මම ක්‍රීඩාවට ගොඩක් කැමතියි
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ‘කොන් කළ දෝණී’, ‘මේඝා’, ‘පැහැසරා’, ‘දඩයම් බඹරු’ වැනි බොහෝ ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍යය සඳහා ඇය රංගනයෙන් දායක වී තිබේ. මේ දිනවලද ඇය රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යය කිහිපයක්ද විකාශය වන හෙයින්, මෙවර අපේ තරු කතාබහට ඇයව එක් කර ගනු ලැබීය.
මේ දවස් වල ‘රන්බැදි මිනිස්සු’ විකාශය වෙනවා. තව ITN එකේ ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයක් පටන් ගන්න තියෙනවා.
වැඩිපුරම කැමති ඒකාංගික ටෙලි නාට්‍යය වලටද? නැත්නම් මෙගා වලටද?
මම වැඩිපුරම කැමති ඒකාංගික ටෙලි නාට්‍යය වලටයි. මොකද කොටස් තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. ලස්සන කතාවක් කෙටි කාලයකින් ඉවරවෙනවා. දිගට ඇදි ඇදි ගොඩාක් යනවාට වඩා මම පෞද්ගලිකව කැමති ඒකාංගික ටෙලි නාට්‍යය වලටයි.
නමුත් ඔබ වැඩි වශයෙන් දායක වෙලා තියෙන්නේ මෙගා වලට නේද?
ඔව්. මම වැඩිවශයෙන් දායක වෙලා තියෙන්නේ මෙගා ටෙලි නාට්‍යය වලටයි. ඒකාංගික ටෙලි නාට්‍යයත් කරලා තියෙන්නේ. වැඩිවශයෙන් මෙගා තමයි.
මෙගා වලට දායක වෙලා තියෙන නිසාද මෙගා වලින් ඈත් වෙන්න හිතන්නේ? කම්මැලි කමක් තියෙනවාද?
සමහර වෙලාවට මට ගොඩක් අය කියලා තියෙනවා ටෙලි නාට්‍යයක් ඇදී ගෙන යද්දී ඒක එපා වෙනවා කියලා. දැකලා එපා වෙනවා කියලා කියනවා. මෙගා හොඳ නැහැ කියනවාවත්, ඒක වැඩක් නැහැ කියනවාවත් නෙමෙයි. වැඩි කැමැත්ත තියෙන්නේ මගේ ඒකාංගික ටෙලි නාට්‍යය වලටයි. ඒ නිසා මට ඒක ගැලපෙන්නේ නැතිව ඇති.
කලා ක්ෂේත්රයට නවකයන් බොහෝ දෙනෙක් දිනපතා එක් වෙනවා, මේ නිසා ක්ෂේත්රය තව තවත් විශාල වෙනවා, ඉතිං මේ හැමෝටම මේ තුළ යැපෙන්න ඉඩ තියෙනවාද?
යැපීම පිළිබඳව කතා කරන්න ඉඩ තේරෙන්නේ නැහැ. හැබැයි අලුත් මුහුණු එකතු වෙන එක හොඳයි. මමත් අලුත් මුහුණක්. ලොකු කාලයක් නැහැ මමත් රංගනයට එකතු වෙලා. ක්ෂේත්රයට හොඳයි අලුත් මුහුණු එකතු වෙන එක. විවිධ චරිත කරන්න විවිධ අය ඉන්න ඕනේ. සමහර අය එකම චරිතයට කොටු වෙන අවස්ථා තියෙනවා. අනිත් චරිත කරන්න ඉන්න ඕනා. වැඩකට ඇති දේවල් කරන වැඩදායික අලුත් මුහුණු එකතු වෙන එක ක්ෂේත්රයට හොඳයි.
ක්ෂේත්රය එකතු වෙන අය මේ කලාවට ආදරෙයිද?
මම නවකයෙක්. මම ආදරෙයි. මම වගේම ගොඩක් පිරිසක් ඉන්නවා කලාවට ආදරය කරන. ක්ෂේත්රය ඕහේ එන කට්ටියත් ඇති. නැතුව නෙමෙයි. මම හිතනවා ක්ෂේත්රයට ආදරය කරන පිරිසක් ඉන්නවා මේ වෙන කොට.
අද කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?
කලාවට සම්බන්ධ වුණ එක හොඳයි කියලා හිතනවා. කලාවට සම්බන්ධ වෙන කොට මේ කලාව ගැන ආසාවක් තිබුණෙවත් නැහැ. දැන් ආසාවක් ආදරයක් මේ හැමදේම තියෙනවා. කලාවට ආපු එක හොඳයි කියලා හිතනවා. කලාවට එන්න හිතේවත් තිබුණෙ නැහැ.
කලාවේ ආරම්භය කොහොමද?
