මම ක්ලැසික් වීඩියෝ පමණයි කරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-02

වෙළෙද දැන්වීම් ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දක්ෂ නිරූපිකාවකි. වෙනස් ආරක වටිනා කමක් ඇති මියුසික් වීඩියෝ ඔස්සේ ඇයව දැක බලා ගැනීමටද හැකියාව තිබේ. ඇය නමින් ඉනාමි අවන්ද්‍යා. ඇයගේ නිර්මාණ කටයුතු සහ මේ දිනවල සිදුවන කාර්යයන් පිළිබඳව කතා බහ කිරීමට අපත් සමග මෙලෙස එක් විය.

 

මේ දවස්වල ටිකක් නිහඬයි නේද?2019-05-23-ent-03

ඔව්, වෙළෙඳ දැන්වීම් නම් අලුතින් මුකුත් කලේ නැහැ. මියුසික් වීඩියෝවක් නම් ළඟදී එළිදැක්වූවා. ඒක ‘අවතැන් හදෙහි’ කියලා වීඩියෝවක්. සුපර් ස්ටාර් ගායක හර්ෂ විතානගේ ගීතයක්. තව එළිදක්වන්න මියුසික් වීඩියෝ එකක් තියෙනවා. මේ දවස් ටිකේ වැඩියෙන්ම තියෙන්නේ ෆොටෝ ෂූට්ස්. ඊට අමතරව නාට්‍යය දෙක තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන හිතලා බලලා තමයි තීරණය කරන්නේ. ඒ දේවල් එක පාර බාර ගන්නේ නැහැ. මොකද නාට්‍යය වලට වැඩි කැමැත්කත් නැති නිසා. මේ දවස්වල ඉන්ස්ටග්‍රෑම් එකේ තමයි ගොඩක් වැඩ වෙන්නේ. ඉන්ස්ටග්‍රෑමස්ලා විදිහට මම දැන් කටයුතු කරනවා. ආයතනය එක්ක ඒ අයගේ නිෂ්පාදනය ප්‍රචාරය කරන ඒවා වගේ දේවල් තමයි මේ දවස්වල වැඩිපුරම වෙන්නේ.

 

දැනට නිරූපනයට ඇවිත් කොච්චර කල් වෙනවාද?

2015 වගේ තමයි මම ක්ෂේත්‍රයට ආවේ.

 

අමුතු ඝණයේ මියුසික් වීඩියෝ වලින් පමණක් දකින්නේ ඇයි?

මම ක්ලැසික් වීඩියෝ පමණයි කරන්නේ. මුලින්ම සිංදුව අහලා බලලා, ස්ක්‍රිප්ට් බලලා වෙනමම වෙනස් දෙයක් විතරයි නම් බාර ගන්නේ. මල් සිංදු කියන්නේ ඒවගේ ඒවා මං කරන්නේ නැහැ. අද වෙනකම් කරලත් නැහැ. ක්ලැයිස්ක් ටයිප් වීඩියෝ විතරමයි මම කරන්නේ. ඒවට විතරයි මම කැමති.

 

ඔබව සංකේතාත්මක චරිතයක් වෙන්නේ අතලොස්සක් නිර්මාණ වලින් දකින නිසාද?

ඔව්, අනිවාර්යෙන්ම. ගොඩක් වෙලාවට මම මගේ නිර්මාණ සීමා කරලා තියෙන්නේ.

 

මෙවැනි චරිතයක් ලෙස කතාබහට ලක් වන්න ලේසිද?

හරි අමාරුයි. තෝරගෙන බේරගෙන වැඩ කරන එකයි ඒ දෙයට මූලික කියලයි මම හිතන්නේ. හැම නිරූපිකාවක් වගේම මට හැම වැඩම කරන්න ඕනේ කියන තැන මම නැහැ. මට එන වැඩේ හොඳ නම් විතරයි බාර ගන්නේ. මම මේ ක්ෂේත්‍රය රැකියාවක් විදිහට තමයි කරන්නේ. ඒ වුණාට එන හැම එකම කරන්න මම කැමති නැහැ. මගේ තියෙනවා එක ආරයක්. ඒවා විතරයි කරන්නේ. අනිත් ඒවට කොච්චර මුදල් දෙන්නම් කිව්වත්, මල් සිංදුවක් දීලා ලොකු මෙච්චර ගාණක් දෙන්නම් කිව්වත් ඒ මියුසික් වීඩියෝවට මම යන්නේ නැහැ.

 

මේ තෝරා බේරා ගැනීම නිසාද බොහෝ ආයතන ඔබට ආරාධනා කරන්නේ?

ඔව්,  අනිවාර්යෙන්ම. අනිත් එක මම හැසිරෙන විදිහය. මම අනිත් අයත් එක්ක තියෙන Combination එක. මම අනිත් අයට ගෞරව කරනවා. ඒවගේම තමයි මම වෙලාවට වැඩ කරනවා. ඒ නිසා මට ආයතනව වල Clients ලා කැමතියි කියලා හිතනවා.

 

වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන තත්ත්වය නිසා කළකිරීමක් ඇති වෙන්නේ නැද්ද?

මට කළකිරීමක් ඇති වෙන්නේ දැන් තියෙන පැජන්ට් නිසා. බාල පැජන්ට් නිසා තමයි නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන තත්ත්වය පහලට වැටෙන්නේ. අද වෙනකම් මම කිසිම පැජන්ට් එකකටවත් දායක වෙලා නැහැ. ඒ නිසා ඒ ගැන මම සතුටු වෙනවා. ඉන්න තත්ත්වෙ තියාගෙන ඉන්න එක හොඳයි කියලා හිතෙනවා අර වගේ පැජන්ට් වලට ගිහින් නාස්ති වෙනවාට වඩා. ඒක තමයි තියෙන එකම කළකිරීම. ක්ෂේත්‍රය පැත්තෙන් නම් ලොකු හානියක් දකින්නේ නැහැ. ඒ අය හොඳට වැඩ කරගෙන යනවා. පැජන්ට් වලට ගිහින් එන අය නිසා තමයි ක්ෂේත්‍රය අවුල් වෙනවා නම් වෙන්නේ.

 

කවුරු මොනදේ කරත් නිරූපණ ක්ෂේත්‍රයටයි බොහෝ දෙනා චෝදනාව එල්ල කරන්නේ?

ඔව්, මුළු ක්ෂේත්‍රයටම තමයි චෝදනා කරන්නේ. ඒක ඇත්ත. නමුත් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපිත් කරන්නේ රැකියාවක්. පැජන්ට් වලට අය නිරූපණය ක්ෂේත්‍රයට එන්නේ විනෝදාංශයක් විදිහටයි. වෘත්තීයක් විදිහට කරන්න නෙමෙයි. අපි යම් කිසි වැඩක් සඳහා ඉල්ලන ගණන් වලින් තුන්කාලක්වත් ඒ අය අයකරන්නේ නැහැ. වෙළෙඳ දැන්වීම වලට අද කතා කරද්දී, අපි මුල් කාලයේදී ගත්ත ගාණටත් වඩා අඩුවෙන් තමයි අද ඒ සඳහා කතා කරන්නේ. කතා කරාම හිනා යනවා. රු. 25,000 ට 30,000 වගේ මුදලකට තමයි අපිට වෙළෙඳ දැන්වීම් වලට කතා කරන්නේ. එහෙම වෙලා තියෙන්නේ අර වගේ අය නිසයි. අපිට කතා කරලා අපි බෑ කියපු ගමන් මොකක් හරි පැජන්ට් එකකට ඇවිල්ලා මොකක් හරි Title එකක් ගත්ත කෙනෙක්ට අඩුවට කතා කරනවා. ඒ අයත් කැමති වෙනවා. ඒ නිසා තමයි ක්ෂේත්‍රයට මෙවැනි තත්ත්වයක් වෙලා තියෙන්නේ. මම දැනට ක්ෂේත්‍රය ඇවිල්ලා අවුරුදු 4ක් විතර වෙනවානේ. හැබැයි මම දැකලා නැහැ වෙළෙඳ දැන්වීමට හොඳ කෙනෙත්වත් දායක වෙලා තියෙනවා. ඒ දේවල් වලට ඉන්නේ අර වගේ පැජන්ට් වලට ගිහින් දිනපු අයයි, ටික්ටොක් කරන අයයි විතරයි.

 

පැජන්ට් වලට වඩා ටික්ටොක් කරන අයට තැනක් තියෙනවාද?

ඔව්. ටික්ටොක් කරන අයට ක්ෂේත්‍රය තුළ තැනක් තියෙනවා. ඒ ළමයින්ට රඟපාන්න පුළුවන්නේ. ඒ අයට ඒවගේ දෙයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ අයට තියෙන වෙනමම දක්ෂතාවක්. ඒ අය ඉස්සරහට ගියාට ක්ෂේත්‍රය අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. පැජන්ට් වලට ගිහින් එන අය නිසා තමයි ක්ෂේත්‍රයට හානි වෙනවා නම් හානි වෙන්නේ. ඒ අයට මේ ගැන කිසිම අදහසක්වත් නැහැ.

 

මේ කාරණා නිසා පවුලෙන් තහංචි නැද්ද?

දැනට නම් නැහැ. මගේ තාත්තා තමයි ගොඩක් ආසාවෙන් හිටියේ මම මෙහෙම ක්ෂේත්‍රයට එනවාට. නමුත් එයා නැතිවුණා. නිරූපණ ශිල්පිනියක් වුණ එකට එයා හරිම සතුටෙන් හිටියේ. දැනට නම් අම්මයි, අයියයි විතරයි ඉන්නේ. මං කරන්නේ මොනවාද, මොන වගේ වැඩද කරන්නේ කියලා හැමතිස්සෙම අයියයි අම්මයි බලනවා. ඒ ගොල්ලන් අවබෝධයෙන් ඉන්න නිසා ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අය දකිනවා වෙනස. මම කරන වැඩ වලයි, අනිත් අය කරන වැඩ වලයි වෙනස දකින නිසා ඒගොල්ලෝ මොකුත් කියන්නේ නැහැ. එහෙම නොදැන ඉන්න අනිත් ළමයින්ගේ දෙමාපියන් අනිවාර්යෙන්ම කියනා ඇති මේ දෙවල් නවත්වන්න කියලා.

 

ටෙලි නිර්මාණ සඳහා බොහෝ ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කරනවා නේද?

ඔව් හැබැයි. මම මුලින්ම ක්ෂේත්‍රය ආවේ නිරූපණ ශිල්පිනියක් විදිහටයි. ඒකෙන් මම රංගන ශිල්පිනියක් වුණොත් මට කතාවක් හැදෙනවා නිරූපණ ක්ෂේත්‍රයේ මට වැඩ අඩු වෙලා නිසා රංගන ක්ෂේත්‍රයට ගියා කියන එක කියයි. නිරූපණය කරන අය වැඩ නැති උනාම් රඟපාන්න යනවා කියන එක සාමාන්‍යයෙන් හැමෝටම හැදෙන කතාවක්. අනිත් එක තමයි මම හරි නිදහසේ, ආසාවෙන් තමයි මගේ මේ රැකියාව කරන්නේ. මම නාට්‍යය කරපු ගොඩක් අයගෙන් ඇහැව්වාම ඒ අය කිව්වේ, නාට්‍යය කරද්දී ඒ අය කිව්වා ඔළුවට බරක්, කට්ටක් කන්න තියෙනවා වගේ දේවල්. ඉතිං ඒක නිසා මට තාම නාට්‍යය බාර ගන්න අමාරුයි. මට එහෙම ලොකු කැමැත්තක් නැහැ. අම්මා හරි කැමතියි මම ටෙලි නාට්‍යයක රඟපානවා නම් ඒ නිසා චිත්‍රපටයක් ප්‍රධාන චරිතයක් වගේ ලැබුණොත් මම හරි කැමතියි. මගේ උසේ ප්‍රශ්නයක් නිසා තමයි චිත්‍රපට එන්නේ නැත්තේ. ටෙලි නාට්‍යය වල නම් නාට්‍යය තුනක ප්‍රධාන චරිතයට කතා කරලා තියෙනවා. අනික මගේ තාත්තා නැති වෙලා මාස තුනයි. ගෙදර වැඩ නිසා රූගත කිරීම් වලට යන්න අමාරුයි. ඒ නිසා මේ දේවල් ඉවර වුණායින් පස්සේ ඒ ගැන හිතනවා කියල තමයි හිතන් ඉන්නේ.

 

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?

එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. හදිස්සියේම තිබ්බ බලාපොරොත්තුත් ඔක්කෝම තැන වුණා. ඒක නිසා බලාපොරොත්තුවක් ගොඩ නගා ගන්න ඕනා. ක්ෂේත්‍රයේ අවුරුද්දක් දෙකක් වගේ ඉන්න තමයි බලාපොරොත්තුව. එහෙම ලොකු සැලැස්මක් නැහැ. එන දෙයට මූණ දෙන්න බලාගෙන ඉන්නවා.

 

ඇයි ජීවිතේ බලාපොරොත්තු නැතිවුණා කියන්නේ?

තාත්තාගේ නැති වීමත් එක්ක හැමදේම නැතිවුණා. හිතා ගන්න බැරි විදිහට එයා නැතිවුණා. තාමත් හිතා ගන්න බෑ ඒ දේවල් ගැන.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-05-23-ent-01