මම ගොඩක් වෙලාවට මේකප් කරනවා අඩුයි
‘හාර කෝටිය’ හා ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යය තුළින් අතිශය ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක් ලෙස දිනිති වල්ගමගේ මේ දිනවලද ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබේ. විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වන දිනිති වල්ගමගේ සමග අද ඇය කැමති විලාසිතා ගැන අපි කතා බහ කළේමු.
විලාසිතාවලට දිනිතිගේ තියෙන කැමැත්ත කොහොමද?
විලාසිතාවලට හැමෝම කැමතියි නේ. මාත් කැමතියි විලාසිතා කරන්න ඉතින්. හැබැයි මම විලාසිතා කරන කොට මම හැම වෙලාවෙම බලන්නේ මම ඇඳගෙන යන ඇඳුම් මම යන තැනට ගැළපෙනවාද කියන එක. ඒ වගේම තමයි මම ගෙදර අයත් එක්ක තැනකට යනවා වගේ නෙමෙයි මගේ යාළුවොත් එක්ක යන්නේ. ඒ හින්දා මම හැම වෙලාවෙම යන තැනට හා කාත් එක්කද යන්නේ කියන එක බලලා තමයි විලාසිතා කරන්නේ.
වැඩිපුරම අඳින්න කැමති ඇඳුම් මොනවද?
එහෙම විශේෂයක් නැහැ. මම හරි කැමතියි සැහැල්ලු ඇඳුම් අඳින්න. ඇඟට හිරවෙන ඇඳුම් ලොකු හිල්ස් තියෙන සපත්තු දාන්න කැමති නැහැ. කොට කලිසමට ලොකුවට ටි ෂර්ට් එකක් හරි ෂෝට් ෆොර්ක් එකක් හරි අඳින්න මම හරි ආසයි. මොකද මම හිතනවා ඒ විලාසිතා මට හරි පහසුයි කියලා. මම මේකප් කරන්නෙත් හරි අඩුවෙන්. මම ලිප්ස්ටික් ටිකක් විතරයි ගන්නේ.
දිනිතිට අඳින්න බැරි ඇඳුම් කටහරි දෙනවාද?
කොහොමත් මම වසරකට ඒක පාරක් මම ගන්න ඇඳුම් ටික අස් කරනවා. මගේ අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. ඒ අය දන්න අසරණ දරුවන්ට දෙනවා ඒ ඇඳුම්. මට අඳින්න බැහැ කියන්නේ ඒවා ඉරිලා හෝ පැල්ලම් ඇති වෙලා කියන දේ නෙමෙයි. මගේ සිරුරට ලොකු හරි පොඩි වුණාම මම ඒවා අයින් කරනවා. ඒ අයින් කරන ඇඳුම් පවා මම හොඳ තත්ත්වයෙන් තමයි තියාගන්නේ. කාටහරි දෙන කෙනෙක්ට වුණත් ඒක පාවිච්චි කරන්න හිතෙන විදිහට.
ඇඳුම් ගන්න ඔබට විශේෂ තැන් තියෙනවාද?
ගොඩක් වෙලාවට මම ඇඳුම් ගන්නේ නැහැ. මගේ ඇදුම් ඩිසයිනර් කෙනෙක් ඉන්නවා එයාට කියලා අවශ්‍ය කරන විලාසිතාව අනුව මහගන්නවා. එහෙම නැත්නම් මම ඇදුම් ගන්නේ විදෙස් රටවල්වලින්. විශේෂයෙන්ම ලන්ඩන් මෙල්බර්න් වගේ නගරවලින්. හෙට උත්සවයක් තියෙනවා ඒ නිසා අද ඇඳුමක් අවශ්‍යයි කියලා ගිහින් ගන්නේ නැහැ. ලස්සන ඇඳුමක් දැක්කොත් ඒ ඇඳුම මම ගන්නවා.
ඇඳුම් මිළදි ගන්න යන්නේ සාමාන්‍යයෙන් කා සමගද?
ගොඩක් වෙලාවට මම එහෙම ගමනක් යන්නේ තනියම. මට හරිම අමාරුයි යාළුවෝ හරි ගෙදර අය එක්ක හරි ඔය වැඩේ කරන්න. මොකද, ඔය වැඩේට ගියොත් මම ඒ අයගෙන් අහනවා නේ මේ ඇඳුම හොඳද? මේක ගන්නද කියලා. මට එහෙම බැහැ. එහෙම ගත්තොත් මට හොඳ එක නෙමෙයිනේ ගන්නේ ඒ අයට හොඳ එකනේ. තනියම ගියොත් මට හොඳම එක තෝර ගන්න පුළුවන් කියලා මම හිතනවා.
විලාසිතා කරද්දි සිමාවන් තියෙනවාද?
විලාසිතා කරද්දි සිමාවන් කියන්නේ මම සහභාගි වෙන තැනට මම අඳින විලසිතාවල ගැළපෙනවාද කියලා. බිච් යන්න බැනේ පාටි ෆොර්ක් හිල්ස් දාලා. ඒ වගේ තමයි පන්සලකට යන්න බැහැ කොට ගවුමක් ඇඳලා. ඒ තැනට යන්න ඕනා ඒ විදිහට. මම ගොඩක් විලාසිතා කරන කෙනෙක්.
බුද්ධික සේනාධීර