මම කිසි විටෙකවත් වාසනාව කියනදේ විශ්වාස කරන්නේ නැහැ
හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘හඳයා’ ටෙලි නාට්‍යයේ ‘නදී’ ලෙස මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇය තාර්යා කෙනඩි සමගින් ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි මෙළෙස සූදානම් වුණේමු. ‘හඳයා’ ටෙලි නාට්‍යයට අමතරව ටීවි. වන් නාලිකාවේ විකාශය වන ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍යයේද දකින තාර්යා ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට හැකිය.
ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම තාර්යා කෙනඩි. මම පවුලේ එකම දරුවා. මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. මම දැනට රැකියාවක් කරනවා. ඒ අතරතුර තමයි ක්ෂේත්රයට ආවේ. ක්ෂේත්රයට ඇවිල්ලත් දැනට අවුරුද්දක් විතර වෙනවා. මේ හැමදේම කරන ගමන් මගේ අධ්‍යාපන කටයුතුවලත් නිරත වෙනවා.
මේ දවස්වල වැඩකටයුතු ගැන කිව්වොත්?
මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ‘හඳයා’ ටෙලි නාට්‍යයේ ‘නදී’ කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. එතකොට ‘බටහිර අහස’ ටෙලි නාට්‍යයේ ‘ක්‍රිස්ටීන්’ගේ චරිතය රඟපෑවා. දැන් ඒ ටෙලි නාට්‍ය විකාශය වී අවසන්. එතකොට ටී.වී. වන් නාලිකාවේ විකාශය වන ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍යයේ ‘කැතී’ කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. දැනට විකාශය වන ටෙලි නාට්‍යක් වන ‘අවසන් ඉනිම’ නාට්‍යයේ ‘අපර්ණා’ කියන චරිතයට පණ පොවන්නෙත් මමයි. ඒ නාට්‍යය පාසල් ළමයිගේ ජීවිත හා සම්බන්ධ කතාවක්. ඒ නාට්‍ය තමයි ‘දසුන් නිෂාන්’ අවසානයට රංගනයෙන් දායක වුණු නාට්‍යය. එතකොට ‘අවසන් වටය’ කියලා සිනමා නිර්මාණයටත් රංගනයෙන් දායක වෙන්න ලැබුණා. ඒ චිත්‍රපටය බොක්සින් ක්‍රීඩාව හා සම්බන්ධ චිත්‍රපටයක්. ඒකේ මම බොක්සින් ක්‍රීඩිකාවක්. ඒ චිත්‍රපටයත් දසුන් නිෂාන්ගේ අවසන් චිත්‍රපටය. රූපවාහිනියේ විකාශය වූ ‘සඳ දිය සිත්තම්’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට මම දායක වුණා. ඒ නාට්‍යයත් දැන් විකාශය වී අවසන්. එතකොට දමයන්ති ෆෝන්සේකාගේ ‘රංකිරි අම්මා’ නාට්‍යයේ මාලනී ෆොන්සේකා සමග ප්‍රධාන චරිතයක් කරනවා. ඒ නාට්‍ය ඉදිරියේදී විකාශනය වනවා. ඊටකලින් මම දමයන්ති අක්කාගේ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වුණා. එතකොට සේනක විජේසිංහගේ ‘සත්‍යා’ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඒ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙනවා.
කලාවට පිවිසෙන්නේ කොහොමද?
මම දමයන්ති ෆෝන්සේකා ගුරුතුමියගේ නාට්‍ය පාසලට ගියා. ඊටපස්සේ එයා වේදිකා නාට්‍යක් නිර්මාණය කරා. වාසනාවට මට ඒ නාට්‍යයේ රඟපාන්න ලැබුණා. ඒක තමයි මගේ රංගන ජීවිතයේ මූලික අඩිතාලම. ඊටපසුව තමයි මට බටහිර අහසේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඊටපස්සේ ක්‍රම ක්‍රමයෙන් මට නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.
ඔබ වේදිකාවෙන් ක්ෂේත්රයට පැමිණි නිළියක්, දැන් වේදිකා නිර්මාණවලින් ඈත්වෙලාද ඉන්නේ?
වේදිකාව අත්හැරලා නැහැ. නමුත් මට මම ආස කරන චරිතයකට වේදිකාවෙන් ආරාධනා ලැබුණේ නැහැ.
ඔබට ආරාධනා ලැබෙන්නේ බටහිර චරිතයන්ට පමණද?
නැහැ. එහෙම නැහැ. ඒක තීරණය කරන්නේ නාට්‍යයේ අධ්යක්ෂවරයා. මගේ පෞද්ගලික කැමැත්තක් තියෙනවා විවිධ විවිධ චරිත නිරූපණය කරන්න. මට තියෙන්නේ බටහිර පෙනුමක් නිසා මම කැමති නැහැ මමම රූපවාහිණියෙන් දකින්න. මට හඳයා නාට්‍යයේ නදී කියන චරිතය හොඳ අවස්ථාවක්. නදී කියන්නේ ගැමි චරිතයක්. ඒ චරිතය විවිධ මතගැටුම් හරහා විකාශය වන වෙනස් චරිතයක්. ඒ නිසා මම නදීගේ චරිතයට කැමතියි.