ITN අවුරුදු කුමාරි හිටියා. ඒකේ අන්තීම 12 දෙනාව ඉන්ටවිව් කරා එයාලාගේ නාට්‍යයක් සඳහා එතනින් තමයි මට අවස්ථාව ලැබෙන්නේ රංගනයට එකතු වෙන්න. මොකද ඒ දොලොස්දෙනාගෙන් අවස්ථාව ලැබුණේ මට. මාවයි තේරුනේ. එතනින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා මිසක් කලාවට එන්න හිතකවත් තිබුනේ නැහැ. නමුත් ඒ අවස්ථාවෙන් පස්සේ මේකට මම ආදරය කරන්න පටන් ගත්තා. මේක ගැන ඉගෙන ගත්තා. දැනටත් ඉගෙන ගන්නවා. එහෙම තමයි මේ ක්ෂේත්රය තුල දැන් ඉන්නේ.
අද වෙද්දී ලැබෙන රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?
ටෙලි නාට්‍යය කිහිපයක් ඔස්සේ මට රසික ජනතාව අතරට යන්න හැකියාව ලැබුණා. ඒ අයගෙන් ලැබෙන ආදරය ගැන, ක්ෂේත්රය තුළ මට ලැබෙන නිර්මාණ ගැන මම තෘප්තිමත්. රසික ආදරය නිසා තමයි හැම කලාකරුවාම පවතින්නේ. ඒ දේ ගැන මම සතුටු වෙනවා.
කැමතිම චරිතය මොකක්ද?
මම කැමතිම චරිතය තමයි මේ දවස්වල විකාශය වන ‘රන්බැඳි මිනිස්සු’ . ඒ නාට්‍යයයේ තේමාවට සහ මගේ චරිතයට මම කැමතියි. ඒ වගේම හිරු නාලිකාවේ විකාශය වුණා ‘සිද්ධාර්ථ ගෞතම්’ ඒකේ යශෝදරාගේ චරිතය කරන්න පුළුවන් වුණා. ඒක ගැන සතුටුයි. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. යශෝදරා කෙනෙක් ආයේ ටෙලි නාට්‍යය තුලින් බිහිවෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මම ඒ චරිතයට කැමතියි සහ ගොඩක් ගරු කරනවා. ‘රන්බැඳ මිනිස්සු’ නාට්‍යයෙත් මම කරලා නැති චරිතයක්. 1940 වගේ කාලයේ කතාවක්. අංගම්පොර තිබ්බා. මම සටන් ශිල්ප කැමති නිසා මම ඒ චරිතයට කැමතියි.
ඔබ අනුගමනය කරන හෝ කැමති ක්ෂේත්රය තුළ ප්‍රවීණයෙක් ඉන්නවාද?
මම හැම ප්‍රවීණ කෙනෙක්ටම කැමති. මම මුලින්ම වැඩ කරපු අය අතරින් ගත්තොත් බිමල් ජයකොඩි, නෙතලි නානායක්කාර මම ගොඩක්ම කැමතියි. ඒ දෙන්නගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගන්නේ. ඔවුන් දෙදෙනාත් මට ගොඩාක් දේවල් කියලා දුන්නා. මම වැඩ කරපු හැම ප්‍රවීණයන් එක්කම මම සහයෝගයෙන් වැඩ කලා. ඒ අය දන්න දේවල් මම දැන ගන්න ගොඩක් කැමතියි.
පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මුලින්ම තාත්තාගෙන් දරුණු ප්‍රතිචාර ලැබුණා. ඉගෙන ගන්න ඔය දේවල් එපා වගේ දරුණු ප්‍රතිචාර තමයි ලැබුණේ. හැබැයි දැන් මගේ ටෙලි නාට්‍යය විකාශය වෙලා නිසා, කොහේ හරි යද්දී කවුරුහරි ඇවිල්ලා කතා කරද්දී , ඒ ආදරය දැකලා තාත්තාත් දැන් කැමතියි වගෙයි. දැන් මුකුත් කියන්නෙත් නැහැ. මොකද ඉගෙන ගන්න එකත් මම සමබරව කරන නිසා පවුලේ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් දැන් ලැබෙනවා.
ජීවිතේට තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
මේ ක්ෂේත්රය පැත්තෙන් ගත්තොත් ‘හොඳම’ කියන දෙයට තමයි මගේ බලාපොරොත්තුව. කවදා හරි ‘හොඳම’ කියන තැන ගන්න තමයි බලාපොරොත්තුව. ඉගෙන ගන්න කටයුතු හරියාකාරව කරන්න ඕනා.
කලාවට එකතු නොවුනා නම් අද කවුරු වෙයිද?
ඇත්තටම මම මොනා කරයිද කියලා දන්නෙත් නැහැ. සමහර විට ක්‍රීඩාව පැත්තෙන් යයි. මම ක්‍රීඩාවට ගොඩක් කැමතියි. කරාටි, වොලිබෝල් මම උපරිමයෙන්ම කරා. ඒ දේවල් නතර වුණා කලාකටයුතු නිසා. අම්මගේ හීනයක් තිබ්බා Law කරන්න. ඒකත් මම නතර කලා. එක්කෝ Management පැත්තෙන් හරි Lawyer කෙනෙක් හරි, Sport පැත්තෙන් හරි ඉදිරියට ඇවිල්ල ඉඳියි.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha