මම ගොඩක් වෙලාවට අනුගමනය කරන්නේ බොලිවුඩ් තරු..
ජනප්‍රිය ටෙලි නාට්‍යය බොහෝමයක දුටු තාර්යා කෙනෙඩි වර්තමානයේ කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් ලෙස හැඳින්විය හැකිය. නිරන්තරයෙන්ම විලසිතා ගැන උනන්ඳුවක් දක්වන රංගන ශිල්පිනියක් ලෙසද ප්‍රසිද්ධ ඇයගෙන් "සාරවිට" අපි ඇය කැමතිම විලාසිතා ගැන අද විමසුවෙමු. මේ අප ඇසු ප්‍රශ්නවලට තාර්යා දැක්වූ ප්රතිචාරයන්..
ඔබ විලාසිතාවලට දක්වන්නේ කොයි වගේ කැමැත්තක්ද?
අනිත් ගැණු ළමයි වගේම මම විලාසිතා කරන්න ගොඩක් කැමතියි. මට ගැළපෙන හා මම යන තැනට සුදුසු විලාසිතා තමයි කරන්නේ ඉතින්.
වැඩිපුරම විලාසිතා කරන්නේ මොනවද?
වැඩිපුරම ඇඳුම් විලාසිත තමයි මම කරන්නේ. ඊට අමතරව අත්බැග්, සපත්තු, පාවහාන් වගේ දේවලුත් විලසිතා විදිහට කරනවා. නමුත්, ගොඩක් වෙලාවට ඇඳුම් තමයි මම විලාසිතා විදිහට කරන්නේ.
විලාසිතාවලට මසකට ඔබ කොපමණ මුදලක් වැය කරනවාද?
ඇත්තටම මම විලසිතාවලට එහෙම ලොකුවට වියදම් කරන කෙනෙක් නෙවෙයි. මොකද, මගේ වාසනාවට මගේ අම්මා ඇඳුම් නිර්මාණය කරන කෙනෙක්. මගේ අම්මාට ලස්සනට ඇඳුම් මහන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉතින් මගේ අම්මා තමයි මගේ ඇඳුම් මහන්නේ. ඒ වගේම මම කරන රැකියාවත් නිමි ඇඳුම්, රෙදිපිළි සම්බන්ධව කරන රැකියාවක්. ඒ හින්දා මගේ ඇඳුම්වලට මට ලොකු වියදමක් යන්නේ නැහැ.
ඔබ අඳින්න වැඩිපුර කැමති මොන වගේ ඇඳුම්ද?
එහෙම විශේෂයක් නැහැ. හැබැයි මම %ටින් ගර්ල්ස්^ ටයිෆ් එකේ ඇඳුම් අදින්න ගොඩක්ම ආසයි.
ඇඳුමක් මිළඳි ගන්නවා නම් ඔබ බලන්නේ එහි ලස්සනද? නැත්නම් වටිනාකමද?
හැම ගැණු ළමයෙක් වගේම මුලින්ම මම බලන්නේ ඇහැට හුරු ලස්සන. ඒ වගේම මම ගෙවන මුදලට මේ ඇඳුම වටිනවාද කියලාත් මම බලනවා. මොකද, ගන්න ඇඳුම මම කාලයක් අඳින හින්දා එහි තත්ත්වය මට ගොඩක්ම වැදගත්. ඒ වගේම මම කරන රැකියාවත් එක්ක මට නිකම් තෙරේනවා ඇඳුමක තත්ත්වය හා වටිනාකම කියනදේ.
අඳින්න බැරි ඇඳුම් වෙන කාට හරි ඔබ දෙනවාද?
අඳින්න බැරි කියන්නේ ප්‍රෝගෑම් එකකට එහෙම එකපාරක් ඇන්දාම ඒ ඇඳුම ආයේ ඉතින් මම අඳින්නේ නැහැ. එහෙම ඇඳුම් දෙන්න ඉතින් මට සහෝදරියෝ නැහැ. මගේ සම වයසේ හා මගේ වයසට අඩු මගේ ඥාති සහෝදරියන්ට මම මගේ ඇඳුම් දෙනවා.
විලාසිතා කරද්දි ඔබ යම් සීමාවකට කොටු වෙනවද?
ඔව් අනිවාර්යයෙන්ම. මොකද මම සිමා සහිතව තමයි විලාසිතා කරන්නේ. ගොඩක් වෙලාවට මම කොටට ඇඳුම් අඳිනවා අඩුයි. මම කරන රැකියාවට හා මගේ රංගන කටයුතුවලට බාධාවක් නොවන පරිදි තමයි මම විලාසිතා කරන්නේ.
ඔබ විලාසිතා කරන්නේ බොහෝ වෙලාවට අන් අයගේ ආකාර්ශණය දිනාගන්නද?
ඇත්තටම රංගන ශිල්පිනියක් විදිහට අපි විලාසිතා කරන්නේ අන් අයගේ ආකාර්ශනය දිනාගන්න තමයි. මොකද, රංගන ශිල්පිනියේ අනුගමනය කරන බොහෝ අය අද ඉන්නවා. ඉතින් අපි කරන්නේ ඒ අයට අපිව අනුගමනය කරන්න පුළුවන් විදිහේ දේවල් කරන එක. විලාසිතා කියන්නේ ඉන් එකක්.
විලාසිතා කරද්දි ඔබ තරු අනුගමනය කරනවාද?
ඔව්, හැබැයි ලංකාවේ අය නම් නෙමෙයි. ගොඩක් වෙලාවට ජාත්‍යන්තරයේ ඉන්න සිනමා තරු තමයි මම අනුගමනය කරන්නේ. දීපිකා පදුකෝන්, අනුෂ්කා ෂර්මා, ජැකලින් ෆර්නැන්ඩේස් කියන ඉන්දීය රංගන ශිල්පිනියන් තමයි බොහෝ වෙලාවට මම අනුගමනය කරන්නේ.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත් ශ්‍රීනාත්