සමහර අය ඒ ෂූට් එක කරපු ඡායාරූප ශිල්පියා ගැන පවා වැරදියට හිතනවා. හැබැයි යම්කිසි Photoshoot එකකදී වෙන සිදුවීම් තමන් විතරයි දන්නේ. නමුත් බොහෝ දෙනා බොරු චෝදනා කරනවා සමාජ වෙබ් අඩවි හරහා. මම නම් හිතන්නේ ඒක වැරදියි කියලයි. නමුත් ගොඩක් ඡායාරූප ශිල්පින් සහෝදරියන්ට වගේ සලකනවා. අද නිරූපිකාවක් වුණාම අරක කරනවා මේක කරනවා කියලා චෝදනා කරනවා. නිරූපිකාවක් කිව්වාම ගොඩක් අය හිතන්නේ වැරදි විදිහටයි.

20170830Nilusha-1

නිරූපිකාවක් විදිහට වෘත්තීයක යෙදෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවාද?

ඔව් තියෙනවා කියලා මම හිතනවා.

ප්‍රවීණයන් චෝදනා කරනවා නවකයන් කිසිම ප්‍රමිතියක් නැතුව ක්‍ෂේත්‍රයට එනවා කියලා?

සමහර විට නිරූපිකාවක් ඒ දේ හදාරන්නම ඕනේ නැහැ කියලයි මම හිතන්නේ. මොකද සමහර අයට ඒ දේවල් පිහිටලා තියෙනවා. ඇඟේ හැඩය ලස්සන කියන දේවල් ඒ අයට තියෙනවා. ඉගෙන ගෙන යන එකත් ඒ අයට හොඳයි.

ඉදිරි බලාපොරොත්තු?

මට ජනප්‍රිය නිරූපිකාවක් වෙන්න ඕනේ නැහැ. මම මේ ක්‍ෂේත්‍රයට ගොඩක් ආස කරනවා. හැමදේම හරියාකාරව කරන්න බලාපොරොත්තු වෙනවා.

උදවු කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

මතක් කරනවානම් ගොඩක් අය ඉන්නවා. මගේ අම්මි සහ තාත්තිට ගොඩක් ස්තූතියි කියනවා. මට මේ තැනට, ඒ කියන්නේ මෙහෙම ප්‍රතිචාර හම්බෙන තැනට එන්න උදවු කරපු කෙනෙක් තමයි කාවින්ද පීරිස් අයියා, එයාවත් මතක් කරනවා. ඒ වගේම කවිඳු ලියනගේ අයියා, ඉමේෂ් නුවන්දක අයියාවත් මතක් කරනවා. ඒ අය මට ඉදිරියට එන්න ගොඩක් උදවු කළා.

Dilan Chryshantha / Pix - Imesh Nuwandika

20170830Nilusha-3 20170830Nilusha-4 20170830Nilusha-5