මම ගන්න ඇඳුම දෙපාරකට වඩා අඳින්නේ නැහැ
කලා ක්ෂේත්රය තුළ නිතර කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියක් ලෙස තිළිණි පෙරේරා හැඳින්විය හැකිය. %මුතු කුඩ මැණිකේ^ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයක ඔබ දුටු තිළිණි ඉදිරියේදීද තවත් කලා නිර්මාණ බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමටද සූදානමින් සිටින්නිය. අද "සාරවිට" තරු කතාබහ දිගහැරෙන්නේ අප තිළිණි සමගිනි.
රංගන ශිල්පිනියක් විදිහට ඔබ විලාසිතා ගැන දක්වන උනන්ඳු කොයි වගේද?
රංගන ශිල්පිනියක් විදිහට මම හැම වෙලාවේම ලස්සනට ඉන්න උත්සාහ කරනවා. මම විතරක් නෙවෙයි අනෙකුත් මගේ සහෝදර රංගන ශිල්පිනියොත් එහෙම තමා. සාමාන්‍ය තරුණියක් විදිහටත් අපි ඉතින් කැමතියිනේ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න. මමත් එහෙමයි. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා ඉතින් මම කරනවා.
ඔබ පැහැපත් වෙන්න පාවිච්චි කරන ක්‍රමවේදයන් මොනවාද?
පොඩි කාළේ ඉඳලාම මට තිබුණේ පැහැපත් සමක්. නමුත්, පැහැපත් සමක් සමග මම ගොඩක් ආස කළා නිකැලල් සමක් ලබාගන්න. අව්වට යන කොට සම අවපැහැ ගැන්වෙනවා. කුරුලෑ ඇතිවුණාම සම තුළ නිරෝගී භාවයක් නැති වෙනවා. ඒ වෙනුවෙන් මම ස්වභාවික සත්කාරයන් සමට කරනවා. ඒ වගේම ජලය පානය කරන එක හරහාත් අපේ සම නිරෝගී වෙනවා. ඒ නිසා මම දිනකට ජලය වැඩි ප්‍රමාණයක් බොනවා. ඇත්තටම ඒක මම අත්දැකිමෙන් කියන්නේ. ජලය පානය කිරිමෙන් අපේ සම නිරේගී වෙනවා. ඒ වගේම විටමින් සී පළතුරු, එළවලු වගේ දේවල් ආහරයට ගත්තොත් අපේ සම තවත් ලස්සන කරගන්න පුළුවන්.
යාළුවෝ ඔබගේ ශරිරයේ වඩාත්ම ලස්සනයි කියල හඳුන්වන්නේ මොනවද?
ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ අය තමයි මගේ යාළුවෝ වෙන්නේ. ඒ අය ඉතින් නිතරම වගේ මම ලස්සනයි කියලා කියනවා. නමුත්, මේ අවයවය ඔයාගේ ලස්සනයි කියලා එහෙම විශේෂයෙන්ම කියන්නේ නැහැ. ඒත්, තරුණයෝ නම් කියනවා මගේ ඇස් දෙකයි තොල් පෙතියි ගොඩක් ලස්සනයි කියල. ඒ අය කියන නිසා මටත් හිතෙනවා මගේ ඇස් දෙකයි තොල් පෙතියි ගොඩක් ලස්සන ඇති කියලා.
ඇඳුම් මිළඳි ගන්න ඔබ යන්නේ තනියමද?
නැහැ. මම කවදාවත් තනියම ඇඳුම් ගන්න යන්නේ නැහැ. ගොඩක් වෙලාවට මගේ යාළුවෙක් එහෙමත් නැත්නම් යාළුවෝ කිහිප දෙනෙක් එක්ක තමයි මම ඇඳුම් ගන්න යන්නේ. මොකද, මම තනියම ඇඳුම් ගන්න යන්නේ නැත්තේ එකක් රංගන ශිල්පිනියක් නිසා අපහසුතාවයට පත් වෙන එක. අනිත් එක තමයි කාත් එක්ක හරි ගියාම මට ගැළපෙන හොඳම ඇඳුම තෝර ගන්න පුළුවන්. මම තනියම ගියා නම් ඒදේ කරන්න බැහැ.
අඳින්න ආස ඇඳුම් මොනවද ඔබ?
ගවුම් අඳින්නත් කැමතියි. ඒ වගේම ඩෙනිමයි ටි ෂර්ට් එකක් හරි බ්ලවුස් එකක් හරි අඳින්නත් කැමතියි. මොකද, ඒක මට ගොඩක් පහසු නිසා. ඇඳුමක් ගනිද්දි මම ඒකේ තත්ත්වය හරි මිල ගැන හරි ලොකුවට හිතන්නේ නැහැ. මට අවශ්‍ය කරන්නේ ඒ ඇඳුම මට ලස්සනද කියන එක විතරයි. ඒකට හේතුව තමයි රංගන ශිල්පිනියක් විදහට අපි ගන්න ඇඳුම් එක පාරකට හෝ දෙපාරකට වැඩිය අඳින්න බැහැ.
කොට ඇඳුම්ද, දිග ඇඳුම්ද ඔබ වඩාත් අඳින්න කැමති?
එහෙම කියන්න බැහැ. කොට ඇඳුම් වගේම දිග ඇඳුමුත් මා ගාව තියෙනවා. තැනට උචිත විදිහට මම ඒ දෙවර්ගයම අඳිනවා. අවමංගල උත්සවයකට හරි පූජනීය ස්ථානයකට හරි යන්න බැහැනේ කොටට ඇඳලා. ඒ වෙලාවට යන්න ඕනා චාම්ව දිගට ඇඳලා. මංගල උත්සවයකට, උපන්දින සාදයකට හරි වෙනත් ප්‍රිය සම්භාෂණ උත්සවයකට වගේ නම් කොට ඇඳුමක් අඳින්න පුළුවන්. ඒ නිසා මම කලින් කිව්වා වගේ තැනට ගැළපෙන විදිහට තමයි මම ඇදුම් තෝරගෙන අඳින්නේ.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්