මම කැමතියි කුමාර් සංගක්කාරට
සිනමාවේ මෙන්ම පුංචි තිරේද නිතර දකින්නට ලැබෙන සෙනාලි ෆොන්සේකා වර්තමානයේ බොහෝ දෙනෙකු ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියක්ද වෙයි. මෙවර "මම කැමතිම ක්රිකට් ක්රීඩකයා" විශේෂාංගයට අපි ඇයව සම්බන්ධ කරගත්තේමු. මේ සෙනාලි අපි යොමු කළ ප්රශ්නවලට දැක්වූ ප්රතිචාරයන්.
ක්රිකට්වලට තියෙන ඔබේ කැමැත්ත කොහොමද?
ක්රිකට් තරගයක් පැවැත්වෙන දිනයක හරියටම වෙලාවට රූපවාහිනිය ඉදිරියේ වාඩිවෙලා බලන ආසාවක් නම් මට නැහැ. නමුත්, මම ඉඳලා හිටලා ක්රිකට් තරග නරඹනවා. අපේ තාත්තා ලොකු ක්රිකට් ලෝලියෙක්. එංගලන්තේ ඉඳිද්දි තාත්තා ක්රිකට් තරග නරඹන්න පුරුදු වෙලා හිටියා. ඉතින් තාත්තා නරඹන වෙලාවක පුරුද්දක් වශයෙන් නැති වුණත් මම ලංකාවේ ක්රීඩකයෝ ක්රීඩා කරන තරග නරඹනවා.
මෑතකදී නරඹපු ක්රිකට් තරගයක් මතකද?
මම අන්තිමට ක්රිකට් තරගයක් නැරඹුවේ මගේ මතකය හැටියට මීට වසර 5කට විතර කළින්. ඒ ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර, කොළඹ ඛෙත්තාරාමේ තිබුණ ටෙස්ට් තරගයක්. මගේ යාළුවෝ කට්ටියක් එක්ක මම ගියා ඒ ටෙස්ට් තරගය නරඹන්න. මම හිතන්නේ ඒ තරගයට කුමාර් සංගක්කාර, විරාත් කෝලි කියන ක්රීඩකයොත් ක්රීඩා කළා.
කවුද ඔබේ සිත්ගත් ක්රීඩකයා?
මම කැමතියි කුමාර් සංගක්කාරට. ඔහුට කැමති වෙන්න හේතුව තමයි සංගක්කාරගේ තියෙන පෞරුශත්වය. ක්රිකට් ක්රීඩාවේ යෙදන කාලේ විතරක් නෙවෙයි දැන් වුණත් ඔහුගේ ඒ පෞරුශත්වය මම දකිනවා. ඒ වගේම ඔහු තරුණයන්ට දෙන උපදෙස් වුණත් බලන්න. එහි යම් ආකාර්ශණිය බවක් තියෙනවා.
විදෙස් ක්රීඩකයෙකුට එහෙම කැමැත්තක් නැද්ද?
නැහැ. මම අර කළින් කිව්වා වගේ ක්රිකට්වලට මගේ තියෙන කැමැත්ත අඩුයි. මම ලංකාවේ හිටියත්, එංගලන්තේ හිටියත් ක්රිකට් තරගවලට දක්වන ප්රතිචාර බොහෝම අඩුයි. එංගලන්තේ ක්රීඩාව උපන් රට. ඒ රටේ අය ගොඩක් ආදරේයි ලංකාවේ ක්රිකට් ක්රීඩකයන්ට. ඒ අය නිතරම ක්රිකට් තරග නරඹන්න මට කතා කරනවා. ලංකාව ලෝකයම අඳුන ගත්තේ ක්රිකට්වලින්. එංගලන්තයේ මගේ යාළුවෝ පවා පුදුම වෙනවා මම ක්රිකට්වලට තියෙන කැමැත්ත අඩුයි කියලා දැනගත්තම.
හේතුවක් තියෙනවද ක්රිකට් වලට තියෙන කැමැත්ත අඩු වෙන්න?
අනේ මන්දා. අපේ අම්මා නම් කියන්නේ වෙනස්ම කතාවක්. අම්මා, මගේ තාත්තාටත් වඩා ක්රිකට්වලට ගොඩක් ආස කෙනෙක්. මාව ලැබෙන්න ඉඳිද්දි අම්මා ලෝක කුසලාන තරගාවලියක ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කරපු ක්රිකට් තරගයක් නරඹලා. ඒ තරගයේදී ලංකාව දිනන්න ඔන්න මෙන්න තියෙද්දි කුමන හෝ හේතුවත් මත තරගය අත්හැරලා දාලා. නමුත්, දිනුම දීලා තියෙන්නේ ප්රතිවාදි කණ්ඩායමට. අම්මාට ඒ දවසින් පස්සේ ක්රිකට් තරග නරඹන එක එපා වෙලා. අම්මා කියන්නේ ඒ එපාවීම මටත් පුරුදු වෙලා කියලා.
ක්රිකට් ක්රීඩකයෙකු ආදර යෝජනවාක් සෙනාලිට කළොත් භාර ගන්නවද?
ක්රිකට් ක්රීඩකයෙක් විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්රයක වැඩ කරන කෙනෙක් ආදර යෝජනාවක් කළොත් මම භාර ගන්නවා. ක්රිකට් ක්රීඩකයෙකු කියලා එහෙම විශේෂයක් නැහැ. නමුත්, මම කැමතියි ආදර යෝජනාවක් කරන්න කළින් ඒ කෙනා මෙන වගේද ගති පැවතුම්, සිතුම් පැතුම් වගේ දේවල් ගැන දැනගන්න. ආදරය කරාට පස්සේ අපි විවාහ වෙනවා. විවාහ වෙන්න නම් හරිම කෙනා තෝරගන්න ඕනා කියන මතයේ මම ඉන්නවා.