මම කිසිම දෙයක් ඔහේ බාර ගන්නේ නැහැ
නිවේදිකාවක ලෙස කලා ගමන ආරම්භ කරමින් මේ වනවිට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේක්ෂක හදවත් තුළට ඉතා කෙටි කලකදී සමීප වූ රංගන ශිල්පිනියකි. ‘සුජාතා’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය මෙන්ම ජනප්‍රියත්වය හිමිකර ගත් ඇය පිළිබඳ බොහෝ දෙනෙක් කතාබහ කරති. මේ දිනවල ‘මල් හතයි’ ටෙලිනාට්‍ය වැඩකටයුතු සමග කාර්යබහුල වී ඇති ඇය මෙවර තරු කතාබහට මෙලෙස එක්විය.
මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි. ‘සඳ පිණි වැස්ස’ ටෙලිනාට්‍යයේ වැඩ කරගෙන යනවා. හිරු ටීවී නාළිකාවේ විකාශය වන ‘සුපර් හීරෝ’ වැඩසටහනත් කරගෙන යනවා. ඉතින් ඒ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ.
දැන් මියුසික් වීඩියෝවල පේන්න නැත්තෙ මියුසික් වීඩියෝවලින් ඈත් වෙලාද?
ඈත්වෙලා කියන්නේ මෙහෙමයි. මට මගේ කාර්යබහුලත්වය තුළ ඒකට ඉඩක් යොදවන්න බැහැ. මොකද මම මුල්තැන දෙන්නේ ටෙලිනාට්‍යවලට.
‘මල් හතයි’ ටෙලිනාට්‍ය ගැන කිව්වොත්?
‘මල් හතයි’ ටෙලිනාට්‍ය කියන්නෙ වෙනම ස්ක්‍රිප්ට් එකක්. ඒකෙ මට තියෙන්නෙ ජ්‍යෝතිර්වේදියෙකුගේ දුවෙකුගේ චරිතයක්. ඒ තුළ මගේ චරිතය වෙනස් මට්ටමක් ගේනවා. ඒ චරිතයේ නම ‘ආශාවරී’. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳයි.
දඟකාර චරිතවලට ඔබ කොටුවෙලාද?
මට ආරාධනා ලැබෙන්නෙ ඒ චරිතවලටනේ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ලංකාවේ නළුනිළියෝ ඉන්නේ සීමිත ප්‍රමාණයක්නේ. ඉතින් චරිතයකට තෝරා ගනිද්දි එයා ඊට කලින් රඟපාපු චරිතයම තමයි ඊළඟ වැඩේටත් කතා කරන්නේ. එයාට වෙනත් චරිතයක් කරන්න පුළුවන්ද කියලා බලන්නේ නැහැ. ඒක නිසා ඒ තෝරාගන්න කෙනාට වෙනස් චරිතයක් හෝ වෙනත් පසුබිමක් ලබාදෙන්න උත්සාහ කරන්නේ නැහැ කියලයි මට හිතෙන්නෙ. වෙනස් චරිතයකට පුරුදු පුහුණුවක් කරලා චරිතයක් අභියෝගාත්මකව බාරදෙන්නේ නැහැ.
ගුවන් සේවිකාවක වීමේ හීනෙට මොකද වුණේ?
ඇත්තටම මගේ ලොකුම හීනයක් වෙලා තිබුණු දෙයක් තමයි ඒ දේ. ඒ දේ සඳහා ආසාවෙන් හිටියා. ඒත් මම කලාවට ආවානේ. මම කලාවට දැන් ආදරෙයි. මට දැන් ඒක ගැන හිතෙන්නෙ නැහැ.
ක්ෂේත්රයට ආපු ගමන ගැන කතා කළොත්?
