මම කැමති දක්ෂතම නිළිය වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-22-ent-77
 

සිරස ෆිල්ම් ස්ටාර් හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි තාරකාවක් තමයි ආලෝකා ධනංජනී කියන්නේ. පාසල් අවධියේ සිටම රංගනයට එක්වෙන්න කැමැත්තක් දක්වපු ආලෝකා රංගන ක්ෂේත්‍රයෙන් වගේම නිවේදනයෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආලෝකා සාරවිටට එකතු වුණේ මේ විදිහට.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2018-10-22-ent-79

මගේ නම ආලෝකා ධනංජනී. මගේ ගම මාවනැල්ලේ. මගේ වයස අවුරුදු 20යි. මම පාසල් ගියේ මාවනැල්ල බැද්දේවෙල මහා විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. පුංචි කාලේ ඉඳලාම තිබුණු ආසාවක් තමයි රංගන ශිල්පිනියක් වීම. ඒ ආසාව තමයි සිරස ෆිල්ම් ස්ටාර් හරහා ඉටු වුණේ. මම රංගනයට විතරක් නෙවෙයි ගායනයට, නර්තනයට සහ කථිකවලට දක්ෂයි. මම ජූඩෝ ක්‍රීඩාවත් හදාරා තිබෙනවා.

 

සිරස ෆිල්ම් ස්ටාර් තුළ අත්දැකීම් කොහොමද?

මම ක්ෂේත්‍රයට එන්නේ සිරස ෆිල්ම් ස්ටාර් වැඩසටහන හරහා. පාසල් කාලේ ඉඳලාම ආසාව තිබුණට මම රංගනය ගැන හදාරා තිබුණේ නැහැ. සිරස ෆිල්ම් ස්ටාර් හරහා තමයි හැමදේම ඉගෙන ගත්තේ. කැමරා ඈන්ගල් ගැන, ඇක්ටින් ගැන, ඩාන්සින් ගැන මේ හැමදේම ගැන ඉගෙනගත්තේ ෆිල්ම් ස්ටාර් හරහා. ඒ අත්දැකීම් මට ලොකු ශක්තියක් වෙනවා මගේ ඉදිරි ගමනට. ෆිල්ම් ස්ටාර් තරගයේ Best Villain (Female) සඳහා නිර්දේශ වුණා. බොහෝ අවස්ථාවලදී විනිශ්චය මණ්ඩලය මට නරක කමෙන්ට් ලබා දුන්නා. නමුත් ඒවායෙන් මම මගේ වැරදි හදාගත්තා. ඒ නිසා අවසානය වෙද්දි මට සතුටු විය හැකි කමෙන්ට් ලැබුණා.

 

ආලෝකා මේ දවස්වල මොකද කරන්නේ?

ෆොටෝ ෂූට් තමයි ගොඩක්ම කරන්නේ. ඊට අමතරව කමර්ෂල් කිහිපයකටත් දායක වුණා. එතකොට ටෙලි නාට්‍ය තුනකට විතර ආරාධනා ලැබුණා. නමුත් ඒවායේ රූගත කිරීම් තවම පටන් ගත්තේ නැහැ.

 

ෆිල්ම් ස්ටාර්වලට එන්න හිතුවේ ඇයි?

මුලින් කිව්වා වගේ පුංචි කාලේ ඉඳලාම රංගන ශිල්පිනියක් වෙන්න දැකපු හීනේ නිසා තමයි ෆිල්ම් ස්ටාර්වලට එන්නේ. ජනප්‍රියත්වය පස්සේ හඹා යන්න නෙවෙයි මට ඕනේ. මම කැමති දක්ෂතම නිළිය වෙන්න. අපි දක්ෂ වුණාම ජනප්‍රියත්වය අපිට ඉබේම ලැබෙනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍රය විනාශ වෙලා කියලා බොහෝ දෙනා චෝදනා කරනවා. නවකයෙක් විදිහට ඔබට දැනෙන්නේ මොකද්ද?

ඇත්තටම දැන් මේ ක්ෂේත්‍ර විනාශ වෙමින් පවතිනවා. ෆීල්ඩ් එකට එන ගොඩාක් දෙනා හැදෑරීමකින් තොරව තමයි ෆීල්ඩ් එකට එන්නේ. මම හිතන්නේ ඒක නිසා තමයි මේ ක්ෂේත්‍ර විනාශ වෙන්නේ කියලා.

 

ගෙදරින් මොනවගේ සහායක්ද ඔබට ලැබෙන්නේ?

ෆිල්ම් ස්ටාර් එකේදී ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒත් නිදි මරනවා, මහන්සි වෙනවා වැඩියි කියලා ගෙදරින් පොඩ්ඩක් විතර අකමැත්තක් තිබුණා. ඒත් දැන් එයාලාගෙන් හොඳ සහායක් ලැබෙනවා මගේ වැඩවලට. දැන් කමර්ෂල් කිහිපයක් කළා, රංගනයට ආරාධනා ලැබී තියෙනවා. ඒ නිසා පවුලේ අය කැමතියි.

 

ආලෝකාගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම රංගනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව නිවේදනයටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

අවසාන වශයෙන් ඔබට උදවු කළ පිරිස ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ තාත්තාව. තාත්තයි අම්මයි තමයි ගොඩක්ම උදව් කළේ. එතකොට මගේ අක්කා සහ මගේ යාළුවෝ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ෆිල්ම් ස්ටාර් එකේ විනිශ්චය මණ්ඩලය. එතකොට ෆිල්ම් ස්ටාර් කණ්ඩායම මතක් කරන්න ඕනේ.

 

කැළුම් දේවින්ද

 

 2018-10-22-ent-78