මම ක්ෂේත්‍රයට එන්නේ ජාතික රූපවාහිනියේ ළමා පුවත් තුළින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-454

රූපවාහිනි නිවේදිකාවක් ලෙස වර්තමානයේ කටයුතු කරන අසංගිකා ශෙහාරි සමගින් "සාරවිට" අපි අද කතා බහ කළේමු. දැනට රූපවාහිනි නාලිකා කිහිපයකම විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන අසංගිකා කුඩා කාලයේ සිට නිවේදන වෘත්තියට ඇල්මක් දැක්වූ අයෙක්ද වෙයි. මේ අප ඇසු ප්‍රශ්නවලට ඇය දැක්වූ ප්‍රතිචාරයන්.

 

නිවේදිකාවක් වුණේ කොහොමද?

මම නිවෙදිකවක් විදියට මේ ක්ෂේත්‍රයට එන්නේ 2010 වසරේ. ඒ උසස් පෙළ කරන කාළේ්‍ ජාතික රූපවාහිනියේ ළමා පුවත් තුළින්. නමුත්, ලොකු කාලයක් ක්ෂෞත්‍රය තුළ වැඩ කරන් මට නොහැකි වුණා. මොකද, මගේ පෞද්ගලික හේතුවක් හින්දා. පස්සේ මම ආයෙත් 2017 වසරේදී නිවේදිකවක් විදියට පෞද්ගලික නාලිකාවකට සම්බන්ධ වුණා මගේ යාළුවෙකුගේ උදව්වෙන්. ඒ ආපු ගමන තමයි මේ ඉතින්.2019-09-19-ent-455

 

හීනයක් තිබුණද නිවේදන වෘත්තියට එන්න?

ඔව්, නිවේදිකවක් වෙන්න පුoචි කාලේ ඉදන් ආසාවක් තිබුණා. ඉස්සර මට මතකයි මම කණ්නාඩියක් ඉස්සරහට ගිහින් music program කරන විදිහට නිවේදන කටයුතු කරනවා. තනූජා අක්කා , නාරද අයියා ඒ දවස්වල අපේ හීනවල වීරයෝ කිව්වොත් හරි.

 

මොනවද ඔබ ඉදිරිපත් කරන වැඩසටහන්?

see tv, channel c නාලිකාවල morninga programs, entertainment program වල නිවේදිකවක් විදියට කටයුතු කරලා තියෙනවා. මම දැනට රිසිර tv නාලිකාවේ නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. ඒ අතර, විශ්ම කරුණු youtube channel එකෙත් නිවේදිකාවක් විදිහට වැඩ කරනවා.

 

ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න හැදෑරිම අත්‍යවශ්‍යයි. ඔබත් එහෙමද?

මෙහෙමයි, ක්ෂේත්‍රයක නියැළෙන්න හෑදෑරීම කරන එක හොදයි තමයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්, නමුත්, මම එහෙම හෑදෑරීමක් කරපු කෙනෙක් නෙවේ.

 

නිවේදිකාවක් නොවුණා නම් ඔබ?

නිවේදිකවක් නොවුණා නම්. හොඳ ප්‍රශ්නයක්. එහෙම නොවුණා නම් ඔහේ ගෙදරට වෙලා ඉන්න සාම්ප්‍රදායික ගැහැණු කෙනෙක් වෙන්න තිබුණා කියලා මම හිතනවා. කොහොම වුණත් ඒකට හරි උත්තරයක් දෙන්න අමාරුයි, මොකද කිව්වොත් මන් අ.පො.ස උසස් පෙළ ඉවර වුණ ගමන් රැකියවක නිරත වුණ කෙනෙක් නිසා.

 

උදව් කළ අය මතකද?

උදව් කරපු අය ගැන කියනවානම් මුලින්ම මගේ අම්මා, සෑමියා වගේම මගෙ යාළුවා මේ තුන්දෙනා විශේෂයි, ඊට පස්සේ තුශාන් කරුණාරත්න, කසුන් හේවාගම, තුසිත විමලසිරි. එතකොට, නයෝමි අක්කා, ඒ වගේම සම්පත් ප්‍රියන්ත, නිරෝෂා මෙන්ඩිස්, අසoග කරුනාරත්න, මේ වගේ ගොඩාක් අය ඉන්නවා, නොකියපු අය ගොඩක් ඉන්නවා ඉතින් මේ හැමෝටම ගොඩාක් ස්තූතියි.

 

බුද්ධික සේනාධීර