මම කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201215Hot (4)

ක්‍රමයෙන් නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගනිමින් ඉදිරියට එන යොවුන් නිරූපණ ශිල්පිණියක් වන තරුෂි නවෝද්‍යා නිශ්ශංක සමගින් අද ‘සාරවිට’ අපි කතා බහා කළේමු. රංගනයට එක්වීමටද දැඩි කැමැත්තක් දක්වන ඇය ඉදිරියේදී විවිධ කලා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමටද සූදානමින් සිටියි.

නිරූපන ක්ෂෙත්‍රයට ඔබගේ පැමිණිම සිදුවුණේ කොහොමද?

ප්‍රවිණ රූපලාවණ්‍ය ශිල්පිනී ඉන්දුමාලා රාජපක්ෂ මහත්මිය විසින් 2018 වසරේ සංවිධානය කළ අවුරුදු කුමරිය තරගය අවසන් වටයට මම සුදුසුකම් ලැබුවා. ඒ වගේම රූපවාහිනී නාළිකාවල පැවැති අවුරුදු කුමරිය තරගාවලිවල කිහිපයකම මූලික තරග වටවලටත් මම සහභාගී වුණා. පසුව 2020 වසරේ Next Event Entertainment ආයතනය විසින් සංවිධානය කළ අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලියෙත් මම අවසන් වටය තෙක් සහභාගි වුණා. එහිදී පුහුණු වීම් සිදුකළේ නිරූපණ සහ රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කිහිප දෙනෙක්.ඔය හරහා ලැබුණ දැනහැදුනුම්කම් හරහා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. බ්‍රයිඩ්ල් මොඩලින් වලට මම ගොඩක් ආසයි. නිරූපණයට සම්බන්ධ වෙන්න මු මුල් වුණේ ඒ කැමැත්ත නිසා. ඊට පස්සේ  කාන්තා පුවත්පත් වල විලාසිතා අතිරේකය සඳහා මට ආරාධනා ලැබුණා.

ඕනෑම ක්ෂේත්‍රයක නියැළෙන්න හැදෑරිමක් අවශ්‍යයි නේද?

ඔව්, ඇත්තටම හැදෑරිමක් අවශ්‍යයි. ඒ නිසාම තමයි මම දැන් ඒ පිළිබඳව ඉගෙන ගනිමින් ඉන්නේ. ඕනෑම ක්ෂේත්‍රයකට යොමු වෙද්දි ඒ පිළිබඳව හැදෑරීමක් කරලා සම්බන්ධ වෙන එකනේ හොඳ.  එක යොමු වෙන ක්ෂේත්‍රයට වුණත් කරන ගෞරවයක් කියලයි මම  හිතන්නේ.

නිරූපනයට වඩා ඔබගේ කැමත්ත තියෙන්නේ රංගනයට කිව්වොත් හරි?

නිරූපණයට වගේම මම රංගනයටත් එක සමානව ගොඩක් කැමැතියි. ඒ නිසා දැනට මම සද්ධා මංගල සූරියබණ්ඩාර සර් යටතේ රංගනය පිළීබඳව හදාරමින් සිටිනවා. ඉදිරියේදී තවත් ඒ සම්බන්ධව තවත් පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

රංගනයට යොමු වෙන්නේ අවස්ථාවක් තවමත් ලැබිලා නැද්ද ඒ කියන්නේ?

රංගනයට යොමු වෙන්න අවස්ථා කිහිපයක්ම ලැබිලා තියෙනවා. කොවිඩ් වසංගතය නිසා රටේ තිබුණු තත්ත්වය එක්ක ඒ දේවල් ටික දවසකට කල් ගියා. අග්නි පියාපත් ටෙලිනාට්‍යය වෙනුවෙනුත් වෙනත් නාලිකාවක තවත් ටෙලිනාට්‍ය දෙකකටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියනවා.

කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?

මම හිතනවා කලාවට සම්බන්ධ වෙන්න මම ගොඩක් වාසනාවන්ත වුණා කියලා. කොටින්ම කිව්වොත් මම කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්.

නිරූපිකාවකට, රංගන ශිල්පිනියකට අද සමාජය තුළ තියෙන්නේ අඩු පිළිගැනීමක් නේද?

සමහර විට එහෙම අවස්ථා තියෙනවා. ඒකට හේතුව විදිහට මම දකින්නේ ක්ෂේත්‍රයේ ගෞරවයට හානි කරන අය නිසා වෙන්න ඇති. හැබැයි මම හිතන්නෙ මේ ක්ෂේත්‍ර දෙක තුළම හොඳ පිළිගැනීමක් ක්ෂේත්‍රය තුළ හොඳින් කටයුතු කරන අයට ලැබෙනවා.

නිරූපනය, රංගනය කියන දේ වෘත්තියක් විදිහටද ඔබ කරන්නේ?

මම මගේ අධ්‍යාපන කටයුතු අතරතුර තමා මේ ක්ෂේත්‍ර තුළ නියැළිලා ඉන්නේ. බලමු ඉදිරියට. ඉගෙන ගත්ත දෙයින් යමක් තෝර ගන්නත් පුළුවන් මම.

උදව් කරපු අය?

මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් විශේෂයි. ඒ වගේම මම නියෝජනය කරපු තරගාවලිවල සංවිධායක මණ්ඩල. පුහුණුවීම් කරපු ගුරුභවතුන්. මගේ රංගන පාඨමාලාවල ගුරුවරුන්. ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්. ඒ හැම දෙනාවම ආදරයෙන් මතක් කරනවා.

බුද්ධික සේනාධීර

20201215Hot (1) 20201215Hot (2) 20201215Hot (3)