විකාශය වන නාට්‍ය අතුරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද?
වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ ‘හඳයා’ නාට්‍යයේ නදීගේ චරිතයට. හඳයා නාට්‍ය ලොකු පොඩි දෙගොල්ලම නරඹන නාට්‍යයක්නේ. පොඩි හාමුදුරුවරුන්ගෙන් පවා මට ලොකු ප්‍රතිචාර ලැබෙනවා හඳයා නාට්‍ය නිසා. ඒ නාටයේ පොඩි ළමයින්ගේ චරිත විවිධ හැල - හැප්පීම් මැද විකාශය වන නාට්‍යක් නිසා ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ.
‘හඳයා’ කියන මෙගා නාට්‍ය නිසා වෙනත් නාට්‍යක් සඳහා කාලය වෙන් කිරීමට හැකියාවක් තියෙනවාද?
මෙහෙමයි. ඒක මෙගා රැල්ලටම යන නාට්‍යයක් නෙවෙයි. මෙගා රැල්ලෙන් වෙනස් වූ නාට්‍ය කිහිපයක තමයි මම ඉන්නේ. මම රඟපාපු හැම නාට්‍යයකින්ම මට තවත් නාට්‍යක් වෙනුවෙන් කැප කරන්න කාලය ඉතිරිවුණා. මොකද ඒ නාට්‍ය මෙගා වුණාට මෙගා රැල්ලෙන් වෙනස් වුණු නාට්‍යය.
කලාවට පිවිසෙද්දි දෙමව්පියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
අම්මගෙනුයි තාත්තාගෙනුයි ලොකු සහයක් ලැබෙනවා. මම දෙයක් කරන්න පසුබට වුණොත් අම්මයි තාත්තයි තමයි මාව දිරිගන්වන්නේ. ඉස්සරහටම යන්න කියන්නේ. තාත්තා සිනමාලෝලියෙක්. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි මම මේ ක්ෂේත්රයට පැමිණෙන්නේ. තාත්ති තමයි මුලින්ම කිව්වේ මට ගැලපෙනම ක්ෂේත්රය මේක කියලා.
කලා ක්ෂේත්රය ඔබට ගැලපෙනවා කියලා හිතෙනවාද?
මට පොඩි කලේ ඉඳලා කලාව පැත්තේ දක්ෂතාවය තිබුණා. දක්ෂතාවය තිබිලා විතරක් මේ ක්ෂේත්රයට ආවාම රැල්ලට යන නිළියක් වෙනවා. ඒක නිසා තමයි මම දමයන්ති ෆොන්සේකා මහත්මියගේ නාට්‍ය පාසලෙන් අධ්‍යාපනය හැදෑරුවේ. මම ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුද්දක් විතර වුණාට මම රංගනය හදාරන්නේ 2013 ඉඳලා. විවිධ අත්දැකීම් ලබන්න පුළුවන් එකම ක්ෂේත්රය තමයි රංගන ක්ෂේත්රය කියන්නේ. ඒක නිසාම තමයි මම මේ ක්ෂේත්රයට ආවේ.
ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න ඔබ විශ්වාස කරන්නේ දක්ෂතාවයද වාසනාවද?
මම විශ්වාස කරන්නේ දක්ෂතාවය. මම කිසි විටෙකවත් වාසනාව කියනදේ විශ්වාස කරන්නේ නැහැ. දක්ෂතාවය, කැපවීම කියන දේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ඕනම ක්ෂේත්රයක ඉදිරියට යන්න. මම විශ්වාස කරන විදිහට ඉදිරියට යන කෙනෙක්ට තියෙන්න ඕනේ ගුණාංග තුනයි. දක්ෂතාවය, කැපවීම, හැමෝම එක්ක සුහදව සිටීම. මේ තුන තියෙනවා නම් ඕනම කෙනෙක්ට ඉදිරියට යන්න පුළුවන්.
සිනමාව පැත්ත ගැනත් කතා කරමු?
මට මේ වෙද්දි සේනක විජේසිංහ මහත්මාගේ සත්‍යා කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඒ වගේ තවත් නිර්මාණ දෙකකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. වෙනස් වෙනස් චරිත තුළින් ඉදිරියේදී සිනමාව තුළිනුත් මාව දකින්න ලැබෙයි. මම වැඩියෙන්ම කැමති පුංචි තිරයට. මොකද ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිරන්තරයෙන්ම ලැබෙනවා පුංචි තිරයේදී.
අවසන් වශයෙන් කිව්වොත් මේ ගමනට අතහිත දුන් පිරිස ගැන?
මුලින්ම මතක් කරන්න ඕනේ දමයන්ති ෆෝන්සේකා මහත්මියව. එතකොට ටෙලි නාට්‍ය තුළින් මට මුලින්ම අතහිත දුන්නේ චාමර ජනරාජ් පීරිස් සහ ප්‍රභාත් රෝෂන් මහත්මා. ඇත්තටම ඒ තුන්දෙනා නැත්නම් අද තාර්යා කියලා කෙනෙක් මේ ක්ෂේත්රයේ නැහැ.
Dilan Chryshantha / Pix - Sajeewa Lakshan