මම ක්ෂේත්රයට එන්නේ ‘දෙරණ’ රූපවාහිනියේ නිවේදිකාවක විදියට. ඊට පස්සේ මම ‘ඇසිඩ්’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඒක තමයි මගේ පළමුවැනි නාට්‍යය. ඊට පස්සේ මම දෙවැනි ටෙලිනාට්‍ය විදියට තමයි ‘සුජාතා’ ටෙලිනාට්‍යයට දායක වෙන්නේ. ‘සුජාතා’ හරහා තමයි මම මිනිස්සු අතරට ගිහින් ජනප්‍රියත්වයක් ලබන්නේ.
සිනමාව පැත්තට ආසාවක් නැද්ද?
සිනමාවට සම්බන්ධ වෙන්න ආසයි. ආරාධනාවක් ලැබුණොත් මම ඒක සතුටින් බාර ගන්නවා.
එතකොට නිවේදන කටයුතු කොහොමද?
නිවේදන කටයුතුවලින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම්, ඒ දෙයින් මටත් යමක් එකතු කරගන්න තියෙනවා නම් මම ඒ වැඩකටයුතු සඳහා අනිවාර්යයෙන්ම දායක වෙනවා. මම කිසිම දෙයක් ඔහේ බාර ගන්නේ නැහැ. මේ දවස්වල ‘හිරු සුපර් හීරෝ’ වැඩසටහන කරනවා. ඒකෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. මොකද ඒකේ කලා ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. ඒ අයගෙන් දේවල් මට ඉගෙන ගන්න ලැබෙනවා. විනිසුරු මඬුල්ල තුළ ඉන්න ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබෙන පිටිවහල මගේ හැම දෙයක් සඳහාම උපයෝගී වෙනවා කියලා කියන්න පුළුවන්.
ක්ෂේත්රයට නවකයන් එකතු වෙනවා. ඔබත් නවකයෙකු නිසා එයාලාත් එක්ක කොහොමද තියෙන තරඟය?
ඇත්තටම මමත් ක්ෂේත්රයට නවකයෙකු තමයි. විවිධාකාර දක්ෂතා තියෙන අය දවසින් දවස එනවා. ඒක ලොකු අභියෝගයක්. අපි ඒකට තරග කරන්න සූදානම් වෙන්න ඕන. එක ටෙලිනාට්‍යයක් කරලා ඊට පස්සේ දකින්න නැති වෙන්න හොඳ නැහැ. දැන් ගොඩක් අයට වෙලා තියෙන්නේ ඒකයි.
මගෙන් පස්සේ මේකට එන අලුත් අයට මම කියන්නේ ක්ෂේත්රයේ නම හදාගන්න කියලා. මේකට එද්දි මේ ක්ෂේත්රය ගැන අවබෝධයකින් එන්න කියලා. මේ ක්ෂේත්රයේ ඉන්න නම් ක්ෂේත්රය ගැන ඉගෙන ගන්න ඕන. මමත් ආසයි ඉගෙන ගන්න. මට තව කාලයක් මේකේ රැඳෙන්න ඕන. මොකද මම මේ කලාවට ආදරෙයි.
මේ ශෙහානිගේ ‘පීක් ටයිම්’ එකද?
මං හිතන්නේ ඔව්.
එතකොට ඒකෙ රඳා පැවැත්ම කොහොමද?
ඒකේ රඳාපැවැත්ම තියෙන්නේ මගේ අතේ. ඒක හැමදාම තියෙන්නෙත් නැහැනේ. තව අය එනවා. එයාලට අවස්ථාව ලැබෙනවා.
අවසාන වශයෙන් ඉදිරි වැඩ ගැන කතා කළොත්?
මගේ වැඩ ටික ඒ විදියටම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් තියෙනවා. මේ ලැබුවා වූ නව වසර හැමෝගෙම වැඩ සාර්ථක වන සුබම සුබ නව වසරක් වේවා කියලා මට ආදරය කරන, මට බණින හැමෝටම කියනවා.
Dilan Chryshantha / Pix - Chamath Vindula