මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්
මේ වසරේ පැවති ‘හිරු’ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනූ ගීත්මා බණ්ඩාර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙළෙස දිග හැරියේමු. රංගන ශිල්පිණියක් ලෙස දිගු ගමනක් යන්නට උත්සාහ කරන ගීත්මා මේ වනවිටද කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබා දී තිබේ.
ක්ෂේත්රයට ඔබ පිවිසෙන්න ‘හිරු’ අවුරුදු කුමරිය හරහා?
ඔව්, මේ වසරේ තිබුණ ‘හිරු’ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා එහි දෙවැනි තැනට මාව තේරුණා. ඒ හරහා තමයි මට කලාවට එකතු වෙන්න වාසනාව ලැබුණේ.
ඔබ දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?
‘හිරු’ අවුරුදු කුමරිය වෙන්න කළින් ඉඳලම මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ‘හිරු’ අවුරුදු කුමරිය තරගයෙන් පසුව ‘හිරු’ රූපවාහිනි නාළිකාවෙ මේ වනවිට විකාශනය වෙන ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායක වෙනවා. ඉදිරියේදි ප්‍රදර්ශනය වෙන්න නියමිත සිනමා නිර්මාණ කිහිපයකටත් මම දායකත්වය ලබා දෙන්න දැනට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නිළියක් වෙන්න පුංචි කාලේ හීනයක් ඔබට තිබුණද?
මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. පුංචි කාලෙ ඉඳලා මගේ හීනය වුණේ නිළියක් වෙන්න. ඒත්, ඒ වෘත්තියට මාව ගැළපෙයිද කියලා බයකුත් මට තිබුණා. මොකද, කොච්චර ආස වුණත් වැඩක් නැහැ ඒ කලාවේ රැඳිල ඉන්න තරම් දක්ෂතාවයක් නැතිනම්. ඒත්, අද වනවිට මට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයින්ගේ ආදරණිය චරිතයක් වන්නත් මට අද වෙන කොට හැකි වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි මට ඒ ගැන.
කලාව පැත්තෙන් ඔබට තියෙන ඉලක්ක මොනවද?
මේ ආපු ගමන හරීම කෙටියි. මට තව ඉගෙනගන්න දේවල් හුගාක් තියෙනව. ඒකට මට ප්රවීණයන්ගේ නොමද සහයෝගය ලැබෙනවා. ක්ෂේත්රය තුළ තමාගේ ප්‍රතිරූපය ගොඩනගා ගත යුත්තේ තමාමයි. මේ ක්ෂේත්රයට මම ගොඩක් ආසයි. ඒ හින්දා දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් විදිහට මේ ක්ෂේත්රය තුළින් ඉදිරියට යන්න තමයි අදහස.
සිනමාවට ඔබෙන් ලැබෙන දායකත්වය?
දැනට චිත්‍රපට කිහිපයක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. සමහරක් ඒවා තවමත් සාකච්ඡා මට්ටමින් තියෙනවා. හොඳයි කියලා හිතෙන නිර්මාණවලට මම දායක වෙනවා. මම හිතනවා පුංචි තිරේට වඩා සිනමා නිර්මාණ හරහා විශාල රසික පිරිසක් මට එකතු වේවි කියලා.
උදව් කරපු අය ගැන කිව්වොත්?
මේ ගමනේ මට උදව් කරපු අය බොහෝමයි මගේ අම්මා තමයි මගේ හැම දේකම ශක්තිය වුණේ. ඒ වගේම ‘හිරු’ රූපවාහිනි නාළිකාවේ මට උදව් කරපු වචනෙකින් පවා මාව දිරිමත් කරපු මට ශක්තියක් වුණ හැම දෙනාටම මගේ ස්තුතිය පිරිනැමෙන්න ඕනා.
බුද්ධික සේනාධීර