මම කැමතියි වෙනස් දෙයක් කරන්න!
මොඩ්ල් කෙනෙක් විදියට ඉදිරියට කරන්න ඕන වැඩ ගැනත් මම එහෙම කමර්ෂල් හරි වෙන මොනවා හරි කියලා එක දෙයක් කරන්න ඕන කියලා හිතාගෙන නෑ. හැබැයි මම ආසයි එකම දේවල් කරන්නේ නැතුව වෙනස් දෙයක්, අලුත් දෙයක් කරන්න. එහෙම දෙයක් වුනත් හැමදාම කරන්න ආසාවකුත් නෑ. මම කැමතියි වෙනස් දෙයක්, මට ගැලපෙන හොඳම දෙයක් තෝරගෙන එයින් වෙනසක් කරන්න. දැනට මම හිතාගෙන ඉන්නේ එහෙමයි ඉතින්.
ටැලන්ට් එක තමයි වැදගත් වෙන්නේ! සාමාන්‍යයෙන් මොඩ්ලින්ග් ෆීල්ඩ් එකේදී අපිට අහන්න ලැබෙන දෙයක් තමයි හොඳ උසක් තියෙන්න ඕන කියන එක. මේක හැමදාමත් ඒ විදියටම වෙන්න ඕනද, ගොඩක් උස නැති ගෑණු ළමයෙක්ට හොඳ මොඩ්ල් කෙනෙක් වෙන්න පුලුවන්ද? මේ ප්‍රශ්නෙට මම දෙන උත්තරේ පුළුවන් කියන එක තමයි. උස හෝ රූපය විතරක් තිබුණා කියලා මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැනේ. ඒකට විශේෂ ටැලන්ට් එකක් ඕන. ඉතින් ඒ ටැලන්ට් එක තියෙනවා නම් මම හිතන්නේ උස නැතිවීම වගේ දේවල් වුනත් මගහරවා ගන්න පුලුවන්. ටැලන්ට් එක තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුලුවන්.
ෆැෂන් ගැන අනිවාර්යයෙන්ම අදහසක් තියෙන්න ඕන!
මම හිතනවා මොඩ්ල් කෙනෙක් වුනහම අනිවාර්යයෙන්ම ෆැෂන් ගැන හොඳ සෙන්ස් එකක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ දවසින් දවස එන ට්‍රෙන්ඩින්ග් ෆැෂන් ගැන දැනුවත් වෙලා ඉන්න එක විතරක් නෙවෙයි. ලෝකේ තියෙන වෙනස් ෆැෂන් ගැන දන්න, ඒ ෆැෂන් එකතු කරලා තමන්ගේම වෙනස් දෙයක් කරන්න පුලුවන්කම තියෙන කෙනෙක් වෙන්න ඕන. මම කියන්නේ මොඩ්ල් කෙනෙක්ට ෆැෂන් ඩිසයිනින්ග් පුලුවන් වෙන්න ඕන කියලා නෙවෙයි. ෆැෂන් ගැන අයිඩියා එකක්, සෙන්ස් එකක් තියෙන්න ඕන කියන එක.
ආදරය කියන්නේ බොරුවක්!
ආදරය ගැන මම මේ වෙලාවේ හිතන්නේ ආදරය බොරුවක් කියලා. ඒකට හේතුව සමහර විට මගේ වයස වෙන්න පුලුවන්. ඒ කියන්නේ මම තාම ලොකු වයසක කෙනෙක් නෙවෙයි. ඉතින් මේ වයසේදී ආදරය ගැන හිතන එකම තේරුමක් නෑ කියලයි මම හිතන්නේ. මම ආදරය පස්සේ යන කෙනෙක් නෙවෙයි. අඩු ගාණේ මේ වයසෙදි. ඒ කියන්නේ පිරිමි ළමයෙක්ගෙන් ලැබෙන ආදරය මේ වෙලාවේදී ඒ තරම් වැදගත් කියලා, ඒ ගැන ලොකුවට හිතන්න ඕන කියලා මට හිතෙන්නේ නැහැ. ඒ නිසයි මම කියන්නේ මේ වයසෙදී ආදරය කියන්නේ බොරුවක් කියලා. ඒක පස්සේ කාලෙක වෙනස් වෙන්නත් පුලුවන්.
