මම කාලෙකින් මගේ පවුල අයවත් දැකලා නැහැ
මෑත කාලයේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය අතරින් ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ ශීවගුරුනාදන්ගේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට විශේෂ තැනක් හිමි වෙයි. එහි ‘අභිෂේකා’ චරිතය නිරූපණය කළ දිනෙති වල්ගම සමගින් මෙවර ‘සාරවිට’ තරු කතා බහ දිග හරින්නට අපි සූදානම් වුණෙමු. මේ වනවිට රියලටි වැඩසටහන් නිවේදිකාවක ලෙස ද කටයුතු කරන දිනෙති ඉදිරියේදී ලාංකීය සිනාමවට ද එක්වීමේ සූදානමකින් පසු වෙයි.
ඔව්. ඒත්, මේ දවස්වල අලුත් ටෙලියක වැඩ කරගෙන යනවා. සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලියක්. එහි තිර පිටපත ලිව්වේ සද්ධා මංගලසූරිය බණ්ඩාර.
‘හාර කෝටිය’ ටෙලියේ ‘අභිෂේකා’ වගේ චරිතයක් ද අලුත් ටෙලියෙත් ඔබට ලැබිලා තියෙන්නේ?
අපෝ නැහැ. ඊට හාත්පසින්ම වෙනස් එකක්. ‘අභිෂේකා’ කියන්නේ අහිංසක කෙළිලොල් පෙම්වතියක්. නමුත්, අලුත් ටෙලියේ මම කරන්නේ චණ්ඩි කෙල්ලෙකුගේ චරිතයක්. කොටින්ම කිව්වොත් ‘අභිෂේකා’ චරිතයට වඩා වෙනස්ම චරිතයක්.
සිනමාවටත් පිවිසෙන්න සූදානමක් තියෙනවා කියලා ආරංචියි ?
ඔව්, ජනප්‍රිය රංගන ශිල්පී අකිල සඳකැළුම් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක. එහි මා අකිල ධනුද්ධර සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. මේක අකිල අයියාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වගේම මගෙත් පළමු සිනමා රංගනය.
රංගන ශිල්පිනියක් පමණක් නොවෙයි. ඔබ නිවේදිකාවක් විදිහටත් අපි මේ දවස්වල දකිනවා?
ඔව්, සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘ෆිල්ම් ස්ටාර්’ රියලටි තරගය. පාසල් යන කාලේ නම් නිවේදන කටයුතුවලට දායක වෙලා තියෙනවා. නමුත්, රූපවාහිනි නාළිකාවක නිවේදිකාවක විදිහට කටයුතු කරන පළමු වතාව මේකයි.
රඟපානවට වඩා නිවේදන කටයුතු අමාරුද?
ටිකක් විතර. මොකද, ‘ෆිල්ම් ස්ටාර්’ කියන්නේ රියලටි තරගයක්. හැම වෙලාවෙම අපි ඉදිරිපත් කිරීම තුළ සජීවී බව තියෙන්න ඕනා. සිරස නාළිකාව ඉතින් හැම වෙලාවෙම අලුත් දේවල් කරන නාළිකාවක්. නිසා මේ වැඩෙත් වෙනස්ම විදිහට තමයි සිද්ධ වෙන්නේ. සිරසෙන් ඒ අයට අවශ්‍ය විදිහ මට කියනවා. ඒ අතරතුර අපිට අවශ්‍ය කරන විදිහට මේක වෙනස් කරලා ඉදිරිපත් කරන්න ඕනා. මට මේ වැඩේ කරන්න මනුරංග අයියා ලොකු සහායක් දෙනවා.
ගුවන් සේවිකාවක විදිහට වැඩ කරන අතරේ මේ වැඩවලට වෙලාවක් හොයාගන්නේ කොහොමද?
ඒක තමා අමාරුම වැඩේ. නමුත්, හැමෝම මට උදවු කරනවා. ‘හාර කෝටිය’ කරපු හැමදෙනාම ලොකු සහයෝගයක් දුන්නා. ඔවුන් මට නිවාඩු ලැබෙන දිනවල පමණක් මගේ වැඩවලට යොදා ගත්තා. ඇත්තටම කියනවා නම් මම කාලෙකින් මගේ පවුල අයවත් දැකලා නැහැ. ඒ තරමට කාර්ය බහුලයි. මම ජීවත් වෙන්නේ මගේ ලොකු අම්මාත් එක්ක. එකම ගෙදරක හිටියත් අපි මුණගැහෙන්නේ එහෙමත් වෙලාවක. මොකද. රැකියාව කරලා ගෙදර එනකොට ඊට පැය කිහිපයකට පස්සේ රූගත කිරීම්වලට යනවා.
ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරද්දි රසික ප්‍රතිචාර එහෙම ලැබෙනවා අඩු ඇති?
නැහැ. ගුවන් ගමන්වලදී ලංකාවේ බොහෝ දෙනෙක් මට මුණ ගැහෙනවා. ඒ වගේම ගුවන් ගමන්වලදී අපිට විදෙස් රටවල ඇවිදින්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒ විදෙස් රටවල ඉන්න ලංකාවේ කට්ටිය මුණ ගැහෙනවා. ‘හාර කෝටිය’ නරඹන බොහෝ දෙනෙක් මාව දැක්කහම කතා කරනවා. පොඩි දරුවෝ තමයි ගොඩක් වෙලාවට මාව අඳුනගෙන කතා කරන්නේ. රසික ප්‍රතිචාර නම් කොහේ හිටියත් අඩු නැතිව මට ලැබෙනවා.
සැබෑ ජීවිතෙත් දිනෙති හරියට ‘අභිෂේකා’ වගේ කියලා කියනවා?
අපෝ නැහැ. මම හරියට නෙල්ලි ගෙඩියක් වගේ. හැම රසයක්ම මා තුළ තියෙනවා. වෙලාවකට මම අහිසංකයි වගේම තවත් වෙලාවකට මම ගොඩක් නපුරු කෙනෙක්.
ඡායාරූප - මිහිර බණ්ඩාර / බුද්ධික සේනාධීර