ආදරේ කියන්නේ අවසානය දක්වාම පවතින්න ඕන දෙයක්!
රිලේෂන්ෂිප් එකකට යන්න විශේෂ වයසක් තියෙනවා කියලා මට කියන්න බෑ. ඇත්තටම මේ මම කියන දේ පොදුවේ හැමෝටම අදාළ වෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඒ කියන්නේ මගේ දෙයක් තියෙනවා, මම කෙනෙක් එක්ක රිලේෂන්ශිප් එකකට යන්න නම් ඒක අවසානය දක්වා තියෙන දෙයක් වෙන්න ඕන. මට ලව් කරනවා නම් ඒක බොරුවට කරන්නේ නැතුව අවසානයක් දක්වා යන්න පුලුවන් තේරුමක් තියෙන දෙයක් වෙන්න ඕන. ඒ කියන්නේ ජීවිතේ පවතිනකල්ම. එතකොට මම කැමතියි මම තැනකට ඇවිල්ලා, මට දෙයක් තියෙන කොට, මම සම්පූර්ණ වුනහම ආදරය කරන්න. එතකොට ඒක කල් පවතිනවා කියලයි මම හිතන්නේ. ඕනම කෙනෙක් ආදරය කරන්න පටන් ගන්න ඕන එහෙම තමන්ව ගොඩනඟා ගත්තට පස්සේ කියන එකයි මගේ අදහස.
සමහර පිරිමි යාළුවෝ එක්ක ඉන්න අමාරුයි!
සාමාන්‍යයෙන් ගොඩක් ගෑණු ළමයි කියන්නේ ගෑණු යාළුවන්ට වඩා පිරිමි යාළුවෝ එක්ක ඉන්න එක ලේසියි කියලනේ. හැබැයි මට නම් ඒකේ අනික් පැත්ත. ඒ කියන්නේ පිරිමි යාළුවෝ නරකයි කියන එක නෙවෙයි. ගොඩක් හොඳ පිරිමි යාළුවෝ ඉන්නවා. ඒත් සමහර පිරිමි යාළුවෝ ඉන්නවා, ටික කාලයක් ගියාට පස්සේ ඒ අය වෙනස් වෙනවා. ඒ කියන්නේ එය අය ඊට වඩා දෙයක්, යාලුකමට එහා ගියපු දෙයක් බලාපොරොත්තු වෙන්න පටන් ගන්නවා. එතකොටත් මම උත්සාහ කරනවා වෙනස් වෙන්නේ නැතුව, පරණ විදියටම යාළුමිත්‍රකම තියාගෙන ඉන්න. ඒත් ඒ අය මුරණ්ඩු තැනක ඉන්නවා ඊට වඩා දෙයක් ඕන කියලා. අන්න එතකොට තමයි ප්‍රශ්න පටන් ගන්නේ. හැබැයි ඒක මට එක වෙලාවකට ප්‍රශ්නයක් වෙනවා මෙහෙම. වෙන ගෑණු ළමයින්ට පිරිමි යාළුවෝ ඕන තරම් ඉන්නවනේ. එතකොට ඒ අයට එහෙම ප්‍රශ්න ඒ අයගෙන් ඇති වෙනවා කියලා පේන්නෙත් නෑ. ඉතින් මම කල්පනා කරනවා ඇයි මට එහෙම පිරිමි යාළුවෝ තියාගන්න බැරි වෙන්නේ කියලා.
Text: Pathum Punchihewa / Photography: Lahiru Lewke Bandara / Graphics: Anushi Dantanarayana